චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන ඔක්තෝබර් 17 වැනිදා චීනයේ බීජිං නුවර දී ඇරඹෙන "ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)" සහභාගගී වීමට උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චීනය බලා පිටත් විය.
පකිස්තානයේ විශාලතම ආගමික දේශපාලන පක්ෂය වන Jamiat Ulema-e-Islam (JUIF) හි නායකයා හමාස් සංවිධානය වෙත පසුගියදා මූල්‍ය ආධාර ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කළේය. එලෙසම පෙෂොවර් නගරයේ පැවැති දැවැන්ත රැලියක් අතරතුර ඊශ්‍රායලයට එරෙහි සටනේදී පලස්තීන සටන්කාමී කණ්ඩායමේ යුද පෙරමුණට සහභාගි වීමටද සූදානම් බව ප්‍රකාශ කළ බව ඊයේ පෙෂාවර් ආශ්‍රිත ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනය(NINE; THE HIDDEN STORY) සහ රුසියන් පරිවර්තනය(Скрытая история), පරිවර්තන කෘති දෙකක් ලෙස ජනගත කිරීම ඔක්තෝබර් 13 (අද) සවස 3:00ට කොළඹ 07, ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී (ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) සිදු කිරිමට නියමිතව ඇත.
පලස්තීන ජනතාවගේ දුක්ඛිත තත්ත්වය නොසලකා හැරිය නොහැකි බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල් සුඩානි සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් දිනකට පසු 11 වනදා මොස්කව්හිදි සතිපතා පැවැත්වෙන රුසියානු බලශක්ති සංසදයේදී පැවසීය. මැදපෙරදිග සහ වෙනත් තැන්වල සිටින මුස්ලිම්වරු පලස්තීනුවන් වසර ගණනාවක් තිස්සේ විඳදරාගත් දේ “විශ්වාස කළ නොහැකි තරමට උග්‍ර කර ඇති” දරුණු අසාධාරණයක් ලෙස සලකති.
දේශීය පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය තවදුරටත් මන්දගාමී වේ.. – ලෝක බැංකුවෙන් අනාවරණයක්
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
රියාද් ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට.. 309කට තුවාල..
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ දෙවන දිනය අද..
ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය අපරාධය ගල් අඟුරු වංචාවයි.. - පාඨලී චම්පික
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
"සිවුර ගලවන්න භික්ෂූන් වහන්සේලාටම මිසක් වෙන කාටවත් බැහැ" - ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමි
බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි