News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව යේමනයේ හූතිවරුන්ට ගුවනින් පහර දෙයි

Jan 13, 2024 at 06:02 AM
|

රතු මුහුදේ සහ ඒඩන් බොක්කෙහි නාවික මාර්ග වල ගමන් කරන නාවික යාත්‍රා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන හූති සටන්කාමීන්ගේ ප්‍රහාර වලට  ප්‍රතිචාර වශයෙන් අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඊයේ(12) අලුයම් කාලයේදී යේමනයට  ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ කිසිදු අවසරයකින් තොරව වොෂින්ටනය සහ ලන්ඩනය මෙම ප්‍රහාර දියත් කර ඇති බවද කියවේ. මේ අතර මෙම ගුවන්  මෙහෙයුම සඳහා කොංග්‍රසයෙන් අවසර නොගැනීම හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව ඇමරිකානු නීති සම්පාදකයින් ඔහු වෙත දැඩි ලෙස චෝදනා එල්ල කරන බව අමෙරිකානු මාධ්‍ය ආයතන වාර්තා කර සිටී.

RTඅමෙරිකානු බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර වලට එරෙහිව යේමන ජනතාවගේ විරෝධතා

ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සංවිධානය අතර ඇති වූ සටන් මධ්‍යයේ ගාසා තීරයට සහාය දීමට ප්‍රතිඥා දී ඇති හවුතිවරු, පසුගිය ඔක්තෝබර් මාසයේ මැද සිට නාවික ක්ෂේත්‍රයේ වැදගත් කලාපයක් වන රතු මුහුදේ සහ ඒඩන් බොක්කෙහි  යාත්‍රා කරන වෙළඳ නැව් මෙන්ම මුර සංචාරයේ යෙදෙන යුද නැව් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර  කිහිපයක් එල්ල  කරනු ලැබීය. 

හූතිවරු යනු 2010 දශකයේ මුල් භාගයේ මැද පෙරදිග පුරා පැතිර ගිය අරාබි වසන්තය නමින් හැඳින්වෙන විරෝධතා රැල්ලකින් පසුව බලයට පත් වූ ෂියා ඉස්ලාමීය සන්නද්ධ සංවිධානයකි.

කළාපයේ දුප්පත්ම රටවලින් එකක් වන යේමනය දශකයකට ආසන්න කාලයක් විටින් විට ඇතිවූ සිවිල් යුද්ධ තවයන්ගෙන් පීඩා විඳිති. හවුතිවරුන් පලවා හැරීමේ අරමුණින් 2015 දී ආරම්භ වූ සෞදි අරාබිය විසින් මෙහෙයවන ලද හමුදාමය මැදිහත්වීම හේතුවෙන් යේමනය තවදුරටත් විනාශ විය.

යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායමට එරෙහිව එල්ල කළ අමෙරිකානු-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සත්‍ය සමාජ මාධ්‍ය ගිනුමෙහි,   ජෝ බයිඩන් යනු  “එක්සත් ජනපද ඉතිහාසයේ නරකම ජනාධිපති” ලෙස සටහන් තබා තිබේ.

"දැන් අපට යුක්රේනයේ, ඊශ්‍රායලයේ සහ යේමනයේ යුද්ධ තියෙන්වා, නමුත් අපගේ දකුණු දේශසීමාවේ සිදුවන දේ සම්බන්ධෑය්න් 'යුද්ධයක්' නැහැ," ට්‍රම්ප් පැවසීය. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ටෘම්ප් මීට පෙර එක්සත් ජනපද දේශසීමාවේ ඉහළ යන සංක්‍රමණික ප්‍රශ්නය “යුද්ධයක්” ලෙස නම් කිරීම වෙනුවෙන් පෙනී සිටියේය.

පිළිකා රෝග විනිශ්චය කිරීම සඳහා රෝහල්ගතව සිටින එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් වෙත දැඩි විවේචන එල්ල කරන ඩොනල්ඩ් ට්‍රම්ප් ,  “එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ලැප්ටොප් පරිගණකය පරිහරණය කරමින් රෝහල් කාමරයක සිට යුද්ධය මෙහෙයවනවා.” යනුවෙන් පැවසූ බව CNN පුවත් සේවය වාර්තා කළේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ජර්මානු විදේශ අමාත්‍යාංශය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් යේමනයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර “එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූල” වූ බවත් එම ප්‍රහාර ඊශ්‍රායලය වෙත පැමිණෙන නැව්වලට එරෙහිව හූතිවරුන් විසින් තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම වැලැක්වීම ඉලක්ක කරගත් බවත් පැවසීය.

“අපගේ අරමුන පවතින්නේ ආතතීන් තුරන් කිරීම සහ රතු මුහුදේ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමයි. නමුත් අපගේ පණිවිඩය පැහැදිලි වීමට ඉඩ දෙන්න. ලෝකයේ වඩාත්ම තීරණාත්මක නාවික කළාපයක් තුළ ජීවිත ආරක්ෂා කිරීමට සහ වෙළෙඳාමේ නිදහස් ප්‍රවාහය ආරක්ෂා කිරීමට අපි පසුබට වන්නේ නැහැ.” ජර්මානු විදේශ අමාත්‍යාංශයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර යේමනයට එල්ල කරන ප්‍රහාර මගින් රතු මුහුද "ලේ මුහුදක්" බවට පත් කිරීමට උත්සාහ කරන බවට තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් චෝදනා කරයි. හවුති සටන්කාමීන් එම ප්‍රහාරවලට එරෙහිව “සාර්ථක ආරක්‍ෂාවක්, ප්‍රතිචාරයක්” දියත් කරමින් සිටින බව එර්ඩෝගන් ද පැවසූ බව ඩේලි සබා පුවත්පත වාර්තා කළේය.

මේ අතර,එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් යේමනයට එල්ල කරන ලද “නීත්‍යානුකූල නොවන” ගුවන් ප්‍රහාර රුසියාව හෙළා දකින බව ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ලේකම් දිමිත්‍රි පෙස්කොව් පවසයි. පසුගිය 11 වනදා සම්මත කර ගත් රතු මුහුදේ ගමන් කරන ඊශ්‍රායලයට අයත් නාවික යාත්‍රා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම  නවත්වන ලෙස හූතිවරුන්ගෙන් ඉල්ලා සිටි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාව, ප්‍රහාරය සිදු කිරීමට වොෂින්ටනයට සහ ලන්ඩනයට අයිතිය ලබා නොදුන් බව ඔහු අවධාරණය කළේය.එකසත් ජාතීන්ගේ සංවිධානයේදී අදාළ යෝජනාව  පිළිබඳව ඡන්ද විමසීමේදී රුසියාව ඡන්දය දීමෙන් වැළකී සිටි බවද  පෙස්කොව් පුවත් පත් වාර්තාකරුවන් වෙත සිහිපත් කළේය.

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය "ඔවුන්ගේ ක්‍රියාමාර්ග ජාත්‍යන්තර නීති රාමුවක් යටතට ගෙන ඒමට උත්සාහ කළ නමුත් ඒවා අසාර්ථක වුනා. ජාත්‍යන්තර නීතිය පැත්තෙන් සැලකූ විට මෙම ප්‍රහාර නීත්‍යානුකූල නැහැ.” දිමිත්‍රි පෙස්කොව් අවධාරණය කළේය.

වාණිජ යාත්‍රාවලට එල්ලවන හූති ප්‍රහාරය සම්බන්ධයෙන්, මොස්කව් පරිපාලන “මෙම ක්‍රියාමාර්ග අත් හැර දමා ඒවා නීති විරෝධී යැයි සලකන ලෙස නැවත නැවතත් හූතිවරුන්ගෙන් ඉල්ලා සිටියා,” පෙස්කොව් පැවසීය.

https://www.rt.com/news/590482-yemen-strikes-live-updates/


.

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.
පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.