News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති ධුරය අහෝසි කළහොත් ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බවත්, එසේ වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ 2025 අගෝස්තු මාසයේදී බවත් නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

මැදපෙරදිග යුද ගැටුමේ බරත් ජනතාව මත පටවා ජනතාව ජනතාව තවදුරටත් අමාරුවේ නොදමන ලෙස ජාතික නිදහස් පෙරමුණේ මා‍ධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ආණ්ඩුවට අවධාරණය කරයි.

ඉදිරි මාස කිහිපයේ දී රට විශාල ආහාර අර්බුදයකට මුහුණ දීමට නියමිත බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කුමන කතා පැවසුව ද වී අලෙවි මණ්ඩලයේ ඇති වී තොග ප්‍රමාණවත් වන්නේ එක් සතියකට පමණක් බව ද දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මේ දිනවල කතා බහට ලක්වන ජනමත විචාරණයක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමේ ඉඩකඩ සහ ජනාධිපතිවරණය කල් දැමීමේ ප්‍රවනතාව පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නැවතත් පූර්ණ බලැති අගමැති තනතුරක් ස්ථාපිත කිරීමට අදාළව කෙටුම්පත් කරන ලද නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මේ වනවිට නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට ආණ්ඩුව විසින් යවා ඇතැයි ඉතා විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 3 වන “එක් තීරයක් - එක් මාවතක්” සමුළුව සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන එහුඩ් ඔල්මෙට් මහතා කන්ෆ්ලික්ට් සෝන් ( Conflict Zone ) නම් අන්තර්ජාල නාලිකාවකට එක් වෙමින් පවසා සිටියේ ඊශ්‍රායලයේ වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා වසර ගනනාවක පටන් හමාස් සංවිධානයට ඩොලර් මිලියන ගණනින් ආධාර කර තිබෙන බවයි.

ඊශ්‍රයිල් හමුදාව නිවේදනය කළ පැය 24ක සහන කාලය ඉකුත් වීමට ආසන්න වීමට පෙර ගසා තීරයේ සිට ආරක්ෂීත ප්‍රදේශයන්ට, සංක්‍රමණය වන පලස්තීන සිවිල් වැසියන් සම්බන්ධ වීඩියෝවක් පහතින් දැක්වේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉදිරි දින දෙකේදී චීනයේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ.


දේශීය පුවත්

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය තවදුරටත් මන්දගාමී වේ.. – ලෝක බැංකුවෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය ඉදිරියේ දී තවදුරටත් අඩු (මන්දගාමී) වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. මේ අනුව ලෝක බැංකුවේ නවතම පුරෝකථනවල දැක්වෙන්නේ ගිය වසරේ (2025) සියයට 5 ක් වූ ආර්ථික වර්ධනය මේ වසරේ (2026) දී සියයට 4.4 ක් දක්වා අඩු වනු ඇති බවයි.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

රියාද් ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට.. 309කට තුවාල..

සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් මෙම සතිය තුළ එල්ල වූ තෙවන ප්‍රහාරයෙන් පුද්ගලයින් අවම වශයෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 309 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ දෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (11) දෙවන දිනටත් පැවැත්වේ.

ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය අපරාධය ගල් අඟුරු වංචාවයි.. - පාඨලී චම්පික

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ බරපතළම සහ දැවැන්තම මූල්‍ය වංචාව මෙරටට බාල ගල්අඟුරු ආනයනය කිරීම බවත්, ඒ හරහා රටට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 18කට ආසන්න බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

"සිවුර ගලවන්න භික්ෂූන් වහන්සේලාටම මිසක් වෙන කාටවත් බැහැ" - ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමි

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමට භික්ෂූන්වහන්සේට මිස වෙනත් කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියෝ පවසති.

බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.