ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..
රටේ පවතින නීතියට ගරු කිරීම භික්ෂූන් වහන්සේලා ඇතුළු සෑම පුරවැසියෙකුගේම වගකීමක් බැවින් තමන් වහන්සේ නීතියට හිස නමන බවත්, තමන් සිදුකළ අරගලය කිසිදු පෞද්ගලික හෝ දේශපාලනික න්‍යායපත්‍රයක් වෙනුවෙන් නොව ජාතියේ හා ශාසනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සිදුකළ එකක් බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ තමන් වහන්සේ විසින් රචනා කරන ලද ‘9.5 විකෘතිය - ගෝලීය ඉස්ලාම් අන්තවාදී තර්ජන හමුවේ ජාතියේ ඉරණම’ කෘතිය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
පසුගිය දිනවල මතුවූ විවිධ නීතිමය තත්ත්වයන් සහ අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ වුවද මෙම කෘතිය එළිදැක්වීමට ලැබීම ඓතිහාසික අවස්ථාවක් ලෙස හඳුන්වා දුන් උන්වහන්සේ, තමන් සැමවිටම උත්සාහ කළේ මතුවෙමින් පැවති අන්තවාදී තර්ජනයන් පිළිබඳ සමාජය සහ බලධාරීන් දැනුවත් කරමින් අවිහිංසාවාදී බෞද්ධ සමාජය ආරක්ෂා කරගැනීමට බව අවධාරණය කළහ. තමන් වහන්සේ කිසිවිටෙකත් ජනාධිපති සමාවක් ඉල්ලා නොසිටි අතර, ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලියේදී පාලකයින් හෝ නිලධාරීන් අතින් යම් වරදක් සිදුවී ඇත්නම් ඒ වෙනුවෙන් තමන්ගෙන් පළිගැනීම සාධාරණ නොවන බවත්, වත්මන් ජනාධිපතිවරයා හෝ රජය සමඟ තමන්ගේ පෞද්ගලික විරෝධයක් නොමැති බවත් උන්වහන්සේ මෙහිදී පැහැදිලි කළහ.
එසේම පාස්කු ප්‍රහාරයට පෙර සිටම සහරාන් වැනි අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ආරක්ෂක අංශ සහ පාලකයින් දැනුවත් කිරීමට කටයුතු කළ බව මතක් කර දුන් උන්වහන්සේ, ‘එක් රටක් එක නීතියක්’ කාර්ය සාධක බලකාය හරහා රට පුරා දිස්ත්‍රික්ක 22ක සංචාරය කරමින් ඒ පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක්ද සකස් කර ලබාදුන් බව පැවසූහ. අවසාන වශයෙන් අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ, තමන් වහන්සේ මුහුණ දෙන මෙම තත්ත්වයන් සහ නීතිමය බාධාවන් නිසා අනාගතයේදී රට සහ ජාතිය වෙනුවෙන් පෙනී සිටීමට පැමිණෙන භික්ෂු පරපුර අධෛර්යමත් නොවිය යුතු බවත්, ඓතිහාසික භික්ෂු භූමිකාව අඛණ්ඩව පෙරට ගෙන යා යුතු බවත්ය.
උන්වහන්සේ පැවැත්වූ කතාවේ සවිස්තරාත්මක වීඩියෝවක් ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරයවසම් මහතාගේ 'කාරිගේ චැනල් එක' යූටියුබ් නාලිකාව හරහා ඉදිරිපත් කර ඇති අතර එම වීඩියෝව පහළින්.
.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..
ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..
22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..
සවුදිය අර්බුදයක.. සටන් විරාමයක් සඳහා සතර අතට පණිවිඩ යවයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
ආණ්ඩුව යමින් ඉන්නේ ආසියාවේ ඊශ්‍රායලයත්, පලස්තීනයත් මේ රටේ බිහි කරන ගමනක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..
ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..
නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..
ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..
තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..
කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..
කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ
ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..