සත්‍ය සෙවීමේ කොමිසම පනතින් රණවිරුවන් යුද අපරාධකරුවන් කර දංගෙඩියට ගෙනයන්නට සැරසෙද්දී මහින්දලා ගෝඨාභයලා නිහඬයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2002 දී ආරම්භ කළ බෙදුම්වාදය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය දැන් කූඨප්‍රාප්තියට පත්කිරීමට සූදානම් වන බවත්, ඔහු 2002 දී සටන් විරාම ගිවිසුම තුළ බෙදුම්වාදීන්ගේ මනදොල සැපිරීමට දැඩි උත්සාහක නිරත වූ බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ එවැනි උත්සාහයක් ගත් සුඩානයේ එය සාර්ථක වූ හෙයින් අද වන විට සුඩානය බෙදී වෙන්වී එහි ජනතාව එකිනෙකා මරාගන්නා තත්ත්වයකට පත්ව ඇති බවත්ය.
එදා මෙරට ජාතික බලවේග රනිල් වික්‍රමසිංහ මහතාගේ එම ක්‍රියාවලිය පරාජය කළ හෙයින් රට බෙදා වෙන් කිරීමට නොහැකි වූ බවද, එහෙත් 2015 දී ඔහු නැවත බලයට පත්වූ පසු 2003 දී නතර කළ තැනින් යළි පටන්ගන්නා බව ප්‍රකාශ කළ බවද ඒ මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කෙවිට වනන විට ඒ අනුව කටයුතු කරමින් 2015 දී ඔහු උත්සාහ දැරුවේ එම ක්‍රියාවලිය වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක කිරීමට බවත් පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා, 30/1 යෝජනාවට ඔහු එකඟවූයේ ද ඒ නිසා බවත් පෙන්වා දෙයි.
මෙම ක්‍රියාවලියේ දී එදා අගමැතිවරයාව සිටිමින් රනිල් වික්‍රමසිංහ මහතා, යුද්ධය අවසන් කළ හමුදා නායකයන්ගේ ගෙලට තොණ්ඩුව දැමීම සඳහා නීති 5ක් සම්මත කළ බවත්, ඉන්පසුව ජනාධිපතිවරයා ලෙස තවත් නීති දෙකක් සම්මත කළ බවත් වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.
දැන් 8වැනි පනත ලෙස සත්‍ය සෙවීමේ කොමිසම පනත ගැසට්කර ඇති බවද මෙම පනත හරහා අනෙක් පනත් හතම සක්‍රීය කිරීමට බලය ලැබෙන බවද ඒ මහතා සඳහන් කරයි.
මෙම සත්‍ය සෙවීමේ කොමිසම පනත ක්‍රියාත්මක වීමේ දී ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගවලට මෙතෙක් සිදුකිරීමට නොහැකි වූ බොහොදේ සිදුකිරීමට හැකියාව ලැබෙන බව පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ මෙමගින් යුද්ධයට නායත්වය දුන් හමුදා නායකයන් ජාත්‍යන්තර අධිකරණ බලයට යටත් කිරීමටද හැකි වන බවයි.
මෙම පනත ගැසට් කර මාසයක් පමණ ගතවී ඇතත් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයන් දිගින් දිගටම නිහඬව පසුවන බවද වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්