News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද(13) පෙ.ව 10 ට කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි බොහෝ විට සිදුවන්නේ එය ක්‍රියාත්මක කරන ආකාරය අනුව බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.

ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද(13) පෙ.ව 10 ට කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.

ජාතික විද්වද් භික්ෂු සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන විසින් සම්පාදනය කළ 'අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය' 60 වැදෑරුම් සමාජ සම්මුතිය ජනගත කිරීම සහ සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ අවස්ථාව අද(13) පෙ.ව 10 ට කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී සිදු විය.

"දැඩි සත්කාර ඒකකයේ" ප්‍රතිකාර ලබන "ශ්‍රී ලංකා මාතාව" නැමැති රෝගියා සුවපත් කළ හැකි "සුදුසුම ප්‍රතිකර්මය" සතු "හොඳම දොස්තර" තේරීම සඳහා මෙරට ජනතාව මෙවර ජනාධිපතිවරණය යොදාගත යුතු බවත් ඒ "සුදුසුම ප්‍රතිකර්මය" අතැතිව සර්වජන බලය විධායක සභික, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතා ජනාධිපති සටනට පැමිණ ඇති බවත් සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

බංග්ලාදේශයේ සිසුන් මූලික කරගත් විරෝධතා උත්සන්න වීම හමුවේ ධුරයෙන් ඉවත්ව ඉන්දියාවට පළායාමෙන් පසු පළමුවරට බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා නිකුත් කළ නිවේදනයක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල හමුදාවට එරෙහිව සටන් මෙහෙයුම් 10 ක් සිදු කර ඇතැයි හිස්බුල්ලා සංවිධානය පවසයි. ඉහළ ගලීලයේ ජනාවාස ඉලක්ක කර එල්ල වූ දැවැන්ත මිසයිල ප්‍රහාරයද මෙම මෙහෙයුම් වලට ඇතුලත් වූ බව හිස්බුල්ල සංවිධානය වැඩිදුරටහ් අද(11) ප්‍රකාශ කළේය. හිස්බුල්ලා සංවිධානයේ ප්‍රකාශයන්ට අනුව, ලෙබනන-ඊශ්‍රායල් දේශසීමාවේ ස්ථානගත කර තිබූ දෘශ්‍ය පාලන පද්ධති කිහිපයක් විනාශ වූ අතර ඊශ්‍රායල හමුදා බලකොටු හතරකටද මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. Sa'ar ප්‍රදේශයේ දී, ඊශ්‍රායල හමුදා සාමාජිකයින් පිරිසක් වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක්ද මේ ප්‍රහාර වලට එකතු වන බවද සංවිධානය පවසයි. 08 වනදා සවස ද හිස්බුල්ලා සංවිධානය ඩ්‍රෝන යානා යොදා ගනිමින් සෆෙඩ් නගරයට නිරිත දෙසින් පිහිටි උතුරු හමුදා සැපයුම් කඳවුරකට ප්‍රහාර එල්ල කළේය. හිස්බුල්ල සංවිධානය කළ ප්‍රකාශයකට අනුව ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ ජනාවාස 16කටද පහර දී ඇත.

ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග රජයක් යටතේ නිවාස සඳහා මුළුතැන්ගෙයක් අවශ්‍ය නොවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

මෙරට ආර්ථිකය කෙසේ හැඩගැස්විය යුතුද, මෙරට රාජ්‍ය අංශය සතුව පවතින්නේ කුමන ආයතනද යන්න මෙරට ජනතාව තීරණය කරන දෙයක් මිස ආත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කරන දෙයක් නොවන බවත්, මෙරට ජපාන තනාපතිවරයා එක්තර රැස්වීමක දී පවසා ඇත්තේ කවුරු ජනාධිපති වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ලෙස වැඩ කළ යුතු බව යැයි ද, එලෙස තානාපතිවරයකුට රටක දේශපාලන කාරණා ප්‍රසිද්ධ රැස්වීමක දී පැවසිය නොහැකි බවද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පවසයි.


දේශීය පුවත්

"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.