News Category
From Date
To Date
Maximum Number of Result

චීන කොමියුනිස්ට් පක්ෂයේ යුනාන් පළාතේ දේශපාලන විද්‍යායතනයේ කමිටුව, ශ්‍රී ලංකාවේ පෙරදිග දේශපාලන විද්‍යායතනය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය එක්ව සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අද(26) බොරැල්ල, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීශ්වර ශාලාවේ දී පැවැත්විණි.

ටෙලිකොම්, රක්ෂණ, ලිට්‍රෝ ගෑස් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන විකිණීමට හෝ බැහැර කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කොට එම ක්‍රියාව වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති පෙත්සම සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25) පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබාදුනි.

ජනතා විමුක්ති පෙරමුණ අද කටයුතු කරන්නේ එහි නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ පන්ති පහෙන් එකක් වූ ‘ඉන්දියානු ව්‍යාප්තවාදය‘ පිළිබඳව පෙර පැවති මතය අනුව දැයි ප්‍රශ්නයක් මතුවන බවත්, එදා රෝහණ විජේවීරයන් ලියූ ‘දෙමළ ඊළාම් ප්‍රශ්නයට විසඳුම කුමක්ද?‘ යන කෘතිය මගින් ප්‍රකාශ වූ මතයට අනුව ජවිපෙ අද කටයුතු කරන බව පෙනෙන්නට නැති බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්තන් මහතා පවසයි.

මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු දේශපාලනඥයකු අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඔහුට රුපියල් 20000/-ක දඩයක්ද ඊයේ (25) නියම කළාය.

තමන්ට ලබන මස අග භාගයේදී පැවැත්වෙන ඇමෙරිකානු අධ්‍යන චාරිකාවට සහභාගී වීම සඳහා වීසා ලබා දීමට අවශ්‍ය ආරක්ෂක නිශ්කාශන වාර්තා ලබා ගැනීමට බොහෝ කලක් ගතවන බවත් ඒ හේතුවෙන් වෙනත් නමක් ආදේශ කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය දන්වා ඇති බවත් පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය පසුගියදා තමන්ට දන්වා සිටි බව විශ්‍රාමික රියර් අද්මිරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

සිය බිරිඳට තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි සැලකින් රේන්ජ් රෝවර් මෝටර් රථයක් මිලට ගෙන දී ඇති බවට ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ වෙබ් අඩවියක් 2021 වසරේදී පළ කළ පුවත අමූලික අසත්‍යයක් බවත්, එමගින් තමන්ට සිදුවූ අපකීර්තිය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා නුගේගොඩ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුව අද කැඳවා තිබිණි.

රත්නපුර ප්‍රදේශයේ මැණික් ඉඩම් විදේශිකයන්ට විකුණා දැමීමේ සූදානමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් උත්සාහ ගන්නා බවත් ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල් කරුවන් ගේ මහා සංගමය සහ ගොවිජන එකමුතුව සඳහන් කරයි.

ඉදිරියේදී විකල්ප කණ්ඩායමක් ගෙනැවිත් රට හැදීමට සූදානම් බව මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමියෝ සදහන් කරති.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව අතුරු දීමනාවක් ලෙස අමෙරිකානු ඩොලර් 890,000ක මුදලක් භාණ්ඩාගාරය වෙත ලැබී තිබේ.


දේශීය පුවත්

කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..

වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ..

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනමය ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පෙර සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාගේ Udaya Gammanpila යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන "චෝදනාගාරය" වැඩසටහනට එක්වෙමින් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්, උන්වහන්සේට එරෙහිව සමාජයේ පවතින ප්‍රධාන ආන්දෝලනාත්මක චෝදනා කිහිපයකටම සෘජුව පිළිතුරු ලබා දී තිබේ.

"සැඟවී ඇති හෙළ ඉතිහාසය නැවත කියවීම" විශේෂ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 19 දා කොළඹදී..

අපේ අමතක වූ උරුමය නැවත සොයා යන අභිමානවත් ගවේෂණාත්මක සම්මන්ත්‍රණ මාලාව යටතේ පැවැත්වෙන "සැඟවී ඇති හෙළ ඉතිහාසය නැවත කියවීම" විශේෂ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 19 වන සෙනසුරාදා පස්වරු 01.30 ට කොළඹ මහජන පුස්තකාලයේ පළමු මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි ආරක්ෂිත උපදෙස් මාලාවක්..

සෞදි අරාබියේ බටහිර කලාපයේ මතුවෙමින් පවතින තත්ත්වය හමුවේ එහි වෙසෙන සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

මරාගෙන මැරෙන පුතුන් හැදූ ඊබ්‍රහීම්ලා සහ පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි රවිලා ශානිලා එළියේ.. බුද්ධි අංශ නිලධාරීන් ඇතුළේ.. - විමල් වීරවංශ

පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත් වීමකින් සිටි බවට පුද්ගලයින් අත්අඩංගුවට ගන්නේ නම් ඒ පිළිබඳව පූර්ව දැනුවත් වීමකින් සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවකට සිටි පොලිස්පති මෙන්ම රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අයවළුන් ද මුලින්ම අත්අඩංගුවට ගතයුතුව තිබූ බවත්, මරගෙන මැරෙන පුත්තු දෙන්නා හැදූ ඊබ්‍රහීම් ද දැන් එළියේ සැපෙන් ගතකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අගවිනිසුරුවරයාට ලැබුණු වාහන බලපත්‍රවලට මොකද වුනේ?.. - ධර්මශ්‍රී කාරියවසම්ගෙන් හෙළිදරව්වක්

අගවිනිසුරුවරයාගේ තීරුදුබදු රහිත වාහන බලපත්‍ර ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා ප්‍රශ්න කරන්නේ අගවිනිසුරුවරයා නීති විරෝධී වැඩක් කළා නම් ඔහු නීතිය පසිඳලන්නේ කෙසේදැයි යන්න ය.

විශ්වවිද්‍යාලවලට කළු සතියක්.. ආචාර්යවරු කළු ඇඳුමින්..

මෙරට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

පාස්කු ප්‍රහාරයට යුද හමුදා බුද්ධි අංශය චේතනාන්විතවම සම්බන්ධයි..- දිලීප පීරිස් අධිකරණයේදී කියයි

2019 වසරේ එල්ල වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස යුද හමුදා බුද්ධි අංශයේ ඇතැම් පාර්ශ්වයන්ගේ සවිඥානික සහාය සහ මහා කුමන්ත්‍රණකාරී පසුබිමක් පැවති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.