News Category
From Date
To Date
Maximum Number of Result

පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා සී.ඩී වික්‍රමරත්න මහතාට ලබාදී ඇති සේවා දිගුව අදින් (09) අවසන් වීමට නියමිතව ඇති අතර, ජූලි මස 09 වනදා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම සේවා දිගුව ලබාදී තිබුණි.

නවසීලන්තයෙන් මිලදී ගත් ඇන්කර් කිරි පැකට්ටුවක් සහ ශ්‍රී ලංකාවෙන් මිලදී ගත් ඇන්කර් කිරිපැකට්ටුවක් අතර ඇති වෙනස පිළිබඳව හෙළිකෙරෙන එක්තරා වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

1823 දී ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ කඳුකර දෙමළ ප්‍රජාව මෙරටට පැමිණ වසර 200ක් ගතවී ඇතත්, ලංකාවේ වැඩියෙන්ම පීඩාවට පත්ව සිටින ජන ප්‍රජාව වන්නේ ඔවුන් බව ජාතික ජන බලවේගයේ සභික විජිත හේරත් මහතා පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ චෙන්කලඩි මහා විද්‍යාලයේ සාංවත්සරික උත්සවයකට ප්‍රධාන අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ ඉහළ උපදේශකයෙකු සෙනසුරාදා ඊශ්‍රායල භූමියට හදිසි ප්‍රහාරයක් දියත් කළ පලස්තීන සටන්කාමීන්ට සිය “සුබ පැතුම්” පිරිනමා ඇති බව අර්ධ නිල ඉරාන ප්‍රවෘත්ති සේවයක් වන ISNA පවසයි.

"අපේ දේ බලාගන්න අපට පුළුවන්" යැයි පසුගියදා ජාත්‍යන්තරය හමුවේ පාරම්බෑ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ කරන්නේ අපේ මිල්කෝ සමාගම ඉන්දියාවේ අමූල් සමාගමට විකුණා දමා දැයි ජාතික ගොවි ව්‍යාපාරය ප්‍රශ්න කර සිටියි.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ආර්. සර්වනරාජා ඉල්ලා අස්වීමට කුරුන්දි විහාරය සම්බන්ධ නඩුවත්, භික්ෂූන් වහන්සේ නමක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධ බවට සමාජ මාධ්‍යයේ වාර්ථා පළ වූ බවත්, ඇතැම් නීතිඥවරු ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරින් මෙම සිදුවීම දඩමීමා කරගනිමින් රාජ්‍ය අපහසුතාවට පත්කිරීමට උත්සාහ දරන බවත් ජාතික උරුමය සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

2022 වසරේ චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලැබීමට නියමිතව තිබියදී රට බංකොලොත් බවට ප්‍රකාශ කර ණය ගෙවීම පැහැරහැරීම කුමන්ත්‍රණයක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඉන්දික තොටවත්ත මහතා පරිගණක අපරාධ අංශයට ගෙන්වාගත් ආකාරය පිළිබඳව කම්පාවන බවත්, ඇස් දෙකම නොපෙනෙන, විශිෂ්ට දාර්ශනික චින්තනයක් සමාජගත කරන ඔහු වැනි පුද්ගලයකු අපහසුතාවට පත්කිරීම නොසුදුසු බවත් පාතේගම ඥානිස්සර හිමියෝ පවසති.


දේශීය පුවත්

ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය තවදුරටත් මන්දගාමී වේ.. – ලෝක බැංකුවෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය ඉදිරියේ දී තවදුරටත් අඩු (මන්දගාමී) වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. මේ අනුව ලෝක බැංකුවේ නවතම පුරෝකථනවල දැක්වෙන්නේ ගිය වසරේ (2025) සියයට 5 ක් වූ ආර්ථික වර්ධනය මේ වසරේ (2026) දී සියයට 4.4 ක් දක්වා අඩු වනු ඇති බවයි.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

රියාද් ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් 12ක් මරුට.. 309කට තුවාල..

සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් මෙම සතිය තුළ එල්ල වූ තෙවන ප්‍රහාරයෙන් පුද්ගලයින් අවම වශයෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 309 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ දෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (11) දෙවන දිනටත් පැවැත්වේ.

ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය අපරාධය ගල් අඟුරු වංචාවයි.. - පාඨලී චම්පික

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ බරපතළම සහ දැවැන්තම මූල්‍ය වංචාව මෙරටට බාල ගල්අඟුරු ආනයනය කිරීම බවත්, ඒ හරහා රටට සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 18කට ආසන්න බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

"සිවුර ගලවන්න භික්ෂූන් වහන්සේලාටම මිසක් වෙන කාටවත් බැහැ" - ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමි

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමට භික්ෂූන්වහන්සේට මිස වෙනත් කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනාහිමියෝ පවසති.

බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.