එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්‍රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත
නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමින් ඉරිදා(17) පලවූ නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත වාර්තා කළේ , 2014 ට පෙර රුසියාවේ පැවැති දේශසීමා වල ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකානු දිගු දුර මිසයිල භාවිතා කිරීමට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් යුක්රේනයට අවසර දී ඇති බවයි.
පුවත්පත පවසන වාර්තාව නිවැරදි එකක් වන්නේ නම් වොෂින්ටනයේ රුසියානු-යුක්‍රේන ගැටුම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්තියේ විශාල වෙනසක් සනිටුහන් කරන අතර මොස්කව් සහ කියෙව් අතර ගැටුමේ තීව්ර අවස්ථාව වනු ඇති බව යුද විශ්ලේෂකයෝ පවසති.
කෙසේ වුවද ධවල මන්දිරය තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත.
දරුණු සටන් පවතින රුසියාවේ කර්ස්ක් කලාපයේ රුසියානු හමුදාවන්ට සහ උතුරු කොරියානු හමුදාවන්ට එරෙහිව යුක්රේනය හමුදා උපායික මිසයිල පද්ධති (ATCMS) යෙදවීමට අපේක්ෂා කරන බවද වාර්තාව වැඩිදුරටත් පවසයි. ප්‍යොංයැන්ග් හමුදා රුසියාවේ ක්‍රියාත්මක වන බවට මෙතෙක් තහවුරු කළ සාක්ෂි නොමැති වුවද, උතුරු කොරියානු හමුදාවන් රුසියාවේ සිටින බව පැවසීම ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා සාධාරණීකරණය කිරීමේ අවස්ථාවක් ලෙස භාවිතා කර ඇත.
ATACMS මිසයිල 2022 සිට යුක්රේනයේ අවි ගබඩාවේ තිබූ HIMARS මිසයිල විදින වලින් දියත් කළ හැකිය. කියෙව් හමුදාවට අප්‍රේල් මාසයේ සිට ATACMS මිසයිල තිබූ නමුත් මේ වන තෙක් වොෂින්ටනය විසින් යුක්රේනියානු යැයි සැලකෙන ගොඩබිම තුළ පමණක් භාවිතා කිරීමට සීමා වී ඇත. ATACMS මිසයිල ශබ්දයේ වේගයෙන් ගමන් කරන අතර කිලෝමීටර් 300 (සැතපුම් 190) පරාසයකට ඉලක්ක කිරීමේ හැකියාව ඇත.
"මෙම පියවර සැලකිය යුතු යුද ආතතියක් අඇති කිරීමක් වන අතර එය මොස්කව් වෙතින් සෘජු ප්‍රතිතිචාරයක් ඇති කළ හැකිය" යනුවෙන් වාර්තාව සඳහන් කරයි. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නැවත නැවතත් අනතුරු අඟවා ඇත්තේ ඇමරිකාව විසින් සපයන ලද අවි ආයුධ සමඟ රුසියාව ජාත්‍යන්තරව පිළිගත් භූමියට එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් නේටෝව සෘජුවම ගැටුමට සම්බන්ධ වන බව සලකනු ඇති බවයි. එවැනි ක්‍රියා බටහිර අවශ්‍යතාවලට එරෙහිව පළිගැනීම් ඇතුළු දරුණු ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි බව පුටින් අනතුරු ඇඟවීම් කරනු ලැබීය.
නිව් යෝක් පුවත් පත වාර්තා කළ ආකාරයට එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති මාරුව ජනාධිපති ජෝ බයිඩන්ගේ උපදේශකයින් අතර මතවාදී බෙදීමක් පවා ඇති කර තිබේ. මොස්කව් හමුදා අනුගමනය කරන්නේ යැයි පැවසෙන මිලිටරිමය පියවරයන්ට එරෙහිව මෙම වෙනස අත්‍යවශ්‍ය බව එම උපදේශකයන්ගෙන් ඇතැමුන් තර්ක කරන අතර තවත් සමහරු එම ආතතීන් තව දුරටත් තීව්‍ර කර පුලුල් ගැටුමක් ඇති වෙනු ඇතැයි යන අවදානම සම්බන්ධයෙන් බිය පළ කරති.
යුක්රේනය සන්නද්ධ කිරීම සඳහා ආධාර අනුබල දෙන පිරිස් විශ්වාස කරන්නේ එක්සත් ජනපදයේ පෙර පැකිලීම මොස්කව් ධෛර්යමත් කර ඇති බවයි. කෙසේ වුවද සමහර විවේචකයෝ ඇමරිකානු සහ බටහිර යුරෝපීය වත්කම්වලට එරෙහිව රුසියානු පළිගැනීම් සිදුවිය හැකි බවට අනතුරු අඟවනු ලබති.
මේ අතර නිව්යෝක් ටයිම්ස් පුවත් වාර්තාව ද අවධාරණය කරන්නේ යුක්රේන හමුදාව මුලින්ම කර්ස්ක් හි රුසියානු සහ උතුරු කොරියානු හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කළ හැකි නමුත්, ප්‍රහාර වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්ත කළ හැකි බවයි.
ATACMS හි දිගුකාලීන හැකියාවන් යුක්රේනයට රුසියානු භූමියේ අභ්‍යන්තර ප්‍රදේශ වෙත පහර දීමට ඉඩ සලසන අතර සැපයුම් මාර්ග සහ හමුදා ඒකාරශිවීම් අවුල් කළ හැකිය.
දිගු දුර ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව දියුණු කිරිම සඳහා කියෙව් තුළ වන ආයාචනය දිගුකාලීනව පැවති එකකි. පුවත් පත වාර්තා කරන ලද බයිඩන් විසින් ලබා දුන් අවසරය සමඟ, ගැටුමේ භූ දේශපාලනික ගතිකත්වය දැන් තිරණාත්මක ලෙස වෙනස් විය හැකිය.
Biden approves Ukrainian strikes deep inside Russia with US missiles – NYT
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..