News Category
From Date
To Date
Maximum Number of Result

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මිල්කෝ, හයිලන්ඩ් සහ කිරි ගොවිපළ 31ක් ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීමට සැලසුම් කර ඇති බවයි.

පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර, ලබන 6 වනදා දක්වා පළමු සතියේ සැසිවාරය පැවැත්වීමට නියමිතව තිබේ.

මුලතිව් මහෙස්ත්‍රාත් විනිසුරු සහ දිසා විනිසුරු වශයෙන් කටයුතු කළ ටී. සරවණරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ඉදිරි මාස 03ක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛත්වය ලබාදී ඉටුකළ යුතු කරුණු 16ක් ඇතුළත් විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවක් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබේ.

බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරන පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා ස්කොට්ලන්ඩ් යාර්ඩ් හි සහාය ලබාගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ ප්‍රකාශ කළද, එවැනි ඉල්ලීමක් ස්කොට්ලන්ඩ්යාඩ් වෙත ලැබී නොමැති බව අනාවරණය වේ.

පසුගිය දිනවල සිදුවූ ශ්‍රීලන්කන් ගුවන් ගමන් කිහිපයක් අවලංගු වීම් හා ඇතැම් ගුවන් ගමන් වාරවල දිගින් දිගටම සිදුවූ ප්‍රමාදයන් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි වාර්තා වේ.

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර ඇතත් සරත් ෆොන්සේකා මහතාද ජනාධිපතිවරණය ඉලක්ක කරමින් රට පුරා ජනහමු සංවිධානය කරමින් සිටින බව වාර්තා වේ.


දේශීය පුවත්

ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන 30 වැනිදා යළි කැඳවයි..

ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි ලබන 30 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..

වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ..

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනමය ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පෙර සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාගේ Udaya Gammanpila යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන "චෝදනාගාරය" වැඩසටහනට එක්වෙමින් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්, උන්වහන්සේට එරෙහිව සමාජයේ පවතින ප්‍රධාන ආන්දෝලනාත්මක චෝදනා කිහිපයකටම සෘජුව පිළිතුරු ලබා දී තිබේ.

"සැඟවී ඇති හෙළ ඉතිහාසය නැවත කියවීම" විශේෂ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 19 දා කොළඹදී..

අපේ අමතක වූ උරුමය නැවත සොයා යන අභිමානවත් ගවේෂණාත්මක සම්මන්ත්‍රණ මාලාව යටතේ පැවැත්වෙන "සැඟවී ඇති හෙළ ඉතිහාසය නැවත කියවීම" විශේෂ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 19 වන සෙනසුරාදා පස්වරු 01.30 ට කොළඹ මහජන පුස්තකාලයේ පළමු මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි ආරක්ෂිත උපදෙස් මාලාවක්..

සෞදි අරාබියේ බටහිර කලාපයේ මතුවෙමින් පවතින තත්ත්වය හමුවේ එහි වෙසෙන සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

මරාගෙන මැරෙන පුතුන් හැදූ ඊබ්‍රහීම්ලා සහ පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි රවිලා ශානිලා එළියේ.. බුද්ධි අංශ නිලධාරීන් ඇතුළේ.. - විමල් වීරවංශ

පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත් වීමකින් සිටි බවට පුද්ගලයින් අත්අඩංගුවට ගන්නේ නම් ඒ පිළිබඳව පූර්ව දැනුවත් වීමකින් සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවකට සිටි පොලිස්පති මෙන්ම රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අයවළුන් ද මුලින්ම අත්අඩංගුවට ගතයුතුව තිබූ බවත්, මරගෙන මැරෙන පුත්තු දෙන්නා හැදූ ඊබ්‍රහීම් ද දැන් එළියේ සැපෙන් ගතකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අගවිනිසුරුවරයාට ලැබුණු වාහන බලපත්‍රවලට මොකද වුනේ?.. - ධර්මශ්‍රී කාරියවසම්ගෙන් හෙළිදරව්වක්

අගවිනිසුරුවරයාගේ තීරුදුබදු රහිත වාහන බලපත්‍ර ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා ප්‍රශ්න කරන්නේ අගවිනිසුරුවරයා නීති විරෝධී වැඩක් කළා නම් ඔහු නීතිය පසිඳලන්නේ කෙසේදැයි යන්න ය.

විශ්වවිද්‍යාලවලට කළු සතියක්.. ආචාර්යවරු කළු ඇඳුමින්..

මෙරට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.