උසස් පෙළ පොදු පරීක්‍ෂණ විභාගයට මාලිමාවට සම්බන්ධ ප්‍රශ්න පහක් - ගම්මන්පිලගෙන් අනාවරණයක්
මාලිමාවේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රශ්න 5ක් අන්තර්ග කර ඇති බවත්, පාසල් දරුවන් දේශපාලනීකරණය කිරීමේ ආණ්ඩුවේ පළමු පියවර මෙයදැයි තමන් ප්‍රශ්න කරණ බවත් පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (11) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී නීතිඥ උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක් වීය.
මාලිමා දේශපාලනය පාසල් ඇතුළට රිංගවයි
මාලිමාවේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉගෙන ගත් පාසල තමයි මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍යම මහ විද්‍යාලය. මේ විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේ දී උසස් පෙළ දරුවන්ට ලබා දුන් සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය තමයි මේ තිබෙන්නේ. පළමු ප්‍රශ්නය තමයි ජනපති අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නම කුමක්ද? දෙවන ප්‍රශ්නය ජනපතිවරණයේ දී ජනපති අනුර ලබා ගත් ඡන්ද ප්‍රතිශතය. තුන්වන ප්‍රශ්නය වෙන්නේ ජනපති අනුරගේ ලේකම්වරයා කවුද? හතරවන ප්‍රශ්නය අගමැතිවරියගේ විෂය පථය ගැන. පස්වන ප්‍රශ්නය ජවිපෙ ආරම්භ කළ වර්ෂය කුමක්ද. පළමු ප්‍රශ්න පහම වෙන් කරලා තිබෙන්නේ මාලිමාවට.
මේ තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ ප්‍රශ්න පත්‍රය සැකසීමේ මාර්ගෝපදේශ. පලමු ප්‍රශ්න 10 කාලීන සිදුවීම් ආශ්‍රිත තොරතුරු වෙනුවෙන් වෙන් වෙනවා. ඒකෙන් 50%ක්ම මාලිමාව නැතිනම් 10 යෙන් 5ක් ම මාලිමාව ගැන ප්‍රශ්න. කිසිම ආණ්ඩුවක් දේශපාලනය පාසල් ඇතුලට මේ වගේ රිංගවාලා දරුවන්ගේ ඔළුව කන්න හැදුවේ නෑ කියලා අද දෙමව්පියන් කියනවා. පාසලේ ආදිශිෂ්‍යයින් අපට කිව්වේ කොටි ත්‍රස්තවාදය පරාජය කරලා යුද ජයග්‍රහණය ලබපු වෙලාවේ වත් මෙවැනි ප්‍රශ්න මාලාවක් දරුවන්ට ඉදිරිපත් කලේ නෑ කියලා.
මාලිමාව රාජ්‍ය බලය අවභාවිතා කරලා පාසල් දරුවන් දේශපාලනිකරණය කිරීමේ පළමු පියවර මේකදැයි අපට ප්‍රශ්න කරන්න වෙනවා. අපි පාසල් යන කාලයේ ජවිපෙ අපට කිව්වේ “පළමුව මව්බිම – දෙවනුව ඉගෙනුම” ඒ නිසා අධ්‍යාපනය අත් හැරලා ආණ්ඩුවට එරෙහිව දේශපාලනය කරන්න එන්න කියලා. අපිත් ඒ ලණුව කාලා අධ්‍යාපනය අත් හැරලා දේශපාලනය කරන්න ගියා. මොකක්ද පූරුවේ වාසනාවකට විභාග ඉහළින්ම සමත් වෙන්න අපට පුළුවන් වුණා. නමුත් හැමෝම එතරම් වාසනාවන්ත වුණේ නෑ.
විශ්ව විද්‍යාල දරුවන් ගවේශනශීලි විමර්ශනශීලී පිරිසක් වෙන්න ඕනි කියලා සෝරත හාමුදුරුවෝ කිව්වත් අද විශ්ව විද්‍යාල දරුවන් ජවිපෙ දුරස්ථ පාලකයෙන් ක්‍රියාත්මක වන රොබෝ යන්‍ත්‍ර බවට පත් වෙලා. රාජ්‍ය බලය අවභාවිතා කරලා පක්ෂ දේශපාලනය පාසල් ඇතුලට අරගෙන ගිහින් පාසල් දරුවන් විනාශ කරන්න එපා කියලා ජනාධිපතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
උසස් පෙළ දරුවන් තමන්ගේ පාසල්වල විෂය නිර්දේශ නිසි පරිදි ආවරණය කරලා නැති නිසා නොවැම්බර් මස පැවැත්වීමට නියමිත විභාගය මාසයකින් කල් දමා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. උසස් පෙළ විභාගය ලංකාවේ පළමුවැන්නා ලෙස සමත් වී දේශපාලනයේ සිටින කෙනෙකු හැටියට ඒ ඉල්ලීම ඉටු කර දෙන්න අපි මැදිහත් වේවි කියන විශ්වාසයෙන් ඒ දරුවන් කටයුතු කරනවා. මගේ ජීවිතයේ තීරණාත්මක කඩඉම උසස් පෙළ විභාගය. මම එදා ලංකාවේ පළමුවැන්නාට උසස් පෙළ සමත් නොවුණා නම් මගේ ජීවිතය මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මට එදා ලැබුණු සාධාරණ අවස්ථාව මේ රටේ සෑම දරුවෙකුටම ලැබිය යුතුයි කියලා අපි කල්පනා කරනවා.
විභාගය කල් දමා දෙන්න කියා උසස් පෙළ දරුවන් කරන ඉල්ලීම සාධාරණ ද? මේ අය කියන්නේ බොහෝ පාසල්වල විෂය නිර්දේශ ආවරණය කර නැති නිසා විභාගයේ දී අසාධාරණයක් වෙනවා කියන එකයි. බැලු බැල්මට මේ ඉල්ලීමේ සාධාරණයක් පේනවා. මොකද සාමාන්‍යයෙන් උසස් පෙළ දරුවෙකුට අවම වශයෙන් වසර දෙකක කාලයක් ලැබෙනවා උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලබන්න. නමුත් මේ දරුවන්ට ඒ කාලය ලැබිලා නෑ. ඒ නිසා වෙනත් දරුවන්ට ලැබුණු කාලය මේ දරුවන්ටත් ලැබිය යුතුය කියන එක සාධාරණ ඉල්ලීමක්. අයිතිවාසිකමක්. තමන්ගේ අනාගත වෘත්තිය තීරණය කරන ජීවිතයේ වැදගත්ම කඩඉම වන උසස් පෙළ විභාගය සඳහා තවත් මාසයක කාලයක් දරුවන්ට ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
වෙනදා අපි මේ පිළිබඳ ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ පාර්ලිමේන්තුවේ දී. පාර්ලිමේන්තුවේ අපේ ඉදිරිපිට ආණ්ඩුවේ විෂය භාර ඇමතිවරයා ඉන්නවා. දැන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා පමණක් නොවේ. ජනාධිපති සහ අධ්‍යාපන ඇමතිනිය දුරකතනයට සම්බන්ධ කර ගන්නත් බෑ. ඒ නිසා අපට ජනපති සහ අධ්‍යාපන ඇමතිනි අමතන්න තිබෙන එකම ක්‍රමය ජනමාධ්‍ය පමණයි. ඒ නිසා මේ දරුවන්ට උසස් පෙළට සූදානම් වෙන්න සාධාරණ කාලයක් ලබා දෙන්න කියලා ජනාධිපතිතුමාගෙනුත් අධ්‍යාපන ඇමතිතුමියගෙනුත් ඉල්ලා සිටිනවා.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා