නව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය ලබාදෙනවා... අපි කකුලෙන් අදින පක්ෂයක් නෙමෙයි - උවිඳු කියයි
2024 පාර්ලිමේන්තු මැතිවරණය සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් දෙවන පරපුරේ නායක, උවිඳු විජේවීර මහතාගේ සහභාගීත්වයෙන් අද(18) දින දෙවන පරපුර මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේ දී මාධ්‍ය හමුවක් පැවැත්විණි.
එහිදී අදහස් දත්වමින් උවිඳු විජේවීර මහතා පැවසුවේ මේ මොහොතේ අලුත් ජන වරමක් සමග 3/2 බලයක් ආණ්ඩුවට ලැබී ඇති බවත්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එම බලය ආණ්ඩුව විසින් කැපකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.
දෙවන පරපුර පක්ෂයක් ලෙස ආණ්ඩුවට සහාය පළ කරන බවත්, අහිතකර තීන්දු තීරණ ගන්නේ නම් ඒවා පෙන්වාදීමට කටයුතු කරන බවත්, ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට උත්සාහ නොකරන බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
පහුගිය දා දෙමළ ඩයස්පෝරාව විසින් රජයට එවා ඇති ලිපිය පිළිබඳව ද අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ උතුරත් දකුණත් එකතු කිරීමට මිස ජනතාව බෙදීමට දෙමළ ඩයස්පෝරාවට ඉඩ නොදිය යුතු බවය.
ජනතාව බෙදීමට ලක්කරන දෙමළ ඩයස්පෝරාවේ මෙවැනි යෝජනා ප්‍රතික්ෂේප කළ යුතු බවත් උවිඳු විජේවීර මහතා පවසයි.
රනිල් - පොහොට්ටු ආණ්ඩුව ගෙනා රටට අහිතකර පනත් අහෝසි කිරීමට රජය කටයුතු කළ යුතු බවත් සඳහන් කරන ඒ මහතා, රටට අහිතකර පනත් වෙනස් කළ හැකි බලයක් රටේ ජනතාව රජයට ලබාදී ඇති බවද පෙන්වා දෙයි.
එමෙන්ම වංචා දූෂණ වලට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා දඩුවම් ලබාදිය යුතු බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා