News Category
From Date
To Date
Maximum Number of Result

ආර්ථික පරිවර්තන පනත “පිස්සාගේ පලා මල්ල” වගේ... මේ පනතින් බිහි කරන ආයතන රංචුව හරියට බූවල්ලෙක් වගේ - උදය ගම්මන්පිල

May 30, 2024 at 07:16 AM
|

ජනපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් වසර දෙකකට කල් දැමීම සදහා ඉදිරිපත් කරන යෝජනාව ඔක්තෝම්බර් මාසයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිධූරයේ තවදුරටත් රදවා ගැනීමට පාලිත රංගේ බණ්ඩාර මහතා දකින සිහිනයක් පමණක්ම වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

"ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත හැඳින්වීමට තිබෙන හොඳම යෙදුම “පිස්සාගේ පලා මල්ල” වගේ කියන එකයි. ඇයි අපි එහෙම කියන්නේ. කිසිම ඉලක්කයක් අරමුණක් නැතිව විවිධ ආයතන ගොන්නක් බිහි කරන්නත් අනාගතයේ ලඟා කර ගැනීමට කැමැති සිහින රංචුවක් ලියා තැබීමකුත් විතරයි මේකෙ දකින්න පුළුවන්. සිහින සාප්පු පනත කිව්වා නම් තවත් හොඳයි කියලා මට හිතෙන්නේ.

මේ පනතින් බිහි කරන ආයතන රංචුව හරියට බූවල්ලෙක් වගේ. අළුතින් බිහි කරන ආයතන හතේම පත්වීම් කරන්නේ ජනාධිපති. පාලනය කරන්නේ ජනාධිපති. ඒ කියන්නේ බූවල්ලාගේ අඬු වගේ ආර්ථිකය පුරා විහිදෙන මේ ආයතන බූවල්ලාගේ අඬු හිසට සවි වී තිබෙන ආකාරයට ජනපතිට සවි වෙලා තිබෙනවා. සමස්ත ආර්ථිකය පාලනය කිරීම ජනාධිපතිවරයා අතට අරන් දැනටමත් ඒකාධිපති බලයක් තිබෙන ජනාධිපති ධූරය තවත් සවිමත් කිරීමක් තමයි මේ පනතින් හොර රහසේම සිදු කරන්නේ.

මේ පනත අයිඑම්එෆ් ගිවිසුමට අනුව හැදූ පනතක් ලෙස සමහරු අර්ථ දැක්වුවත් ඒ ගිවිසුමේ නම් මෙවැනි පනතක් ගේන්න කියලා නෑ. ඒ වගේම මේ පනත අයිඑම්එෆ් ගිවිසුමට පටහැනියි. ගිවිසුමෙන් ඉලක්ක දීලා තිබෙන්නේ රාජ්‍ය වියදම අඩු කරන්න. නමුත් මේ පනතින් අළුත් ආයතන 7ක් බිහි කරලා.  ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ඉන්වෙස්ට්  ශ්‍රී ලංකා, ඉන්වෙස්ට්මන්ට් සෝන්ස් ශ්‍රී ලංකා, ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය, ජාත්‍යන්තර වෙළඳ තානාපති, ජාතික ඵලදායිතා කොමිසම, ආර්ථික සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මේ ආයතන හතයි. ආයෝජන මණ්ඩලය කෑලි කෑලි වලට කඩලා අධ්‍යක්ෂ මණ්ඩල, සභාපතිවරු, අධ්‍යක්ෂ ජනරාල්වරු වෙන වෙනම පත් කලාම අයිඑම්එෆ්ට පොරොන්දු වුණු විධියට රාජ්‍ය වියදම අඩු වෙනවා ද? නැතිනම් වැඩි වෙනවා ද?

මේ පනත අනුව 2027 පසු ආර්ථික වර්ධන වේගය 5%ට වඩා වැඩි කරන්න 2050 වන විට කාන්තා ශ්‍රම බලකායේ සහභාගිත්වය 50% කරන්න යනා දි වශයෙන් ඉලක්ක ගණනාවක් ඇමති මණ්ඩල විසින් කළ යුතුයි කියා භාර දී තිබෙනවා. ඕනෑම පනතක යම් විධානයක් කඩ කලාම ලබා දෙන දඬුවම තිබෙනවා. නමුත් මේ ඉලක්ක සපුරා ගත්තේ නෑ කියලා ඇමති මණ්ඩලයට කිසිම දඬුවමක් නෑ. හිරේ දානවා නොවෙයි ඇමති ධූරය අහිමි වෙනවා කියලාවත් නෑ. එහෙම නම් මේක නිකන්ම නිකන් ඉලක්කයක් මිස නීතියක් නොවේ.

ජනමත විචාරණය රංගේගේ සිහිනයක් පමණයි

ජනමත විචාරණයක් පවත්වලා ජනපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් අවුරුදු දෙකකට කල් දාන්න එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර මැතිතුමා යෝජනා කරලා තිබෙනවා. ආණ්ඩුව ඉදිරි ජනපතිවරණය දිනනවා නම් ජනාධිපතිට අවුරුදු දෙකක් වෙනුවට පහක්ම ලැබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණය ආණ්ඩුව දිනනවා නම් එතැනත් අවුරුදු පහක් ලැබෙනවා. අවුරුදු පහක් ලබා ගන්න පුළුවන් මැතිවරණ දෙකට මුහුණ නොදී අවුරුදු දෙකකින් කාලය දිගු කරන්න කියා එජාප මහ ලේකම් ඉල්ලා සිටින්නේ තමන්ට ඡන්දය දිනන්න බැරි බව දන්නා නිසායි. ආණ්ඩුව ඉදිරි ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පරාජයට පත් වන බව පිලිගන්න නිහතමානි වුණාට රංගේ බණ්ඩාර මැතිතුමනි ඔබට බොහොම පිං.

සමහරු කියනවා ජනමත විචාරණයකින් ජනපතිවරණය කල් දාන්න බෑ කියලා. ඒක වැරදියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තිය අනුව ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය අරගෙන ජනපතිවරණය කල් දාන්න පුළුවන්. නමුත් මෙවර ජනපතිවරණයේ දී 40%ක් ගන්නා අපේක්ෂකයා ජයග්‍රහණය කරනවා. නමුත් ජනමතවිචාරණය ජයග්‍රහණය කරන්න අනිවාර්රයෙන් 50%ට වැඩි ඡන්දයක් ගන්න ඕනෑ. ඒ වගේම ජනපතිවරණයක දී අපේක්ෂකයින් සියළුදෙනාම එකිනෙකා අතර තරගයක් තිබෙන්නේ. නමුත් ජනමත විචාරණයේ දී ආණ්ඩුව එක පැත්තක. විපක්ෂයේ අපේක්ෂකයින් සියළුම දෙනා අනිත් පැත්තේ. ඉතින් ජනපතිවරණයක් දිනන්න ආණ්ඩුවට බැරි නම් ඊට වඩා අමාරු ජනමත විචාරණය දිනන්නේ කොහොමද? 82 වගේ ලාම්පු කළගෙඩි සෙල්ලම නෙවෙයි නේද කියලා අපිට අහන්න වෙනවා. මේක ඔක්තෝම්බර් මාසයෙන් පසු ජනපති ධූරයේ වත්වමන් ජනපතිවරයා තවදුරටත් රදවා ගැනීමට රංගේ බණ්ඩාර මහතා දකින සිහිනයක් විතරයි."

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.