ජාතිකවාදී බලවේග සැමදා පෙනී සිටියේ රට වෙනුවෙන්... සමස්තය බිඳවැට්ටවීමේ ක්‍රියාවලියට එරෙහිව අත්‍යවශ්‍යන්ම ජාතික න්‍යායපත්‍රයක් තිබිය යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
අනවරත අරගලයක් යනු මේ රටේ උරුමයක් බවත්, මේ රටේ ජාතික අනන්‍යතාව වෙනුවෙන් හැමදාමත් දිවිපිදූ පිරිසක් ආරම්භයේ සිටම සිටි බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
තම මාමාවරුන් මරාදමා රට ඒකීය භූමියක් බවට පත් කිරීමට පණ්ඩුකාභය කුමාරයා කටයුතු කළේ ද, දුටු ගැමුණු කුමාරයා ආක්‍රමණිකයා සමග සටන් වැදුනේ ද මේ රට එක රටක් ලෙස පවත්වාගත යුතුය යන පදනම තුළ සිට බවයි උන්වහන්සේ පවසන්නේ.
වර්තමානයේ නැවතත් බෙදුම්වාදී යුද්ධයෙන් රට මුදවාගැනීම සඳහා ජාතික චින්තනය පපුවේ තබාගත් පිරිස් කටයුතු කළ බවත්, දැන් බේරාගත් රට පරයින්ගෙන් පාවාදීම්වලින් බේරාගැනීම සඳහා කටයුතු කිරීමට සිදුවී ඇති බවත් උන්වහන්සේ පවසති.
මැදගොඩ අභයතිස්ස හිමියේ මේ බව පවසා සිටියේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ මූලිකත්වයෙන් පැවති ජාතික න්‍යායපත්‍රයක මූලාරම්භය (ජාතියට එක් න්‍යායපත්‍රයක්) සම්මුතිය අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
ජාතිකවාදී බලවේගයට අද සිදුවී තිබෙන්නේ පැමිණෙන විවිධ අභියෝගවලට, අර්බුදවලට මුහුණදීම සඳහා සංවිධානය වීම බවයි උන්වහන්සේ මෙහිදී පෙන්වා දෙන ලද්දේ.
ජාතිකවාදී බලවේග සැමදා පෙනී සිටියේ රට වෙනුවෙන් බවද, සමස්තය බිඳවැට්ටවීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවද, එයට එරෙහිව අත්‍යවශ්‍යන්ම ජාතික න්‍යායපත්‍රයක් තිබිය යුතු බවද උන්වහන්සේ මෙහිදී පෙන්වා දෙන ලදී.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන