News Category
From Date
To Date
Maximum Number of Result

අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩිතැබීමක් සිදුව තිබේ.

මෙරට භූමියෙන් වී වගාකළ හැකි බිම් සියයට 42ක් පමණ ඇති බවත්, නොයෙකුත් දුෂ්කරතා මැද රටට අවශ්‍ය සහල් අවශ්‍යතාවය සපුරන වී ගොවියාට ආණ්ඩුවෙන් නිසි මිලක් නොගෙවන තත්ත්වයක් නැවත ඇති වී තිබෙන බවත් ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පවසයි.

ටෙලෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක කරුස්වාමීන් සුරේන්දිරන් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, උතුරේ සිටින හමුදා පිරිස් අදියරෙන් අදිර අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම සංවිධානයට පොරොන්දු වූ බවයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය හෝ වෙනත් තනතුරකට පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවක් සිදුවී නොමැති බවයි.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 05ක සංචාරයක් සඳහා සඳහා ඊයේ(12) දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බව වාර්තාවේ.


දේශීය පුවත්

ඇමතිගේ නම විකුණා පාස්පෝට් 17ක් ගත් පුද්ගලයා කවුදැයි නියෝජ්‍ය ඇමැති වටගල මේ වනතෙක් හෙළිකර නෑ - සාගර කාරියවසම් (වීඩියෝ)

සුනිල් වටගල නියෝජ්‍ය ඇමැතිවරයා ආගමන විගමන දෙපාර්තමෙන්තුවේ වැඩ භාරගැනීමට ගිය අවස්ථාවේ දී පුද්ගලයෙක් පැමිණ ගුවන් ගමන් බලපත්‍ර 17ක් ඇමැතිවරයාගේ නම භාවිතා කර ලබාගෙන තිබූ බව පැවසූ බව ඔහු විසින් පැවසූ බවත්, එහෙත් අද වන තෙක් ඇමැතිවරයා සමග පැමිණි පුද්ගලයා කවුද, එම ගුවන් ගමන් බලපත්‍ර 17 ගියේ කා වෙතට දැයි මෙරට ජනතාවට හෙළිදරව් කර නොමැති බව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමයි..

ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ජනාධිපති විසින් හිටපු අගවිනිසුරු UN තානාපති කලේ කුමන පදනමකින්දැයි නොදන්නා බව අධිකරණ ඇමති කියයි..

හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුර ලබා දුන්නේ කුමන පදනමකින් දැයි තමන් නොදන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරයි.

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් ඇවිලෙද්දී බොරතෙල් මිලත් ඉහළට..

ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.