කරදරකාරයා සහ යුදකාමියා: තායිවාන ජනාධිපතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා කවුද?
තායිවානයේ ස්වාධීනත්වය වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ හඬ නගන, පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ (ඪ්ඵ්ඵ්) ප්‍රධාන චරිතයක් වන තායිවානයේ උප ජනාධිපති ලායී චින්ග් තේ තයිවානයේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පහසු ජයග්‍රහණයක අත්පත් කරගෙන ඇත. ඒ අනුව ඔහු එළඹෙන මැයි මාසයේ සිට තායිවානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි. කෙසේ වුවද බිජිං පාලනය ඔහුව කරදරකාරයෙකු ලෙස මේ වන විට නම් කර තිබේ.
තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය විනාශ කිරීමට කටයුතු කරන්නා
තායිවාන ජනාධිපතිවරණ ඡන්දයේ ප්‍රතිඵලය, ස්වයං පාලන තායිවාන දිවයින තම භූමියේ කොටසක් ලෙස ප්‍රකාශ කරන චීනය සමග ආතතීන් තව දුරටත් ඉහල නංවන බව ජාත්‍යන්තර දේශපාලාන විශ්ලේෂකයෝ පවසති. බෙයිජිං පරිපාලනය ලායී චින්ග් තේ හට සහය දැක්වීමට එරෙහිව තායිවාන ඡන්දදායකයින්ට අනතුරු අඟවා තිබූ අතර මීට පෙර මෙම මැතිවරණය “යුද්ධය සහ සාමය, සෞභාග්‍යය සහ පරිහානිය” අතර තේරීමක් ලෙස විග්‍රහ කිරිමටද බෙජිං බලධාරිහු කටයුතු කළෝය.ඒ අනුව ප්‍රතිවාදී කුමින්තාන්ග් පක්ෂයේ බලධාරීන් චීන ප්‍රධාන භූමියේ බලධාරීන් සමඟ සංවාද කිරීමට තල්ලු කිරීමට පවා එම අණතුරු ඇඟවීම ප්‍රභල විය.
“තායිවාන ජනාධිපතිවරණ ඡන්දයේ ප්‍රතිඵලය කුමක් වුවත්, එය තායිවානය චීනයේ කොටසක් වන අතර ලෝකයේ ඇත්තේ එකම චීනයක් යන මූලික කාරණය වෙනස් නොකරනු ඇත.” එක්සත් රාජධානියේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් මැතිවරණ ප්‍රතිඵලවලට ප්‍රතිචාර දක්වමින් පැවසීය.
වෙන්ව ගොස් සිටින තායිවානය අවශ්‍ය නම් බලහත්කාරයෙන් ප්‍රධාන භූමිය සමඟ ඒකාබද්ධ කිරීමට ප්‍රතිඥා දී ඇති බීජිනය, තායිවානයේ අනාගතය පිලිබඳ සාකච්ඡා සඳහා ලායි කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත. චීන ප්‍රධාන භූමියේ තායිවාන කටයුතු කාර්යාලය ඔහුව හැඳින්වූයේ "යුධ කාමියෙකු" සහ "තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය විනාශ කරන්නා" ලෙසයි.
64 හැවිරිදි ලායී චින්ග් තේ තම ජයග්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ “චීනයෙන් දිගටම පවතින තර්ජනයෙන් සහ බිය ගැන්වීම්වලින් තායිවානය ආරක්ෂා කිරීමට තමා අධිෂ්ඨාන කරගෙන සිටින” බවත්, ඔහුගේ අභිප්‍රාය තායිවාන සමුද්‍ර සන්ධියේ වර්තමාන තත්ත්වය පවත්වා ගැනීම බවත්ය. කෙසේ වුවද ඔහුගේ පරිපාලනය බීජිං සමඟ ඇති රාජ්‍ය තාන්ත්‍රිකත්වය තුළ තිබෙන “ගැටුම් වෙනුවට සංවාදය ආදේශ කර භාවිතා කරනු ඇත.” යනුවෙන් පැවසීය.
ධවල මන්දිරය කුපිත කළ හාවඩ් උපාධිධාරියා
ලායී චින්ග් තේ භාවිත කරන ඔහුගේ ඉංග්‍රීසි නාමය විලියම් ලායි වන අතර ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු මෙන්ම වෛද්‍යවරයකුද වන්නේය. 1998 වර්ෂයේ දී තායිවානයේ දකුණු පළාතේ නගරයක් වන ටයිනාන් නගරය නියෝජනය කරමින් මැතිවරණ සටනට අවතීරණ වූ ඔහු තායිවානයේ නීති සම්පාදකයෙකු ලෙස අත්පොත් තැබීය. 2010 වර්ෂයේදී ඔහු වාර දෙකක් සඳහා ටයිනාන් නගරයේ නගරාධිපති ලෙස බවට තේරී පත් විය. ඉන් වසර හතකට පසු ඔහු ජනාධිපති ත්සායි ඉන් වෙන් ගේ රජයේ අගමැති බවට පත් විය. 2020 දී ත්සායි තායිවාන ජනාධිපත්වරණයෙන් දෙවන වරටත් ජයග්‍රහණය කළ විට ප්‍රවීණ දේශපාලනඥයෙකු බවට පත්ව සිටි ලායි උප ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. ඔහු එළඹෙන මැයි මාසයේදී ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇත.
ඔහු තම මැතිවරණ ජයග්‍රහනයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තායිවානයේ ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට සහ අනෙකුත් "ප්‍රජාතන්ත්‍රවාදී" රටවල් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමටද කටයුතු කරන බව ශපථ කළේය. ඔහුගේ අදහස් දැක්වීම තුළ එක්සත් ජනපදය හා ජපානය විශේෂයෙන් සඳහන් කිරීමට කටයුතු කළේය.
පසුගිය 2023 වර්ෂයේ ජූලි මාසයේදී තායිවානයේ ජනාධිපතිවරයාට “ධවල මන්දිරයට ඇතුළු වීමට” හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවට ලායී චින්ග් තේ කළ ප්‍රකාශය ආන්දෝලනයට තුඩු දුන්නේය. කෙසේ වුවද ඔහුගේ මත දැක්වීමෙන් අණතුරුව ධවල මන්දිරයේ චීන සබඳතා සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරියෙකු වන ඩෙනිස් වයිල්ඩර් පැවසුවේ වොෂින්ටන් පරිපාලනය ලායී චින්ග් තේ ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් “ඉතා කනස්සල්ලෙන්” සිටින බවයි.
කෙසේ වුවද තායිවානයේ ඉහළ පෙළේ දේශපාලනඥයන්ට වොෂින්ටනයේ නිල සංචාර කිරීම චීන ප්‍රධාන භූමියේ පරිපාලනය විසින් තහනම් කර ඇත. කෙසේ වුවද 2020 දී, එවකට උප ජනාධිපතිවරයා ලෙස ඡන්ද ප්‍රතිඵල වලට අනුව ප්‍රකාශයට පත් වීමෙන් අණතුරුව ලායී චින්ග් තේ, එක්සත් ජනපදයට පුද්ගලිකව සංචාරය කිරීමට කටයුතු කළේය. ඒ අනුව ඇමරිකානු අගනුවරට ගිය ඉහළම තායිවාන දේශපාලනඥයා බවට ලායි පත් විය. කෙසේ වුවද ඔහු තායිවාන උප ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු 2022 සහ 2023 වර්ෂවලදී වොෂින්ටනය ඔහුගේ සංචාරයන්ගේ නැවතුම් පලක් පමණක් බවට පත් කරගනු ලැබීය.
පසුගිය අගෝස්තුවේදි බීජිං පරිපාලනය විසින් ලායිව "කරදර නිර්මානය කරන්නෙකු" ලෙස හංවඩු ගැසුවේය.ලායි එක්සත් ජනපදයට පැමිණීම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහුගේ හැසිරීම "එක් චීනයක් මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කරනවා" යනුවෙන් ප්‍රකාශ කිරීමටද බීජිං පරිපාලනයට සිදු විය.
එක්සත් ජනපදය හා තායිවානය අතර ඕනෑම නිළ ගනු දෙනුවකට බීජිනය විරුද්ධ වේ. තායිවානය චීනයේ කොටසක් බව සඳහන් කරන ‘එක් චීනයක්’ මූලධර්මය වොෂින්ටනය නිල වශයෙන් පිළිගෙන ඇත. කෙසේ වෙතත්, වොෂින්ටනය තායිපේ වෙත අවි සැපයීමට අමතරව අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යාමටද කටයුතු කර ඇත.
ලායිගේ උප ජනාධිපති ලෙස තේරී පත් වූ Hsiao Bi-khim එක්සත් ජනපදයේ තථ්‍ය නියෝජිතයෙකු (de facto ) ලෙස සේවය කිරීම හේතුවෙන් චීනය විසින් ඔහුට සම්බාධක පනවනු ලැබීය.
'තායිවානය දැනටමත් ස්වාධීන රාජ්‍යයක්'
"ලායි තායිවානය වෙත සාමය සහ සමෘද්ධිය ගෙන ඒමේ කටයුතු වලින් තව තවත් ඈතට ගෙන යනු ඇත. ඔහුගේ කටයුතු තායිවානය යුද්ධය දෙසට හා විනාශය දෙසට සමීප කරවනු ඇත" යනුවෙන් චීනයේ තායිවාන කටයුතු කාර්යාලය පසුගිය 11 වනදා ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ලායි තායිවාන පාලක පක්ෂයට වඩා රැඩිකල් වේශයකින් කටයුතු කරන්නෙකි. 2017 දී තමා "තායිවානයේ නිදහස සඳහා ප්‍රායෝගික සේවකයෙකු" බව තායිවාන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ප්‍රධාන භූමියේ බලධාරීන් කුපිත කළේය. එසේ වුවද, ඔහු තම පාලන කාලය තුළ තායිවානයට නිදහස ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය.
"තායිවානය දැනටමත් ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක් , එබැවින් තායිවානයේ නිදහස තවදුරටත් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් අපට නැති බව මම නැවත අවධාරණය කිරීමට කැමතියි" යනුවෙන් ඔහු "ෆෝකස් තායිවාන" පුවත් පතට පැවසීය.
රුසියානු විදේශ අමාත්‍යාංශය තායිවාන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ “බීජිං පරිපාලනය වෙත පීඩනය ඇති කිරීමට සහ තායිවාන සමුද්‍ර සන්ධියේ සහ කළාපයේ තත්වය දෙදරුම් කෑමකට ලක් කිරීමට” ඡන්ද ප්‍රතිඵලය භාවිතා කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාවව තිබෙන බවට අනතුරු අඟවනු ලැබීය.කෙසේ වුවද එවැනි උත්සහායන් ලෝක සාමයට අණතුරුදායක වන බැවින් ඒවා හෙළා දැකීම සුදුසු ඒවා යැයි ජාත්‍යන්තර ප්‍රජාව වෙත යෝජනා කළේය.
https://www.rt.com/news/590593-taiwan-election-president-highlights/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන