News Category
From Date
To Date
Maximum Number of Result

සමාජය බිදවට්ටවා බෞද්ධ සභ්‍යත්වය විනාශ කරන 'හරිනිලාගේ ව්‍යාපෘතිය' සම්බන්ධයෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් න්‍යායාත්මක විග්‍රහයක්

Aug 25, 2026 at 12:18 PM
|

මෙරට ජනතාව විශ්වාස කරන ඉතිහාසයේ මහා චරිත සහ දාර්ශනික පදනම් බිඳවැටීමෙන් සමස්ත සමාජයම බිඳ වැටෙන බවත්, බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනාය යන සංකල්පය ගෙනෙන්නේ ද මෙම බිඳවැට්ටවීම සඳහා බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

වර්තමාන ආණ්ඩුව දෙස බැලීමේ දී පැරණි ජවිපෙට යම් ගුණාංග ටිකක් තිබුනද මේ ආණ්ඩුව ලවාම ඒ සියල්ල විනාශකළ පසු එයද දෘෂ්ඨිමය බිඳවැට්ටවීමක් බවද ඒ මහතා පවසයි.

මේ රටේ මිනිසුන්ට ඉතා දියුණු සභ්‍යත්වයක් දියුණු භාෂාවක් සහ සංස්කෘතියක් ඇති බවත් පවසන ඒ මහතා, මෙය වෙනස් කිරීමට මේ සියල්ල බිඳවට්ටන මිනිසෙකු නිර්මාණය කර රට යටත් කරගැනීමේ සූක්ෂම මෙහෙයුමක් ක්‍රියාත්මක කළයුතු බවත්, අද සිදුවන්නේ ද මෙම ක්‍රියාවලිය බවත් හෙළිදරව් කරයි.

වර්තමාන සමාජීය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වන "හරිනිලාගේ ව්‍යාපෘතිය" පිටුපස ඇති සැඟවුනු කතාව පිළිබඳව ද විශේෂ න්‍යායාත්මක විග්‍රහයක් සිදුකරන ඒ මහතා, අදාළ ක්‍රියාවලිය ඔස්සේ මෙරට සමාජ පද්ධතිය බිඳවැටීමට ලක්වන ආකාරය සහ දේශීය බෞද්ධ සභ්‍යත්වයට සිදුවන බලපෑම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..


සම්බන්ධිත පුවත් | Related News

ජෙනරල් සුරේෂ් සලේ මහත.ා දින 90 බැගින් මාස 6ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ජනිධිපතිවරයා විසින් නිකුත් කළ රඳවා ගැනීමේ නියෝගය නැවත දින 90ක් දීර්ඝ කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ඉකුත් රජය සමයේ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියකට අදාලව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුලු සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් 4 යළි කැදවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (25) දින නියම කළේය.
වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා උතුම් බුද්ධිමත් නායකයෙක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබියදී, ඔහු රජයේ රෝහලකට ඇතුළත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ෂෙබාස් ෂරීෆ්ගේ රජයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් ගොනු කිරීමට ඔහුගේ පක්ෂය පියවර ගෙන තිබේ.
මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේෂණය සම්බන්ධයෙන් රජයේ වර්තමාන ස්ථාවරය සහ අතීතයේ දැක්වූ අදහස් පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු පැහැදිලි කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය සම්මත වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා බවට පත්වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු පවසයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම්වලට විරුද්ධව කරුණු දැක්වීම සඳහා ජාතික ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කර තිබේ.
යුක්‍රේන යුද බිමේ පසුගියදා සිදුවූ රුසියානු හයිපර්සොනික් මිසයිල ප්‍රහාරය සරල මිලිටරි මෙහෙයුමක් නොව, මුළු මහත් යුරෝපයටම සහ නේටෝ සංවිධානයට එල්ල කළ බරපතල දේශපාලනික හා ආරක්ෂක පණිවිඩයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය වන්නේ සත්‍ය ගවේෂණය කිරීම නොව, නීතියෙන් පිළිගත් අධිකරණමය විනිශ්චයකරණය (Judicial Adjudication) බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ජනාධිපතිවරයා ජෙනරල් සුරේෂ් සලේට නැවත දින 90ක රැඳවුම් නියෝග නිකුත් කිරීම මගින් රහස් පොලිස් ප්‍රධානියාගේ දුප්පත්කම රටට ප්‍රදර්ශනය කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ජෙනරල් සුරේෂ් සලේ මහත.ා දින 90 බැගින් මාස 6ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ජනිධිපතිවරයා විසින් නිකුත් කළ රඳවා ගැනීමේ නියෝගය නැවත දින 90ක් දීර්ඝ කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය සම්මත වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා බවට පත්වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු පවසයි.

යුක්‍රේනයට එල්ල වූ රුසියානු හයිපර්සොනික් ප්‍රහාරය යුරෝපයට දුන් පණිවිඩයක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යුක්‍රේන යුද බිමේ පසුගියදා සිදුවූ රුසියානු හයිපර්සොනික් මිසයිල ප්‍රහාරය සරල මිලිටරි මෙහෙයුමක් නොව, මුළු මහත් යුරෝපයටම සහ නේටෝ සංවිධානයට එල්ල කළ බරපතල දේශපාලනික හා ආරක්ෂක පණිවිඩයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය කුමක්ද?.. – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පහදයි..

විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය වන්නේ සත්‍ය ගවේෂණය කිරීම නොව, නීතියෙන් පිළිගත් අධිකරණමය විනිශ්චයකරණය (Judicial Adjudication) බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.

සමාජය බිදවට්ටවා බෞද්ධ සභ්‍යත්වය විනාශ කරන 'හරිනිලාගේ ව්‍යාපෘතිය' සම්බන්ධයෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් න්‍යායාත්මක විග්‍රහයක්

මෙරට ජනතාව විශ්වාස කරන ඉතිහාසයේ මහා චරිත සහ දාර්ශනික පදනම් බිඳවැටීමෙන් සමස්ත සමාජයම බිඳ වැටෙන බවත්, බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනාය යන සංකල්පය ගෙනෙන්නේ ද මෙම බිඳවැට්ටවීම සඳහා බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේනය 35 වැනි නිදහස් සංවත්සරයට සැරසෙද්දී දැවැන්ත අර්බුද රැසක: ආර්ථිකය, ජනගහනය සහ ආරක්ෂාව දරුණු ලෙස කඩා වැටේ..

අගෝස්තු 24 වන දිනට යෙදෙන සිය 35 වැනි නිදහස් සංවත්සරය සැමරීමට යුක්රේනය සූදානම් වන්නේ සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු එරට මුහුණ දෙන වඩාත්ම අවදානම්කාරී සහ අභියෝගාත්මක අවස්ථාවකට ළඟා වෙමිනි. බටහිර රටවල් විසින් ප්‍රචාරය කෙරෙන පින්තූරයට වඩා වෙනස්ව, යුක්රේනය වර්තමානයේ ආර්ථික, ජනගහන සහ යුද පෙරමුණ යන සෑම අංශයකින්ම බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

විනිසුරු වයස දීර්ඝ කිරීමෙන් නඩු කටයුතු වේගවත් වෙනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.. - ජනාධිපති නීතිඥ සාලිය පීරිස් 22 ගැන දැඩි ස්ථාවරයක

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොකළ යුතු සංශෝධනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (24) දින නියම කළේය.

කැනඩාව 'චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්' දියත් කරයි.. - ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය

වොෂින්ටනයේ තීරුබදු තර්ජනය හමුවේ කැනඩාව "චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්" දියත් කර ඇත. එනම් තීරණාත්මකව හා සමානුපාතිකව ප්‍රතිචාර දැක්වීම; ස්වෛරීභාවය පිළිබඳ කිසිදු සම්මුතියකට නොපැමිණීම; සහ නීති රීති හා නීත්‍යානුකූල පියවරයන් වෙත යොමු වීමයි. ඇමරිකාවේ සමීපතම හිටපු මිත්‍රයෙකු වන කැනඩාවේ මෙම පියවරෙන් පැහැදිලි වන්නේ එක් දෙයකි. නීති රීති මත තනි අයිතිය පවත්වාගෙන යාමට හෝ අන් අයගේ අනාගතය තීරණය කිරීමට කිසිදු රටකට විශේෂ වරප්‍රසාදයක් නොමැත.

වියට්නාමයට 81යි: නිදහස සඳහා වූ අරගලයේ සිට ලෝකය තුළ විශ්වාසයෙන් නැගී සිටින ජාතියක් දක්වා

2026 සැප්තැම්බර් 2 වැනිදා සමාජවාදී වියට්නාම් ජනරජයේ ජාතික දිනයේ 81 වැනි සංවත්සරය සනිටුහන් කරයි. 1945 වසරේ වියට්නාම නිදහස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එරට ඉතිහාසයේ නව යුගයක් ආරම්භ වූ ඓතිහාසික අවස්ථාව මෙම දිනය මගින් සිහිපත් කෙරේ.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිටුපස බරපතළ කුමන්ත්‍රණ දෙකක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්

හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට පිටුපස රට බෙදීමේ සහ ඉස්ලාම් අන්තවාදය ආරක්ෂා කිරීමේ බරපතළ කුමන්ත්‍රණ දෙකක් ක්‍රියාත්මක වන බවත්, ඒ පිළිබඳව වෙනම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තනෝමතිකව.. කිසිදු වාර්තාවක හෝ සාක්ෂියක ඔහුගේ නම නෑ.. – නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයන් රැසක්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජෙනරාල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්පූර්ණයෙන්ම අසාධාරණ බවත්, ඒ සඳහා කිසිදු නෛතික හෝ සාක්ෂිමය පදනමක් නොමැති බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පැවසීය.

සුරේෂ් සලේව මාස 6ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටීම නීති විරෝධීයි.. - මේජර් අජිත් ප්‍රසන්න

මේජර් ජෙනරල් සලේව මාස 6ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටීම නීති විරෝධී බව මවිබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න ප්‍රකාශ කරයි.

සලේට හානියක් වුණොත් ජනපති ප්‍රමුඛ ආණ්ඩුව එයට වගකිවයුතුයි.. - ජාතික සංවිධාන එකමුතුව

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට තුන්වැනි වරටත් රැඳවුම් නියෝග ලබානොදී වහාම අධිකරණයට ඉදිරිපත්කරන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාට අවධාරණය කරයි.

පළාත් සභාවලට අධිකරණ බලය?.. - 22 සංශෝධනයේ සැඟවුනු කතාව එළියට..

හිරු සලකුණ වැඩසටහනේදී එම වැඩසටහනට පැමිණි නීතිඥවරුන් විසින් 22 සංශෝධනය පිටුපස ඇති සැඟවුණු කරුණු රැසක් හෙළිදරව් කර ඇති අතර, 22 සංශෝධනයෙන් ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවීම මගින් රටේ ඒකීය භාවයට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බවට ද එහිදී කරුණු අනාවරණය කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.