online පනතේ බලතල ගැන ඇමැති ටිරාන් අලස් කියයි
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී මෙසේ අදහස් පල කරන ලදී.
"මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පසුගිය ගිය ඔක්තෝබර් මාසයේ මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා. ඒවාද සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊට සංශෝධන කිහිපයක් එක් කර අනුමැතිය ලබාදී තිබෙනවා. තවදුරටත් ඊට අවශ්‍ය සංශෝධන සිදුකිරීම සඳහා ජාත්‍යන්තර ආයතන ඇතුළු ආයතන රාශියක්, සහ සිවිල් සංවිධාන රාශියක් අප සමඟ මේ පිළිබඳ සාකච්ඡා කරනු ලැබුවා. කමිටුවක් වශයෙන් මුළු පනත පිළිබඳ සම්පූර්ණ අධ්‍යයනයක අප නිරත වුණා. සියලුම ජාත්‍යන්තර සංවිධාන වලිනුත් ඔවුන්ගේ නිර්දේශයන් ලබාදෙන ලෙස අප ඉල්ලා සිටියා. ඉන් අනතුරුව අමාත්‍යාංශ ලේකම්තුමා පොලිසියේ නීති අංශයේ නියෝජ්‍ය පොලිස්පතිතුමා සිංගප්පූරුවේදී මේ සියලූම ආයතන වල නියෝජිතයින් සමඟ තිදින සාකච්ඡාවක නිරත වුණා. දෙසැම්බර් 31 වනදා වන විට ඔවුන්ගේ නිර්දේශ අප වෙත ලබාදීමට ඔවුන් එකඟ වුණා. දෙසැම්බර් 31වනි දිනට එම නිර්දේශ ලබාදීමට නොහැකි වුවත් ජනවාරි අටවෙනිදා ඔවුන් එම නිර්දේශ අප වෙත ලබා දුන්නා.
ඒ අනුව ජනවාරි 12වන දා අප අමාත්‍යාංශයේදී පැය කිහිපයක සාකච්ඡාවක් මේ පිළිබඳව පැවැත්වුණා. ඊට සිංගප්පූරුවේ සිට පැමිණි නියෝජිතයකු ද සහභාගි වුණා. එමෙන්ම එම සාකච්ඡාවන් සම්බන්ධීකරණය කළ මෙරට නියෝජිතයින් ද ඊට එක්වුණා. එහිදී ඉදිරිපත් වූ සියලු යෝජනා පිළිබඳවද අවධානය යොමු කරමින් ඇතුලත් කළ හැකි සහ ඇතුළත් කළ නොහැකි කරුණු පිළිබඳව එකඟතාවයකට එළඹුණා. නමුත් මෙම යෝජනා මෙම අවස්ථාවේ ඊට ඇතුළත් කළ නොහැකි බවත්, එම යෝජනා වෙනම ඉදිරිපත් කළ යුතු බවත් නීතිපතිතුමා විසින් අප වෙත දැනුම් දුන්නා. ඒ අතරින් ඇතැම් යෝජනා නීතිපතිතුමාගේ උපදෙස් මත ඊට ඇතුළත් කිරීමේ හැකියාව ලැබුණා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝග වලට සහ නීතිපතිතුමාගේ උපදෙස් වලටද අනුකූලව ඇතුලත් කළ හැකි යෝජනාද සමඟ පනත මේ ආකාරයෙන් ඉදිරිපත් කර ඡන්දය අවසන් වීමෙන් අනතුරුව අලුතෙන් ඉදිරිපත් වූ යෝජනා සියල්ල ඊළඟ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වනවා. පසුව සංශෝධන ලෙස පනතට එය ඇතුළත් කිරීමට සියලු දෙනා එකඟතාවය පළ කර තිබෙනවා.
මේ වන විට පාර්ලිමේන්තුවේ සාමාජිකයින් කිහිප දෙනෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආකාරයෙන් ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය භාවිතයෙන් වංචා සිදුකිරීම, අන් අයකු වෙනුවෙන් පෙනී සිටිමින් වංචා සිදුකිරීම, කැරැල්ලක් ඇතිවන ආකාරයෙන් අසත්‍ය ප්‍රචාර සන්නිවේදනය කිරීම, ළමා අපචාර සහ කාන්තා හිංසනය, ආගමික සහජීවනයට බාධා කිරීම, අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම මගින් ජාතික ආරක්ෂාවට, නීතිය හා සාමයට, ආර්ථිකයට තර්ජනයක් වන විට ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම, ආගමික හා සංස්කෘතික ගැටුම් නිර්මාණය වීම වැනි අංශ සමස්තයක් ලෙස මේ පනතින් ආවරණය කරනු ලබනවා.
