
සත්‍ය සෙවීමේ කොමිසම පනතින් රණවිරුවන් යුද අපරාධකරුවන් කර දංගෙඩියට ගෙනයන්නට සැරසෙද්දී මහින්දලා ගෝඨාභයලා නිහඬයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2002 දී ආරම්භ කළ බෙදුම්වාදය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය දැන් කූඨප්‍රාප්තියට පත්කිරීමට සූදානම් වන බවත්, ඔහු 2002 දී සටන් විරාම ගිවිසුම තුළ බෙදුම්වාදීන්ගේ මනදොල සැපිරීමට දැඩි උත්සාහක නිරත වූ බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ එවැනි උත්සාහයක් ගත් සුඩානයේ එය සාර්ථක වූ හෙයින් අද වන විට සුඩානය බෙදී වෙන්වී එහි ජනතාව එකිනෙකා මරාගන්නා තත්ත්වයකට පත්ව ඇති බවත්ය.
එදා මෙරට ජාතික බලවේග රනිල් වික්‍රමසිංහ මහතාගේ එම ක්‍රියාවලිය පරාජය කළ හෙයින් රට බෙදා වෙන් කිරීමට නොහැකි වූ බවද, එහෙත් 2015 දී ඔහු නැවත බලයට පත්වූ පසු 2003 දී නතර කළ තැනින් යළි පටන්ගන්නා බව ප්‍රකාශ කළ බවද ඒ මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කෙවිට වනන විට ඒ අනුව කටයුතු කරමින් 2015 දී ඔහු උත්සාහ දැරුවේ එම ක්‍රියාවලිය වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක කිරීමට බවත් පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා, 30/1 යෝජනාවට ඔහු එකඟවූයේ ද ඒ නිසා බවත් පෙන්වා දෙයි.
මෙම ක්‍රියාවලියේ දී එදා අගමැතිවරයාව සිටිමින් රනිල් වික්‍රමසිංහ මහතා, යුද්ධය අවසන් කළ හමුදා නායකයන්ගේ ගෙලට තොණ්ඩුව දැමීම සඳහා නීති 5ක් සම්මත කළ බවත්, ඉන්පසුව ජනාධිපතිවරයා ලෙස තවත් නීති දෙකක් සම්මත කළ බවත් වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.
දැන් 8වැනි පනත ලෙස සත්‍ය සෙවීමේ කොමිසම පනත ගැසට්කර ඇති බවද මෙම පනත හරහා අනෙක් පනත් හතම සක්‍රීය කිරීමට බලය ලැබෙන බවද ඒ මහතා සඳහන් කරයි.
මෙම සත්‍ය සෙවීමේ කොමිසම පනත ක්‍රියාත්මක වීමේ දී ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගවලට මෙතෙක් සිදුකිරීමට නොහැකි වූ බොහොදේ සිදුකිරීමට හැකියාව ලැබෙන බව පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ මෙමගින් යුද්ධයට නායත්වය දුන් හමුදා නායකයන් ජාත්‍යන්තර අධිකරණ බලයට යටත් කිරීමටද හැකි වන බවයි.
මෙම පනත ගැසට් කර මාසයක් පමණ ගතවී ඇතත් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයන් දිගින් දිගටම නිහඬව පසුවන බවද වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
