තායිලන්ත කාම්බෝජ හමුදාම ගැටුම
තායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමා සම්බන්ධයෙන් වන මතභේදකාරි තත්වය පසුගිය ජූලි 24 වන දින උදෑසන සිට ගැටුමක් දක්වා උත්සන්න වී ප්‍රචණ්ඩකාරී තත්වයන් වර්ධනය විය. දෙරටෙහි දේශසීමාව දිගේ ඇති වූ ගැටුම්වලින් පසුව, දෙපාර්ශ්වයම කාලතුවක්කු ප්‍රහාර වලට එළඹිනි. කාම්බෝජය, තායිලන්තයේ සිවිල් වැසියන්ගේ දේපල ඉලක්ක කරමින් ග්‍රැඩ් බහු රොකට් ප්‍රහාර එල්ල කළේය.
මේ අතර තායිලන්තය කාම්බෝජයේ හමුදා මධ්‍යස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය. දෙපාර්ශ්වයේම සිවිල් වැසියන්ට හානි සිදුවී ඇති බව වාර්තා වේ. කාම්බෝජ ප්‍රහාරවලින් අවම වශයෙන් තායිලන්ත සිවිල් වැසියන් 14 දෙනෙකු මිය යාමෙන් පසුව, තායිලන්තය කාම්බෝජ දේශසීමාවේ පිහිටි පළාත් හතරකින් පදිංචිකරුවන් 100,000 කට වැඩි පිරිසක් ඉවත් කර ගැනීමට කටයුතු කළේය.
තායි සහ කාම්බෝජ හමුදා අතර සටන් පසුගිය 25 වනදා දක්වා දිගටම පැවතුනි, බර කාලතුවක්කු, ගුවන් යානා සහ යුද ටැංකි දෙපාර්ශවයම මේ සඳහා යොදගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. මතභේදාත්මක දේශසීමා ප්‍රදේශයක දෙරටේ හමුදා නිලධාරීන් අතර පසුගිය මැයි 28 වන දින ඇති වූ ගැටුමක් හේතුවෙන් කාම්බෝජ සොල්දාදුවෙකු මිය ගියේය. මේ හේතුවෙන් තායිලන්තය සහ කාම්බෝජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තියුනු ලෙස පිරිහී ගියේය .
ප්‍රංශ යටත් විජිතයක්ව පැවැති මෙම ඉන්දු චීන කලාපය 1907 දී සියම් රාජධානිය (දැන් තායිලන්තය) ප්‍රංශය සමඟ දේශසීමා නිර්ණය කිරීම සම්පූර්ණ කිරීමේදී, තායිලන්තයට සහ කාම්බෝජයට භෞමික ගැටළු යටත් විජිත ප්‍රංශ ඉන්දුචීනයෙන් උරුම කර දෙන ලද්දේය. එම වකවානුව තුළ ප්‍රවේශ විය නොහැකි වීම හේතුවෙන් දේශසීමා නිර්ණය කිරීමේ කොමිසම විසින් දේශසීමාවේ සමහර කොටස් සම්බන්ධයෙන් සාකච්ඡාවට නොගෙන පසෙක තැබුවේය.
මේ අතර 1953 දී කාම්බෝජය ප්‍රංශයෙන් නිදහස ලැබීමෙන් පසු, ඉහත කී දේශ සීමා නිර්ණය නොකළ ප්‍රදේශ භෞමික ආරවුල් වලට නිරන්ත භාජනය විය.
තායිලන්තයේ සහ කාම්බෝජයේ වෙඩි බලය
තායිලන්තය වාර්ෂිකව සිය ආරක්ෂක වැය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 5888 ක් වෙන්කරන අතර කාම්බෝජය ඒ සඳහා වැය කරන්නේ ඩොලර් මිලියන 860ක් පමණි. තායිලන්තය සතුව මිලියන 28ක යුද වැදීමට සුදුසු ශාරීරික තත්වයක ජනකායක් සිටින අතර කාම්බෝජයට ඇත්තේ මිලියන 5.7ක පිරිසකි. තායිලන්ත හමුදාව භට පිරිස් 361,000කින් සමන්විත වන අතර කාම්බෝජය සතුව 221,000ක හමුදා භට පිරිසක් සිටී. තායිලන්ත ගුවන් හමුදාවට ගුවන් යානා 493ක් ඇති අතර ප්‍රහාරක ගුවන් යානා 72ක්ද ඔවුන් සතුව ඇත. එලෙසම් ප්‍රහාර සඳහා යොදා ගත හැකි තවත් ගුවන් යානා 20ක් ඔවුන් සතුව තිබේ. කාම්බෝජ ගුවන් හමුදාවට ගුවන් යානා 25ක් තිබෙන අතර එකදු ප්‍රහාරක ගුවන් යානයක්වත් ඔවුන් සතුව නැත.තායිලන්තය සතුව යුද ටැංකි 635ක් තිබෙන අතර කාම්බෝජය යුද ටැංකි 644ක් අත්පත් කරගෙන සිටී. එලෙසම තායිලන්තයට බහුවිදින රොකට් පද්ධති 26ක් සතුව තිබෙන අතර කාම්බෝජයට බහු විදින රොකට් පද්ධති 463ක් තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..