නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
රටේ සහල් අර්බුදය උත්සන්න වන බැවින් ඊට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
සහල් ආනයනකරුවන් සහ සතොස ඉහළ නිලධාරීන් අතර හමුවක් සතොස ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (19 වැනිදා) පැවැති අතර, එහිදී රටේ සහල් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
මෙහිදී තීරණය කර ඇත්තේ ඉදිරි මහ කන්නයේ වී අස්වැන්න ලබන වසරේ (2025) ජනවාරි මාසයේ ලැබෙන තෙක් රටේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා නාඩු සහල් ඉන්දියාවෙන් ආනයනය කිරීමටය.
ඒ අනුව, දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර මෙම සහල් තොගය ආනයනය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.
සතොස ආයතනය හරහා සහල් ආනයනයට අදාළ ටෙන්ඩර් කැඳවීම සිදුකිරීමට නියමිත අතර, ආනයනික සහල් තොග ලංකා සතොස හරහා පාලන මිලට පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ.
සතොස ප්‍රධාන කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ නාඩු සහල් මෙට්‍රික් ටොන් 75,000ක් ආනයනය කිරීමටය. කෙසේ නමුත්, මුදල් තත්ත්වය අනුව සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ. මුල් වටයේදී ආනයනය කිරීමට නියමිත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000කි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා