තායිලන්ත කාම්බෝජ හමුදාම ගැටුම
තායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමා සම්බන්ධයෙන් වන මතභේදකාරි තත්වය පසුගිය ජූලි 24 වන දින උදෑසන සිට ගැටුමක් දක්වා උත්සන්න වී ප්‍රචණ්ඩකාරී තත්වයන් වර්ධනය විය. දෙරටෙහි දේශසීමාව දිගේ ඇති වූ ගැටුම්වලින් පසුව, දෙපාර්ශ්වයම කාලතුවක්කු ප්‍රහාර වලට එළඹිනි. කාම්බෝජය, තායිලන්තයේ සිවිල් වැසියන්ගේ දේපල ඉලක්ක කරමින් ග්‍රැඩ් බහු රොකට් ප්‍රහාර එල්ල කළේය.
මේ අතර තායිලන්තය කාම්බෝජයේ හමුදා මධ්‍යස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය. දෙපාර්ශ්වයේම සිවිල් වැසියන්ට හානි සිදුවී ඇති බව වාර්තා වේ. කාම්බෝජ ප්‍රහාරවලින් අවම වශයෙන් තායිලන්ත සිවිල් වැසියන් 14 දෙනෙකු මිය යාමෙන් පසුව, තායිලන්තය කාම්බෝජ දේශසීමාවේ පිහිටි පළාත් හතරකින් පදිංචිකරුවන් 100,000 කට වැඩි පිරිසක් ඉවත් කර ගැනීමට කටයුතු කළේය.
තායි සහ කාම්බෝජ හමුදා අතර සටන් පසුගිය 25 වනදා දක්වා දිගටම පැවතුනි, බර කාලතුවක්කු, ගුවන් යානා සහ යුද ටැංකි දෙපාර්ශවයම මේ සඳහා යොදගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. මතභේදාත්මක දේශසීමා ප්‍රදේශයක දෙරටේ හමුදා නිලධාරීන් අතර පසුගිය මැයි 28 වන දින ඇති වූ ගැටුමක් හේතුවෙන් කාම්බෝජ සොල්දාදුවෙකු මිය ගියේය. මේ හේතුවෙන් තායිලන්තය සහ කාම්බෝජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තියුනු ලෙස පිරිහී ගියේය .
ප්‍රංශ යටත් විජිතයක්ව පැවැති මෙම ඉන්දු චීන කලාපය 1907 දී සියම් රාජධානිය (දැන් තායිලන්තය) ප්‍රංශය සමඟ දේශසීමා නිර්ණය කිරීම සම්පූර්ණ කිරීමේදී, තායිලන්තයට සහ කාම්බෝජයට භෞමික ගැටළු යටත් විජිත ප්‍රංශ ඉන්දුචීනයෙන් උරුම කර දෙන ලද්දේය. එම වකවානුව තුළ ප්‍රවේශ විය නොහැකි වීම හේතුවෙන් දේශසීමා නිර්ණය කිරීමේ කොමිසම විසින් දේශසීමාවේ සමහර කොටස් සම්බන්ධයෙන් සාකච්ඡාවට නොගෙන පසෙක තැබුවේය.
මේ අතර 1953 දී කාම්බෝජය ප්‍රංශයෙන් නිදහස ලැබීමෙන් පසු, ඉහත කී දේශ සීමා නිර්ණය නොකළ ප්‍රදේශ භෞමික ආරවුල් වලට නිරන්ත භාජනය විය.
තායිලන්තයේ සහ කාම්බෝජයේ වෙඩි බලය
තායිලන්තය වාර්ෂිකව සිය ආරක්ෂක වැය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 5888 ක් වෙන්කරන අතර කාම්බෝජය ඒ සඳහා වැය කරන්නේ ඩොලර් මිලියන 860ක් පමණි. තායිලන්තය සතුව මිලියන 28ක යුද වැදීමට සුදුසු ශාරීරික තත්වයක ජනකායක් සිටින අතර කාම්බෝජයට ඇත්තේ මිලියන 5.7ක පිරිසකි. තායිලන්ත හමුදාව භට පිරිස් 361,000කින් සමන්විත වන අතර කාම්බෝජය සතුව 221,000ක හමුදා භට පිරිසක් සිටී. තායිලන්ත ගුවන් හමුදාවට ගුවන් යානා 493ක් ඇති අතර ප්‍රහාරක ගුවන් යානා 72ක්ද ඔවුන් සතුව ඇත. එලෙසම් ප්‍රහාර සඳහා යොදා ගත හැකි තවත් ගුවන් යානා 20ක් ඔවුන් සතුව තිබේ. කාම්බෝජ ගුවන් හමුදාවට ගුවන් යානා 25ක් තිබෙන අතර එකදු ප්‍රහාරක ගුවන් යානයක්වත් ඔවුන් සතුව නැත.තායිලන්තය සතුව යුද ටැංකි 635ක් තිබෙන අතර කාම්බෝජය යුද ටැංකි 644ක් අත්පත් කරගෙන සිටී. එලෙසම තායිලන්තයට බහුවිදින රොකට් පද්ධති 26ක් සතුව තිබෙන අතර කාම්බෝජයට බහු විදින රොකට් පද්ධති 463ක් තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්