News Category
From Date
To Date
Maximum Number of Result

මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16 ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් තුළ ඇති මුදල් විදෙස් රටවල ආයෝජනය කළ යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී යෝජනා කළේය.

අපොස උසස් පෙළ පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් පොහොට්ටුව හා එජාප එකතු වී ඉදිරිපත් කරන අපේක්ෂකයා අන්ත පරාජයකට පත්වන බවත්, සජිත් හෝ අනුර ස්ථීරවම ජයග්‍රහණය කරන බවත් සියලු සමීක්ෂණ වාර්ථාවලින් හා බුද්ධි අංශ වාර්ථා වලින් රජයට දැනුම් දී ඇති හෙයින් රනිල් හා බැසිල් එකතුවී ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රහසිගතව සාකච්ඡා කර ඇතැයි සමාජ මාධ්‍ය හරහා වාර්තා වේ.

බහුජාතික සමාගම් ආරක්ෂා කිරීම සඳහා ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා කරන බවට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතාට එල්ල වෙන චෝදනා පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවාද? නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද? කියා සමාජ මාධ්‍ය ඇතුළු මෙරට සියලු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දේශීය සබන් නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා දීර්ඝ කාලීන ඉල්ලීමකට අනුව ආනයනික ෆාම් තෙල් නිෂ්පාදන කිහිපයක් සඳහා සියයට 29 ක බද්දක් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් නොකර කල් මැරීමට ක්‍රියාකිරීම නිසා ආණ්ඩුවට රුපියල් මිලියන 2000 ක පාඩුවක් සිදුවන බව වාර්තා වේ.

මාසිකව සිදුවන මිල සූත්‍රයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනය අද (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.


දේශීය පුවත්

ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය තවදුරටත් මන්දගාමී වේ.. – ලෝක බැංකුවෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය ඉදිරියේ දී තවදුරටත් අඩු (මන්දගාමී) වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. මේ අනුව ලෝක බැංකුවේ නවතම පුරෝකථනවල දැක්වෙන්නේ ගිය වසරේ (2025) සියයට 5 ක් වූ ආර්ථික වර්ධනය මේ වසරේ (2026) දී සියයට 4.4 ක් දක්වා අඩු වනු ඇති බවයි.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

රියාද් ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට.. 309කට තුවාල..

සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් මෙම සතිය තුළ එල්ල වූ තෙවන ප්‍රහාරයෙන් පුද්ගලයින් අවම වශයෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 309 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ දෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (11) දෙවන දිනටත් පැවැත්වේ.

ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය අපරාධය ගල් අඟුරු වංචාවයි.. - පාඨලී චම්පික

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ බරපතළම සහ දැවැන්තම මූල්‍ය වංචාව මෙරටට බාල ගල්අඟුරු ආනයනය කිරීම බවත්, ඒ හරහා රටට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 18කට ආසන්න බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

"සිවුර ගලවන්න භික්ෂූන් වහන්සේලාටම මිසක් වෙන කාටවත් බැහැ" - ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමි

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමට භික්ෂූන්වහන්සේට මිස වෙනත් කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියෝ පවසති.

බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.