News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව යේමනයේ හූතිවරුන්ට ගුවනින් පහර දෙයි

Jan 13, 2024 at 06:02 AM
|

රතු මුහුදේ සහ ඒඩන් බොක්කෙහි නාවික මාර්ග වල ගමන් කරන නාවික යාත්‍රා ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරන හූති සටන්කාමීන්ගේ ප්‍රහාර වලට  ප්‍රතිචාර වශයෙන් අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඊයේ(12) අලුයම් කාලයේදී යේමනයට  ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ කිසිදු අවසරයකින් තොරව වොෂින්ටනය සහ ලන්ඩනය මෙම ප්‍රහාර දියත් කර ඇති බවද කියවේ. මේ අතර මෙම ගුවන්  මෙහෙයුම සඳහා කොංග්‍රසයෙන් අවසර නොගැනීම හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව ඇමරිකානු නීති සම්පාදකයින් ඔහු වෙත දැඩි ලෙස චෝදනා එල්ල කරන බව අමෙරිකානු මාධ්‍ය ආයතන වාර්තා කර සිටී.

RTඅමෙරිකානු බ්‍රිතාන්‍ය ගුවන් ප්‍රහාර වලට එරෙහිව යේමන ජනතාවගේ විරෝධතා

ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සංවිධානය අතර ඇති වූ සටන් මධ්‍යයේ ගාසා තීරයට සහාය දීමට ප්‍රතිඥා දී ඇති හවුතිවරු, පසුගිය ඔක්තෝබර් මාසයේ මැද සිට නාවික ක්ෂේත්‍රයේ වැදගත් කලාපයක් වන රතු මුහුදේ සහ ඒඩන් බොක්කෙහි  යාත්‍රා කරන වෙළඳ නැව් මෙන්ම මුර සංචාරයේ යෙදෙන යුද නැව් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර  කිහිපයක් එල්ල  කරනු ලැබීය. 

හූතිවරු යනු 2010 දශකයේ මුල් භාගයේ මැද පෙරදිග පුරා පැතිර ගිය අරාබි වසන්තය නමින් හැඳින්වෙන විරෝධතා රැල්ලකින් පසුව බලයට පත් වූ ෂියා ඉස්ලාමීය සන්නද්ධ සංවිධානයකි.

කළාපයේ දුප්පත්ම රටවලින් එකක් වන යේමනය දශකයකට ආසන්න කාලයක් විටින් විට ඇතිවූ සිවිල් යුද්ධ තවයන්ගෙන් පීඩා විඳිති. හවුතිවරුන් පලවා හැරීමේ අරමුණින් 2015 දී ආරම්භ වූ සෞදි අරාබිය විසින් මෙහෙයවන ලද හමුදාමය මැදිහත්වීම හේතුවෙන් යේමනය තවදුරටත් විනාශ විය.

යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායමට එරෙහිව එල්ල කළ අමෙරිකානු-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සත්‍ය සමාජ මාධ්‍ය ගිනුමෙහි,   ජෝ බයිඩන් යනු  “එක්සත් ජනපද ඉතිහාසයේ නරකම ජනාධිපති” ලෙස සටහන් තබා තිබේ.

"දැන් අපට යුක්රේනයේ, ඊශ්‍රායලයේ සහ යේමනයේ යුද්ධ තියෙන්වා, නමුත් අපගේ දකුණු දේශසීමාවේ සිදුවන දේ සම්බන්ධෑය්න් 'යුද්ධයක්' නැහැ," ට්‍රම්ප් පැවසීය. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ටෘම්ප් මීට පෙර එක්සත් ජනපද දේශසීමාවේ ඉහළ යන සංක්‍රමණික ප්‍රශ්නය “යුද්ධයක්” ලෙස නම් කිරීම වෙනුවෙන් පෙනී සිටියේය.

පිළිකා රෝග විනිශ්චය කිරීම සඳහා රෝහල්ගතව සිටින එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් වෙත දැඩි විවේචන එල්ල කරන ඩොනල්ඩ් ට්‍රම්ප් ,  “එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ලැප්ටොප් පරිගණකය පරිහරණය කරමින් රෝහල් කාමරයක සිට යුද්ධය මෙහෙයවනවා.” යනුවෙන් පැවසූ බව CNN පුවත් සේවය වාර්තා කළේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ජර්මානු විදේශ අමාත්‍යාංශය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් යේමනයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර “එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූල” වූ බවත් එම ප්‍රහාර ඊශ්‍රායලය වෙත පැමිණෙන නැව්වලට එරෙහිව හූතිවරුන් විසින් තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම වැලැක්වීම ඉලක්ක කරගත් බවත් පැවසීය.

“අපගේ අරමුන පවතින්නේ ආතතීන් තුරන් කිරීම සහ රතු මුහුදේ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමයි. නමුත් අපගේ පණිවිඩය පැහැදිලි වීමට ඉඩ දෙන්න. ලෝකයේ වඩාත්ම තීරණාත්මක නාවික කළාපයක් තුළ ජීවිත ආරක්ෂා කිරීමට සහ වෙළෙඳාමේ නිදහස් ප්‍රවාහය ආරක්ෂා කිරීමට අපි පසුබට වන්නේ නැහැ.” ජර්මානු විදේශ අමාත්‍යාංශයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර යේමනයට එල්ල කරන ප්‍රහාර මගින් රතු මුහුද "ලේ මුහුදක්" බවට පත් කිරීමට උත්සාහ කරන බවට තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් චෝදනා කරයි. හවුති සටන්කාමීන් එම ප්‍රහාරවලට එරෙහිව “සාර්ථක ආරක්‍ෂාවක්, ප්‍රතිචාරයක්” දියත් කරමින් සිටින බව එර්ඩෝගන් ද පැවසූ බව ඩේලි සබා පුවත්පත වාර්තා කළේය.

මේ අතර,එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය විසින් යේමනයට එල්ල කරන ලද “නීත්‍යානුකූල නොවන” ගුවන් ප්‍රහාර රුසියාව හෙළා දකින බව ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ලේකම් දිමිත්‍රි පෙස්කොව් පවසයි. පසුගිය 11 වනදා සම්මත කර ගත් රතු මුහුදේ ගමන් කරන ඊශ්‍රායලයට අයත් නාවික යාත්‍රා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම  නවත්වන ලෙස හූතිවරුන්ගෙන් ඉල්ලා සිටි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාව, ප්‍රහාරය සිදු කිරීමට වොෂින්ටනයට සහ ලන්ඩනයට අයිතිය ලබා නොදුන් බව ඔහු අවධාරණය කළේය.එකසත් ජාතීන්ගේ සංවිධානයේදී අදාළ යෝජනාව  පිළිබඳව ඡන්ද විමසීමේදී රුසියාව ඡන්දය දීමෙන් වැළකී සිටි බවද  පෙස්කොව් පුවත් පත් වාර්තාකරුවන් වෙත සිහිපත් කළේය.

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය "ඔවුන්ගේ ක්‍රියාමාර්ග ජාත්‍යන්තර නීති රාමුවක් යටතට ගෙන ඒමට උත්සාහ කළ නමුත් ඒවා අසාර්ථක වුනා. ජාත්‍යන්තර නීතිය පැත්තෙන් සැලකූ විට මෙම ප්‍රහාර නීත්‍යානුකූල නැහැ.” දිමිත්‍රි පෙස්කොව් අවධාරණය කළේය.

වාණිජ යාත්‍රාවලට එල්ලවන හූති ප්‍රහාරය සම්බන්ධයෙන්, මොස්කව් පරිපාලන “මෙම ක්‍රියාමාර්ග අත් හැර දමා ඒවා නීති විරෝධී යැයි සලකන ලෙස නැවත නැවතත් හූතිවරුන්ගෙන් ඉල්ලා සිටියා,” පෙස්කොව් පැවසීය.

https://www.rt.com/news/590482-yemen-strikes-live-updates/

.

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.