News Category
From Date
To Date
Maximum Number of Result

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දූෂණ පිළිබඳ හෙළිදරව් කරනවාය පවසමින් මෑතක දී කරළියට පැමිණි වෛද්‍යවරයෙක් ඖෂධ නිෂ්පාදන සහ ආනයන සමාගම් වලින් කප්පම් ඉල්ලන බවට එම සමාගම් කිහිපයක් පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා (ETCA) නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවී තිබේ.

මැලේසියාවේ සෙන්තූල් ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුව ඝාතනය කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගනුදෙනු ඊබ්‍රහිම් පාස්කු ත්‍රස්ත ක‍්‍රියාවට සම්බන්ධ බවක් එම ප‍්‍රහාරයට අදාල කිසිම විමර්ශන වාර්තාවක සඳහන් වී නැති බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීම සම්බන්ධව වගකීම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලබා දිය යුතු බව කොංග්‍රස් සාමාජිකයන් 12 දෙනකු ලිපියක් මාර්ගයෙන් බයිඩන් පරිපාලනයෙන් ඉල්ලා ඇතැයි ෆොරින් පොලිසි වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දිස්ත්‍රික්කයක දැනට පැතිර යන මාරාන්තික නිපා වෛරස් ආසාදනය මෙරට පැතිරීමේ අවදානමක් නැතත් එම වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ රසායනාගාර පහසුකම් ලබන සතියේදී මෙරට ස්ථාපිත කරන බව මහරගම අපේක්ෂා රෝහලේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල මහතා පවසයි.

ඉන්දියාවේ තමිල්නාඩු, නාගපට්ටිනම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මඟී ප්‍රවාහන බෝට්ටු සේවයක් ආරම්භ වීමට නියමිත බව තමිල්නාඩු අමාත්‍යවරයකු වන ඊ.වී වේලු මහතා විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණු සරත් ඒකනායක මහතාට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර තිබේ.

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන බවත්, න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා නිව්යෝර්ක් හිදී පවසයි.


දේශීය පුවත්

කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..

වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ..

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනමය ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පෙර සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාගේ Udaya Gammanpila යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන "චෝදනාගාරය" වැඩසටහනට එක්වෙමින් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්, උන්වහන්සේට එරෙහිව සමාජයේ පවතින ප්‍රධාන ආන්දෝලනාත්මක චෝදනා කිහිපයකටම සෘජුව පිළිතුරු ලබා දී තිබේ.

"සැඟවී ඇති හෙළ ඉතිහාසය නැවත කියවීම" විශේෂ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 19 දා කොළඹදී..

අපේ අමතක වූ උරුමය නැවත සොයා යන අභිමානවත් ගවේෂණාත්මක සම්මන්ත්‍රණ මාලාව යටතේ පැවැත්වෙන "සැඟවී ඇති හෙළ ඉතිහාසය නැවත කියවීම" විශේෂ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 19 වන සෙනසුරාදා පස්වරු 01.30 ට කොළඹ මහජන පුස්තකාලයේ පළමු මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි ආරක්ෂිත උපදෙස් මාලාවක්..

සෞදි අරාබියේ බටහිර කලාපයේ මතුවෙමින් පවතින තත්ත්වය හමුවේ එහි වෙසෙන සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

මරාගෙන මැරෙන පුතුන් හැදූ ඊබ්‍රහීම්ලා සහ පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි රවිලා ශානිලා එළියේ.. බුද්ධි අංශ නිලධාරීන් ඇතුළේ.. - විමල් වීරවංශ

පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත් වීමකින් සිටි බවට පුද්ගලයින් අත්අඩංගුවට ගන්නේ නම් ඒ පිළිබඳව පූර්ව දැනුවත් වීමකින් සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවකට සිටි පොලිස්පති මෙන්ම රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අයවළුන් ද මුලින්ම අත්අඩංගුවට ගතයුතුව තිබූ බවත්, මරගෙන මැරෙන පුත්තු දෙන්නා හැදූ ඊබ්‍රහීම් ද දැන් එළියේ සැපෙන් ගතකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අගවිනිසුරුවරයාට ලැබුණු වාහන බලපත්‍රවලට මොකද වුනේ?.. - ධර්මශ්‍රී කාරියවසම්ගෙන් හෙළිදරව්වක්

අගවිනිසුරුවරයාගේ තීරුදුබදු රහිත වාහන බලපත්‍ර ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා ප්‍රශ්න කරන්නේ අගවිනිසුරුවරයා නීති විරෝධී වැඩක් කළා නම් ඔහු නීතිය පසිඳලන්නේ කෙසේදැයි යන්න ය.

විශ්වවිද්‍යාලවලට කළු සතියක්.. ආචාර්යවරු කළු ඇඳුමින්..

මෙරට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

පාස්කු ප්‍රහාරයට යුද හමුදා බුද්ධි අංශය චේතනාන්විතවම සම්බන්ධයි..- දිලීප පීරිස් අධිකරණයේදී කියයි

2019 වසරේ එල්ල වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස යුද හමුදා බුද්ධි අංශයේ ඇතැම් පාර්ශ්වයන්ගේ සවිඥානික සහාය සහ මහා කුමන්ත්‍රණකාරී පසුබිමක් පැවති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.