News Category
From Date
To Date
Maximum Number of Result

නිදහස ලැබීමෙන් පසුව මෙරට සියලු ජන කොටස් පීඩාවට පත් කරනු ලැබුවේ මේ දක්වා පැවැති පාදඩ දේශපාලනය බවත් රටේ ජනතාව වෙනුවෙන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයකු පෙනී නොසිටින බවත් එබැවින් එම ජනතාව වෙනුවෙන් ශිෂ්ටාචාරය හා විනය ආරම්භ වූ ඓතිහාසික මිහින්තලා පුද බිමෙන් නව නිදහස් අරගලයට මුලපුරන බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණෝ පැවසූහ.

ආදායම් ඉලක්කවලට යාම ඇතුළු ඉලක්ක සම්පූර්ණ කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා දීම නතර කර ඇති බවත්, ආණ්ඩුවේ අධි දූෂණකාරී ප්‍රතිපත්ති පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කනස්සල්ලෙන් පසුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබේ.

ණය පොලී අනුපාත ඉතා ඉහළ අගයක් ගැනීම, විදුලි - ජල බිල්පත්, ගෑස් මිල ඇතුළු බලශක්ති ප්‍රභවයන්ගේ මිල ඉහළ යෑම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා වන බදු ඉහළ දැමීම හා දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ වන ගැටලුකාරී තත්ත්වය යන කරුණු හතර හේතුවෙන් මෙරට දේශීය කර්මාන්ත පද්ධතිය බිඳ වැටී ඇති බවත් එවැනි මොහොතක වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග ETCA ගිවිසුම (Economic & Technology Cooperation Agreement) අත්සන් කළහොත් දේශීය කර්මාන්තකරුවාට සිදු වන්නේ

රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු රණ විරුවකු බව පවසමින්, දෙවැනි ලෝක යුද්ධයේ දී, නාසි හමුදා බලඇණියකට සම්බන්ධ වූ යුක්රේන ජාතිකයකු පාර්ලිමේන්තුවට ගෙන්වා ඔහුට ගෞරව කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එරට පාර්ලිමේන්තුවෙන්, යුක්රේන ජනාපධිතිවරයාගෙන් පමණක් නොව ලොව සමස්ත යුදෙව් වැසියන්ගෙන් ද සමාව ඉල්ලා තිබේ.

අති තීව්‍ර ළමා මන්දපෝෂණ සහිත දරුවන් සිටින දිස්ත්‍රික් අතරට ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කද පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවී තිබේ.

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

හෘද රෝගී තත්ත්වයන් හේතුවෙන් මියයන සහ රෝහල්ගත වන ප්‍රමාණය කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීන් බාලසිංහම් මහත්මිය පවසයි.


දේශීය පුවත්

කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..

වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ..

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනමය ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පෙර සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාගේ Udaya Gammanpila යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන "චෝදනාගාරය" වැඩසටහනට එක්වෙමින් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්, උන්වහන්සේට එරෙහිව සමාජයේ පවතින ප්‍රධාන ආන්දෝලනාත්මක චෝදනා කිහිපයකටම සෘජුව පිළිතුරු ලබා දී තිබේ.

"සැඟවී ඇති හෙළ ඉතිහාසය නැවත කියවීම" විශේෂ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 19 දා කොළඹදී..

අපේ අමතක වූ උරුමය නැවත සොයා යන අභිමානවත් ගවේෂණාත්මක සම්මන්ත්‍රණ මාලාව යටතේ පැවැත්වෙන "සැඟවී ඇති හෙළ ඉතිහාසය නැවත කියවීම" විශේෂ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 19 වන සෙනසුරාදා පස්වරු 01.30 ට කොළඹ මහජන පුස්තකාලයේ පළමු මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි ආරක්ෂිත උපදෙස් මාලාවක්..

සෞදි අරාබියේ බටහිර කලාපයේ මතුවෙමින් පවතින තත්ත්වය හමුවේ එහි වෙසෙන සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

මරාගෙන මැරෙන පුතුන් හැදූ ඊබ්‍රහීම්ලා සහ පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි රවිලා ශානිලා එළියේ.. බුද්ධි අංශ නිලධාරීන් ඇතුළේ.. - විමල් වීරවංශ

පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත් වීමකින් සිටි බවට පුද්ගලයින් අත්අඩංගුවට ගන්නේ නම් ඒ පිළිබඳව පූර්ව දැනුවත් වීමකින් සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවකට සිටි පොලිස්පති මෙන්ම රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අයවළුන් ද මුලින්ම අත්අඩංගුවට ගතයුතුව තිබූ බවත්, මරගෙන මැරෙන පුත්තු දෙන්නා හැදූ ඊබ්‍රහීම් ද දැන් එළියේ සැපෙන් ගතකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අගවිනිසුරුවරයාට ලැබුණු වාහන බලපත්‍රවලට මොකද වුනේ?.. - ධර්මශ්‍රී කාරියවසම්ගෙන් හෙළිදරව්වක්

අගවිනිසුරුවරයාගේ තීරුදුබදු රහිත වාහන බලපත්‍ර ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා ප්‍රශ්න කරන්නේ අගවිනිසුරුවරයා නීති විරෝධී වැඩක් කළා නම් ඔහු නීතිය පසිඳලන්නේ කෙසේදැයි යන්න ය.

විශ්වවිද්‍යාලවලට කළු සතියක්.. ආචාර්යවරු කළු ඇඳුමින්..

මෙරට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

පාස්කු ප්‍රහාරයට යුද හමුදා බුද්ධි අංශය චේතනාන්විතවම සම්බන්ධයි..- දිලීප පීරිස් අධිකරණයේදී කියයි

2019 වසරේ එල්ල වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස යුද හමුදා බුද්ධි අංශයේ ඇතැම් පාර්ශ්වයන්ගේ සවිඥානික සහාය සහ මහා කුමන්ත්‍රණකාරී පසුබිමක් පැවති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.