News Category
From Date
To Date
Maximum Number of Result

විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය කුමක්ද?.. – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පහදයි..

Aug 26, 2026 at 05:51 AM
|

විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය වන්නේ සත්‍ය ගවේෂණය කිරීම නොව, නීතියෙන් පිළිගත් අධිකරණමය විනිශ්චයකරණය (Judicial Adjudication) බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.

මෙහිදී, විනිසුරුවරයා සහ විමර්ශන නිලධාරියා අතර පවතින වෙනස පිළිබඳව ඔහු මෙහිදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේය.

අපරාධයක් සිදු වූයේ කෙසේද සහ එය කළේ කවුද යන්න විමර්ශනය කර සත්‍යය සොයා ගැනීම විමර්ශන නිලධාරියාගේ වගකීම වුවද, විනිසුරුවරයාගේ කාර්යය වන්නේ දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලබන සාක්ෂි පදනම් කරගෙන නීතිමය යාන්ත්‍රණයක් තුළ විනිශ්චයකට එළඹීම බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී, විනිශ්චයන් වර්ග තුනක් පිළිබඳව ද විනිසුරුවරයා අදහස් දැක්වූ අතර, එනම් මහජන විනිශ්චය, අධිකරණ විනිශ්චය සහ ස්වභාවධර්මයේ විනිශ්චය පිලිබඳවයි.

ඇතැම් අවස්ථාවලදී ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වන තොරතුරු මත පදනම්ව මහජනතාව යම් සිදුවීමක් පිළිබඳව නිගමනයකට එළඹෙන බවත්, අධිකරණයේදී සාක්ෂි මත ලබාදෙන තීන්දුව එම මහජන මතයට වඩා වෙනස් වූ විට විනිසුරුවන් විවේචනයට ලක්වන බවත් ඔහු සඳහන් කළේය.

යසන්ත කෝදාගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ , ලෝකයේ ශිෂ්ට සම්පන්න සෑම රටකම විනිසුරුවරයාගේ කාර්යභාරය වන්නේ සාක්ෂි මත පදනම්ව නීතිමය විනිශ්චයකට එළඹීම මිස විමර්ශන නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම නොවන බවය.

සම්බන්ධිත පුවත් | Related News

වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා උතුම් බුද්ධිමත් නායකයෙක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබියදී, ඔහු රජයේ රෝහලකට ඇතුළත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ෂෙබාස් ෂරීෆ්ගේ රජයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් ගොනු කිරීමට ඔහුගේ පක්ෂය පියවර ගෙන තිබේ.
මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේෂණය සම්බන්ධයෙන් රජයේ වර්තමාන ස්ථාවරය සහ අතීතයේ දැක්වූ අදහස් පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු පැහැදිලි කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය සම්මත වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා බවට පත්වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු පවසයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම්වලට විරුද්ධව කරුණු දැක්වීම සඳහා ජාතික ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සමක් ගොනු කර තිබේ.
යුක්‍රේන යුද බිමේ පසුගියදා සිදුවූ රුසියානු හයිපර්සොනික් මිසයිල ප්‍රහාරය සරල මිලිටරි මෙහෙයුමක් නොව, මුළු මහත් යුරෝපයටම සහ නේටෝ සංවිධානයට එල්ල කළ බරපතල දේශපාලනික හා ආරක්ෂක පණිවිඩයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය විමර්ශනයක් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
දිට්වා හදිසි ආපදා තත්වයන්ට මුහුණ දුන් පවුල් සදහා නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ ප්‍රමුඛතාවය ලබාදෙමින් යුද සමයේ සෙන්චෝලේ ඛේදවාචකයට මුහුණ දුන් පුද්ගලයින් 18 දෙනෙකුට සහ අතුරුදහන් වු පවුල් 3 ක් වෙනුවෙන් නිවාස ඉදි කර ගැනීමට රුපියල් ලක්ෂ 50 ක මුදලක් සහ අක්කර භාගයක ඉඩමක් ලබාදීමට රජය කටයුතු කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කැබිනට් මණ්ඩලය අහෝසි කර වෙනත් පනතක් ගෙන එනවා නම්, සුරේෂ් සලේගේ මෙම මස 28 වැනිදා අවසන් වන දින 180 රැඳවුම් නියෝගය තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සුදුසු නැති බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (25) පැවසීය.