මෙහිදී ළමා අපචාර සහ කාන්තා හිංසනය පිළිබඳ මාගේ විශේෂ අවධානය යොමු වනවාවා. සමාජ මාධ්‍ය හරහා අපේ රට තුළ ළමා අපචාර හා කාන්තා හිංසන විශාල ප්‍රමාණයක් සිදුවනවා. ඝාතන සිදුව තිබෙනවා.ස්ත්‍රී දුෂණ සිදුව තිබෙනවා.
2023 වසරේ අන්තර්ජාලය ඔස්සේ සිදුකල අපරාධ සම්බන්ධව පැමිණිලි අට දහසකට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා.ලිංගික හිරිහැර කිරීම් පිලිබඳ පැමිණිලි 669ක්.නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කිරීම පිලිබඳ පැමිණිලි 506ක්. පසුගිය වසරේ පමණක් නිරුවත් ඡායාරූප ලක්ෂයකට අධික ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කර තිබෙනවා.අප මේ පනත ඉදිරිපත් කරන්නේ අපහාස කිරීම්, සයිබර් හිරිහැර කිරීම්,තර්ජනය කිරීම්,රාශියක් මෙන්ම ජාතික ආරක්ෂාවට බලපාන සිද්ධීන් 88ක්, මුදල් වංචා කිරීම් 457ක්,දත්ත සොරකම් කිරීම් 547ක් ආදී ක්‍රියාකාරකම් රාශියක් අතරේයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කිසිඳු පදනමකින් තොර චෝදනා එල්ල කිරීමට ඇතැමුන් සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය අපට දක්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන වංචා කිරීම් පිළිබඳ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද මා වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.මේ සියල්ල පාලනය කිරීම උදෙසා යම් යම් නීතී රීති අවශ්‍ය වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැබුණු ඉහත පැමිණිලි මෙන්ම පොලිස් කාන්තා සහ ළමා අංශය වෙත ද පැමිණිලි දහස් ගණනක් ලැබී තිබෙනවා.
මෙම පනත ගෙන ඒමේ අරමුණ මාධ්‍ය මර්ධනය කිරීම හෝ ප්‍රතිවාදීන්ට පහර එල්ල කිරීම හෝ නොවෙයි.මේ වෙනුවෙන් විශේෂඥ දැනුම සහිත පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ජනාධිපතිතුමා විසින් පත්කරනු ලැබුවා. තොරතුරු තාක්ෂනය, නීතිය, සමාජ සේවා,පාලනය, මාධ්‍ය කලාව, කළමනාකරණය ආදී විෂය ක්ෂේත්‍ර පිලිබඳ ප්‍රවීණයන් ඒ වෙනුවෙන් තෝරා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් අප ඉල්ලා සිටියා. එලෙස නම් කළ පුද්ගලයින් ව්‍යවස්ථා සභාවෙන්ද අනුමත කළ යුතුයි. එම නිසා මෙම කමිටුව තුළින් අපේ පුද්ගලික අවශ්‍යතාවන්ට අනුව එකිනෙකාට ප්‍රහාර එල්ල කිරීමට හැකියාවක් පවතී යැයි මා විශ්වාස කරන්නේ නැහැ.
එම කොමිසමට පැමිණිල්ලක් ලැබූ අවස්ථාවක අන්තර්ජාලය සහ අනෙකුත් සමාජ ජාලා ඔස්සේ සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාරයන් ඉවත් කිරීම සඳහා හෝ ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අදාල ආයතන වලින් ඉල්ලීමක් සිදු කළ හැකියි. එසේ නොවූවහොත් කොමිසම මහේස්ත්‍රාත් උසාවිය ඉදිරියේ පෙනී සිටිය යුතු වනවා. ඒ පිළිබඳව වන වගන්තිය කිසිදු වෙනස් කිරීමකින් තොරව ඒ ආකාරයෙන්ම මේ තුළ පවතිනවා. මේ සියල්ල සිදුකිරීමේ අරමුණ රටේ ළමා පරපුර සහ කාන්තාවන් ආරක්ෂා කර ගැනීමයි. එම නිසා දූ දරුවන් සිටින සහෝදරියන් සිටින බිරින්දෑවරුන් සිටින කිසිවෙකු මීට විරුද්ධ නොවනු ඇති බව මා විශ්වාස කරනවා. මෙහි සිටින බොහෝ දෙනෙකුට, තමන්ට හෝ තමන්ගේ පවුලේ සාමාජිකයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ මොනයම් ආකාර හෝ පීඩා පීඩාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන බව මා විශ්වාස කරනවා. එම නිසා රට වෙනුවෙන් සිතමින් මේ පනත සම්මත කර ගැනීමට සහයෝගය දක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..