රුසියාවේ ක්‍රසනොදාර් කලාපයේ කව්කාස් වරායේ දුම්රිය අංගනයට කියෙව් හමුදා ඊයේ(22) මිසයිල් ප්‍රහාරයක් එල්ල කළ බව රුසියානු ප්‍රවෘත්ති සේවා ප්‍රාදේශීය හදිසි සේවා උපුටා දක්වමින් වාර්තා කළේය. මිසයිල ප්‍රහාරයෙන් දුම්‍රිය අංගනයේ විශාල ගින්නක් හටගෙන ඇති අතර ගිනි නිවීමේ දුම්රියක් එම ස්ථානයට යවා ඇති බව වාර්තා වේ.
2022 අගෝස්තු 20 වන දින දක්ෂ රුසියානු තරුණ මාධ්‍යවේදිනියක වන දාරියා දුගිනා ඝාතනය කරනු ලැබූ අතර, ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක යෙදුනු රුසියානු සමූහාණ්ඩුවේ විමර්ශන බලධාරීන් විසින් මෙම ඝාතනය යුක්රේන විශේෂ සේවා විසින් සංවිධානය කර ක්‍රියාවට නැංවූවක් බව තහවුරු කර ඇති බවත් ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති රණවිරුවන් පාවාදෙන "සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත" හෙවත් "ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත" වහා හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් සර්වජන බලය දේශපාලන එකමුතුව අද(21) පාර්ලිමේන්තු වටරවුම අසල දී විරෝධතාවක නිරත විය.
ජනාධිපති අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා යාපනයට ගොස් සුළු ජාතික ඡන්ද ලබාගැනීමේ අටියෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු දී ඇති බවත්, එයින් රටට වන විනාශය පිලිබඳව ඔවුන් කිසිඳු තැකීමක් නොකරන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
රුසියානු හමුදා ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ නිව් යෝර්ක් නගරය සම්පූර්ණයෙන්ම මුදාගෙන ඇති බව රුසියානු මාධ්‍ය පසුගිය 18 දා වාර්තා කළේය. සුවිශේෂී නමක් සහිත ජනාවාස යුක්රේනය විසින් ප්‍රධාන බලකොටුවක් බවට පත් කර තිබූ බව රුසියානු මාධ්‍ය වාර්තා කර සිටියේය. රුසියානු හමුදාව ඩොන්බාස් හි සිදුකළ අඛණ්ඩ මෙහෙයුම් වල කොටසක් ලෙස ජුනි මාසයේදී නිව් යෝර්ක් සහ අසල්වැසි ටොරෙට්ස්ක් සමුහයට මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කරන ලදී. රුසියානු මාධ්‍ය වාර්තාවලට අනුව, ජූලි මස මුලදී, යුක්‍රේන හමුදා එහි උතුරු මායිම දෙසට තල්ලු කරමින් නගර මධ්‍යය අල්ලා ගැනීමට රුසියානු හමුදා සමත් විය. ඒ අනුව මේ වන විට නගරයේ උතුරු කොටස ද රුසියානු පාලනයට නතු වී ඇත.
දේශීය පුවත්
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදම් පිල්ලේට..
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..
හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති
හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..