ප්‍රධාන පුවත්

22 සංශෝධනයේ පළමු ප්‍රතිලාභියා අගවිනිසුරු.. – ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය සම්මත වුවහොත් එහි පළමු ප්‍රතිලාභියා බවට පත්වන්නේ වත්මන් අගවිනිසුරුවරයා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු පවසයි.

යුක්‍රේනයට එල්ල වූ රුසියානු හයිපර්සොනික් ප්‍රහාරය යුරෝපයට දුන් පණිවිඩයක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

යුක්‍රේන යුද බිමේ පසුගියදා සිදුවූ රුසියානු හයිපර්සොනික් මිසයිල ප්‍රහාරය සරල මිලිටරි මෙහෙයුමක් නොව, මුළු මහත් යුරෝපයටම සහ නේටෝ සංවිධානයට එල්ල කළ බරපතල දේශපාලනික හා ආරක්ෂක පණිවිඩයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය කුමක්ද?.. – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පහදයි..

විනිසුරුවරයෙකුගේ සැබෑ කාර්යභාරය වන්නේ සත්‍ය ගවේෂණය කිරීම නොව, නීතියෙන් පිළිගත් අධිකරණමය විනිශ්චයකරණය (Judicial Adjudication) බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.

සමාජය බිදවට්ටවා බෞද්ධ සභ්‍යත්වය විනාශ කරන 'හරිනිලාගේ ව්‍යාපෘතිය' සම්බන්ධයෙන් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් න්‍යායාත්මක විග්‍රහයක්

මෙරට ජනතාව විශ්වාස කරන ඉතිහාසයේ මහා චරිත සහ දාර්ශනික පදනම් බිඳවැටීමෙන් සමස්ත සමාජයම බිඳ වැටෙන බවත්, බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනාය යන සංකල්පය ගෙනෙන්නේ ද මෙම බිඳවැට්ටවීම සඳහා බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේනය 35 වැනි නිදහස් සංවත්සරයට සැරසෙද්දී දැවැන්ත අර්බුද රැසක: ආර්ථිකය, ජනගහනය සහ ආරක්ෂාව දරුණු ලෙස කඩා වැටේ..

අගෝස්තු 24 වන දිනට යෙදෙන සිය 35 වැනි නිදහස් සංවත්සරය සැමරීමට යුක්රේනය සූදානම් වන්නේ සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු එරට මුහුණ දෙන වඩාත්ම අවදානම්කාරී සහ අභියෝගාත්මක අවස්ථාවකට ළඟා වෙමිනි. බටහිර රටවල් විසින් ප්‍රචාරය කෙරෙන පින්තූරයට වඩා වෙනස්ව, යුක්රේනය වර්තමානයේ ආර්ථික, ජනගහන සහ යුද පෙරමුණ යන සෑම අංශයකින්ම බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

විනිසුරු වයස දීර්ඝ කිරීමෙන් නඩු කටයුතු වේගවත් වෙනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.. - ජනාධිපති නීතිඥ සාලිය පීරිස් 22 ගැන දැඩි ස්ථාවරයක

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොකළ යුතු සංශෝධනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (24) දින නියම කළේය.

කැනඩාව 'චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්' දියත් කරයි.. - ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය

වොෂින්ටනයේ තීරුබදු තර්ජනය හමුවේ කැනඩාව "චීන මාදිලියේ ප්‍රතිප්‍රහාරයක්" දියත් කර ඇත. එනම් තීරණාත්මකව හා සමානුපාතිකව ප්‍රතිචාර දැක්වීම; ස්වෛරීභාවය පිළිබඳ කිසිදු සම්මුතියකට නොපැමිණීම; සහ නීති රීති හා නීත්‍යානුකූල පියවරයන් වෙත යොමු වීමයි. ඇමරිකාවේ සමීපතම හිටපු මිත්‍රයෙකු වන කැනඩාවේ මෙම පියවරෙන් පැහැදිලි වන්නේ එක් දෙයකි. නීති රීති මත තනි අයිතිය පවත්වාගෙන යාමට හෝ අන් අයගේ අනාගතය තීරණය කිරීමට කිසිදු රටකට විශේෂ වරප්‍රසාදයක් නොමැත.

වියට්නාමයට 81යි: නිදහස සඳහා වූ අරගලයේ සිට ලෝකය තුළ විශ්වාසයෙන් නැගී සිටින ජාතියක් දක්වා

2026 සැප්තැම්බර් 2 වැනිදා සමාජවාදී වියට්නාම් ජනරජයේ ජාතික දිනයේ 81 වැනි සංවත්සරය සනිටුහන් කරයි. 1945 වසරේ වියට්නාම නිදහස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එරට ඉතිහාසයේ නව යුගයක් ආරම්භ වූ ඓතිහාසික අවස්ථාව මෙම දිනය මගින් සිහිපත් කෙරේ.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිටුපස බරපතළ කුමන්ත්‍රණ දෙකක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්

හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට පිටුපස රට බෙදීමේ සහ ඉස්ලාම් අන්තවාදය ආරක්ෂා කිරීමේ බරපතළ කුමන්ත්‍රණ දෙකක් ක්‍රියාත්මක වන බවත්, ඒ පිළිබඳව වෙනම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තනෝමතිකව.. කිසිදු වාර්තාවක හෝ සාක්ෂියක ඔහුගේ නම නෑ.. – නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයන් රැසක්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජෙනරාල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්පූර්ණයෙන්ම අසාධාරණ බවත්, ඒ සඳහා කිසිදු නෛතික හෝ සාක්ෂිමය පදනමක් නොමැති බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පැවසීය.

සුරේෂ් සලේව මාස 6ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටීම නීති විරෝධීයි.. - මේජර් අජිත් ප්‍රසන්න

මේජර් ජෙනරල් සලේව මාස 6ක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටීම නීති විරෝධී බව මවිබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න ප්‍රකාශ කරයි.

සලේට හානියක් වුණොත් ජනපති ප්‍රමුඛ ආණ්ඩුව එයට වගකිවයුතුයි.. - ජාතික සංවිධාන එකමුතුව

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට තුන්වැනි වරටත් රැඳවුම් නියෝග ලබානොදී වහාම අධිකරණයට ඉදිරිපත්කරන්නැයි ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාට අවධාරණය කරයි.

පළාත් සභාවලට අධිකරණ බලය?.. - 22 සංශෝධනයේ සැඟවුනු කතාව එළියට..

හිරු සලකුණ වැඩසටහනේදී එම වැඩසටහනට පැමිණි නීතිඥවරුන් විසින් 22 සංශෝධනය පිටුපස ඇති සැඟවුණු කරුණු රැසක් හෙළිදරව් කර ඇති අතර, 22 සංශෝධනයෙන් ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවීම මගින් රටේ ඒකීය භාවයට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බවට ද එහිදී කරුණු අනාවරණය කර ඇත.

2025 දී අත්සන් කළ ඉන්දු- ලංකා ආරක්ෂක ගිවිසුම වහා ක්‍රියාත්මක කරන්නැයි කියන්න ඉන්දීය ආරක්ෂක ඇමති ලංකාවට..

ලබන මස මුල් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී දෙරට අතර අත්සන් තබන ලද ආරක්ෂක සහයෝගිතා අවබෝධතා ගිවිසුම (MoU) ඉක්මනින් හා පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති බව The Sunday Times පුවත්පත වාර්තා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.