2006 - 2021 කෝටි 553,000ක රාජ්‍ය වත්කම් අතුරුදන් වෙලා - උදය ගම්මන්පිල
2006 සිට 2021 දක්වා ආණ්ඩුව අත්පත් කරගත් ස්ථාවර වත්කම් වලින් කෝටි 553,000ක් නොහොත් ට්‍රිලියන 5.5ක් වටිනා වත්කම් ආණ්ඩුවේ ලේඛනවල සටහන්ව නැතැයි විගණකාධිපති විසින් පෙන්වාදීම ඉතාම බරපතල තත්වයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒමහතා මේබව සඳහන් කර සිටියේ ඊයේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
"ආණ්ඩුව කාර් එකක් ගන්න ලක්ෂ සීයක් වැය කලොත් ආණ්ඩුවේ වත්කම් ලක්ෂ සීයකින් වැඩි වෙන්න ඕනි. ආණ්ඩුව ලක්ෂ පන් සීයක පාසල් ගොඩනැගිල්ලක් හැදුවොත් ආණ්ඩුවේ වත්කම් ලක්ෂ පන් සීයකින් වැඩි වෙන්න ඕනි. නමුත් මුදල් වියදම් කළත් ආණ්ඩුවේ ලේඛණ වලට අළුතින් වත්කම් එකතු වෙලා නැති නම් වාහනය පාවිච්චි කරන කෙනා ඒක ගෙදර පාවිච්චියට ගෙන ගියත් ඒක ආණ්ඩුව දන්නේ නෑ. ඒ වගේම පාසල් ගොඩනැගිල්ල හදනවා කියලා ආණ්ඩුවේ ලොක්කෙක් තමන්ගේ ගේ හදා ගත්තත් ඒක දන්නේ නෑ. එහෙම වෙන්න පුළුවන් ද?
ආණ්ඩුව වත්කම් මිල දී ගන්න වියදම් කරපු මුදලින් 68%කට අදාළ වත්කම් පිළිබඳ තොරතුරු සටහන් වෙලා නෑ කියලා විගණකාධිපතිතුමා 2021 වසර වෙනුවෙන් නිකුත් කරපු තමන්ගේ වාර්තාවේ කියනවා. ඒ වාර්තාවේ 114 පිටුවේ තිබෙනවා වගුවක්. ඒක නම් කරලා තිබෙන්නේ දොලොස් වෙනි වගුව හැටියට. මේ වගුවේ හැටියට 2006 සිට 2021 දක්වා ආණ්ඩුව අත්පත් කරගත්තු ස්ථාවර වත්කම් වලින් කෝටි 553,000ක් නැතිනම් ට්‍රිලියන 5.5ක් වටිනා වත්කම් ආණ්ඩුවේ ලේඛණ වල නෑ. ඒ කියන්නේ වත්කම් මිල දී ගන්න වැය කරපු මුදලින් 68%කට වත්කම් ආණ්ඩුවේ නෑ කියලා විගණකාධිපති කියන්නේ.
නරකම අවුරුද්ද 2013. ඒ අවුරුද්දේ වත්කම් මිල දී ගන්න වැය කරපු මුදලින් 94%කටම මිල දී ගත් වත්කම් පිළිබඳ කිසිම සටහනක් නෑ. මේක තමයි දූෂණය පිළිබඳ ඉතිහාසයේ වාර්තා වුණු ඇඟ කිලිපොලා යන වාර්තාව. මේ වත්කම් හොරකම් කලා ද නැතිනම් ඇත්තටම ආණ්ඩුවේ භාවිතයට ගත්තත් ආණ්ඩුවේ ලේඛණ වල සටහන් කරලා නැද්ද කියන එක මම දන්නේ නෑ. නමුත් මේක රටේ අවධානය වහාම යොමු විය යුතු ප්‍රශ්නයක්. පුංචි පුංචි සොරකම් ගැන බෙරිහන් දෙන බොහෝ සංවිධාන විගණකාධිපති මතු කරන මේ දැවැන්ත ගැටළුව ගැන කතා නොකරන්නේ ඇයි කියන එක අපට නම් ප්‍රශ්නයක්."
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්