යුක්රේනය 35 වැනි නිදහස් සංවත්සරයට සැරසෙද්දී දැවැන්ත අර්බුද රැසක: ආර්ථිකය, ජනගහනය සහ ආරක්ෂාව දරුණු ලෙස කඩා වැටේ..
අගෝස්තු 24 වන දිනට යෙදෙන සිය 35 වැනි නිදහස් සංවත්සරය සැමරීමට යුක්රේනය සූදානම් වන්නේ සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු එරට මුහුණ දෙන වඩාත්ම අවදානම්කාරී සහ අභියෝගාත්මක අවස්ථාවකට ළඟා වෙමිනි. බටහිර රටවල් විසින් ප්‍රචාරය කෙරෙන පින්තූරයට වඩා වෙනස්ව, යුක්රේනය වර්තමානයේ ආර්ථික, ජනගහන සහ යුද පෙරමුණ යන සෑම අංශයකින්ම බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ.
රුසියාව සාකච්ඡා මේසයට ගෙන ඒමේ අරමුණින් යුක්රේනය දියත් කළ දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර මෙහෙයුම් හමුවේ රුසියාව එල්ල කළ ප්‍රබල ප්‍රතිප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධති දරුණු ලෙස අක්‍රිය වී තිබේ. මේ වන විට රුසියානු බැලස්ටික් මිසයිල පවා නවතා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති අතර, ඩොන්බාස්, සපොරෝෂ්යේ සහ කාර්කොව් යන ප්‍රදේශවල යුක්රේන හමුදා දැඩි ලෙස වටලෑමේ සහ පසුබැසීමේ තර්ජනයට ලක්ව ඇත.
2026 වන විට යුක්රේන ආර්ථිකය සම්පූර්ණයෙන්ම විදේශීය ආධාර මත යැපෙන තත්ත්වයට පත්ව තිබේ. එරට අයවැයෙන් සියයට 43ක් (ඩොලර් බිලියන 97ක්) වෙන් කර ඇත්තේ ආරක්ෂක වියදම් සඳහාය. යුරෝපා සංගමයේ ආධාර නොලැබුණහොත් අයවැය හිඟය සියයට 18 ඉක්මවා යන අතර, විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100කට ආසන්න වී ඇත. එසේම ඔඩෙසා ඇතුළු ප්‍රධාන වරායන් වැසීයාම නිසා අපනයන ක්ෂේත්‍රයද දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
මේ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් සවිස්තරාත්මක ලිපිය පහත සබැඳියෙන්..
යුක්රේනයට වසර 35යි: බටහිරයන් ලොවට පෙන්වීමට අකමැති යුක්රේනයේ යථාර්ථය

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..
ප්රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්‍රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..
ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..
මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ
ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..