News Category
From Date
To Date
Maximum Number of Result

ආර්ථික පරිවර්තන පනත “පිස්සාගේ පලා මල්ල” වගේ... මේ පනතින් බිහි කරන ආයතන රංචුව හරියට බූවල්ලෙක් වගේ - උදය ගම්මන්පිල

May 30, 2024 at 07:16 AM
|

ජනපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් වසර දෙකකට කල් දැමීම සදහා ඉදිරිපත් කරන යෝජනාව ඔක්තෝම්බර් මාසයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිධූරයේ තවදුරටත් රදවා ගැනීමට පාලිත රංගේ බණ්ඩාර මහතා දකින සිහිනයක් පමණක්ම වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

"ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත හැඳින්වීමට තිබෙන හොඳම යෙදුම “පිස්සාගේ පලා මල්ල” වගේ කියන එකයි. ඇයි අපි එහෙම කියන්නේ. කිසිම ඉලක්කයක් අරමුණක් නැතිව විවිධ ආයතන ගොන්නක් බිහි කරන්නත් අනාගතයේ ලඟා කර ගැනීමට කැමැති සිහින රංචුවක් ලියා තැබීමකුත් විතරයි මේකෙ දකින්න පුළුවන්. සිහින සාප්පු පනත කිව්වා නම් තවත් හොඳයි කියලා මට හිතෙන්නේ.

මේ පනතින් බිහි කරන ආයතන රංචුව හරියට බූවල්ලෙක් වගේ. අළුතින් බිහි කරන ආයතන හතේම පත්වීම් කරන්නේ ජනාධිපති. පාලනය කරන්නේ ජනාධිපති. ඒ කියන්නේ බූවල්ලාගේ අඬු වගේ ආර්ථිකය පුරා විහිදෙන මේ ආයතන බූවල්ලාගේ අඬු හිසට සවි වී තිබෙන ආකාරයට ජනපතිට සවි වෙලා තිබෙනවා. සමස්ත ආර්ථිකය පාලනය කිරීම ජනාධිපතිවරයා අතට අරන් දැනටමත් ඒකාධිපති බලයක් තිබෙන ජනාධිපති ධූරය තවත් සවිමත් කිරීමක් තමයි මේ පනතින් හොර රහසේම සිදු කරන්නේ.

මේ පනත අයිඑම්එෆ් ගිවිසුමට අනුව හැදූ පනතක් ලෙස සමහරු අර්ථ දැක්වුවත් ඒ ගිවිසුමේ නම් මෙවැනි පනතක් ගේන්න කියලා නෑ. ඒ වගේම මේ පනත අයිඑම්එෆ් ගිවිසුමට පටහැනියි. ගිවිසුමෙන් ඉලක්ක දීලා තිබෙන්නේ රාජ්‍ය වියදම අඩු කරන්න. නමුත් මේ පනතින් අළුත් ආයතන 7ක් බිහි කරලා.  ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ඉන්වෙස්ට්  ශ්‍රී ලංකා, ඉන්වෙස්ට්මන්ට් සෝන්ස් ශ්‍රී ලංකා, ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය, ජාත්‍යන්තර වෙළඳ තානාපති, ජාතික ඵලදායිතා කොමිසම, ආර්ථික සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මේ ආයතන හතයි. ආයෝජන මණ්ඩලය කෑලි කෑලි වලට කඩලා අධ්‍යක්ෂ මණ්ඩල, සභාපතිවරු, අධ්‍යක්ෂ ජනරාල්වරු වෙන වෙනම පත් කලාම අයිඑම්එෆ්ට පොරොන්දු වුණු විධියට රාජ්‍ය වියදම අඩු වෙනවා ද? නැතිනම් වැඩි වෙනවා ද?

මේ පනත අනුව 2027 පසු ආර්ථික වර්ධන වේගය 5%ට වඩා වැඩි කරන්න 2050 වන විට කාන්තා ශ්‍රම බලකායේ සහභාගිත්වය 50% කරන්න යනා දි වශයෙන් ඉලක්ක ගණනාවක් ඇමති මණ්ඩල විසින් කළ යුතුයි කියා භාර දී තිබෙනවා. ඕනෑම පනතක යම් විධානයක් කඩ කලාම ලබා දෙන දඬුවම තිබෙනවා. නමුත් මේ ඉලක්ක සපුරා ගත්තේ නෑ කියලා ඇමති මණ්ඩලයට කිසිම දඬුවමක් නෑ. හිරේ දානවා නොවෙයි ඇමති ධූරය අහිමි වෙනවා කියලාවත් නෑ. එහෙම නම් මේක නිකන්ම නිකන් ඉලක්කයක් මිස නීතියක් නොවේ.

ජනමත විචාරණය රංගේගේ සිහිනයක් පමණයි

ජනමත විචාරණයක් පවත්වලා ජනපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් අවුරුදු දෙකකට කල් දාන්න එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර මැතිතුමා යෝජනා කරලා තිබෙනවා. ආණ්ඩුව ඉදිරි ජනපතිවරණය දිනනවා නම් ජනාධිපතිට අවුරුදු දෙකක් වෙනුවට පහක්ම ලැබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය ආණ්ඩුව දිනනවා නම් එතැනත් අවුරුදු පහක් ලැබෙනවා. අවුරුදු පහක් ලබා ගන්න පුළුවන් මැතිවරණ දෙකට මුහුණ නොදී අවුරුදු දෙකකින් කාලය දිගු කරන්න කියා එජාප මහ ලේකම් ඉල්ලා සිටින්නේ තමන්ට ඡන්දය දිනන්න බැරි බව දන්නා නිසායි. ආණ්ඩුව ඉදිරි ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පරාජයට පත් වන බව පිලිගන්න නිහතමානි වුණාට රංගේ බණ්ඩාර මැතිතුමනි ඔබට බොහොම පිං.

සමහරු කියනවා ජනමත විචාරණයකින් ජනපතිවරණය කල් දාන්න බෑ කියලා. ඒක වැරදියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තිය අනුව ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය අරගෙන ජනපතිවරණය කල් දාන්න පුළුවන්. නමුත් මෙවර ජනපතිවරණයේ දී 40%ක් ගන්නා අපේක්ෂකයා ජයග්‍රහණය කරනවා. නමුත් ජනමතවිචාරණය ජයග්‍රහණය කරන්න අනිවාර්රයෙන් 50%ට වැඩි ඡන්දයක් ගන්න ඕනෑ. ඒ වගේම ජනපතිවරණයක දී අපේක්ෂකයින් සියළුදෙනාම එකිනෙකා අතර තරගයක් තිබෙන්නේ. නමුත් ජනමත විචාරණයේ දී ආණ්ඩුව එක පැත්තක. විපක්ෂයේ අපේක්ෂකයින් සියළුම දෙනා අනිත් පැත්තේ. ඉතින් ජනපතිවරණයක් දිනන්න ආණ්ඩුවට බැරි නම් ඊට වඩා අමාරු ජනමත විචාරණය දිනන්නේ කොහොමද? 82 වගේ ලාම්පු කළගෙඩි සෙල්ලම නෙවෙයි නේද කියලා අපිට අහන්න වෙනවා. මේක ඔක්තෝම්බර් මාසයෙන් පසු ජනපති ධූරයේ වත්වමන් ජනපතිවරයා තවදුරටත් රදවා ගැනීමට රංගේ බණ්ඩාර මහතා දකින සිහිනයක් විතරයි."

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.