News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය හෝ වෙනත් තනතුරකට පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවක් සිදුවී නොමැති බවයි.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 05ක සංචාරයක් සඳහා සඳහා ඊයේ(12) දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බව වාර්තාවේ.


දේශීය පුවත්

කොළඹ මහ නගර සභාවේ තීරණාත්මක පුරපති සටන හෙට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) පැවැත්වීමට නියමිතව තිබේ.

පිටරට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් හිස ඔසවමින් සිටිනවා – යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ

රට අභ්‍යන්තරයේ ජාතික ආරක්ෂාව පිළිබඳව විශාල තර්ජනයක් පෙනෙන්නට නැතත් විදේශයන්හි එල්.ටී.ටී.ඊ හිතවාදීන් හිස ඔසවමින් සිටින බවක් පෙන්නුම් කරන බව යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) අරුණ වන්නිආරච්චි අවධාරණය කරයි.

ආදායම් වියදම් ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තුව පොලිසියට

ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති පළාත් පාලන ආයතන අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට යොමු කිරීමට කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

සතුරු කණ්ඩායම් පසමිතුරුකම් පසෙකලා අපිට එරෙහිව එකතු වෙනවා - ජනපති ජර්මනියේදී පොහොට්ටුවට, සජබෙට දොස් කියයි..

සිය පැවැත්ම වෙනුවෙන් සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පසමිතුරුකම් ඉවත දමා පළාත් පාලන ආයතනවලදී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.

අදූෂිත වූ පමණින් රටක්, පුද්ගලයෙක් ඉදිරියට යනවාද? - දිලිත් කියන කතාව (වීඩියෝ)

රටේ දූෂණය නැවැත්වීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, එහෙත් අදූෂිත සමාජයක් බිහිකිරීමට දූෂිතයන් හොයමින්, අධිකරණ ක්‍රියාවලියටද බලපෑම් කරමින්, අයතනවලට ද බලපෑම් කරමින් රජය විසින් ගෙන යන වැඩපිලිවෙලේ දී රට අකාර්යක්ෂම තැනකට තල්ලුකරමින් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

විදුලි ගාස්තු වැඩි කිරීමෙන් තේ කර්මාන්තයේ ලක්ෂ 20ක් අනාථයි..

විදුලිය ගාස්තුව සියයට 15කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් දැඩි ගැටළු පැන නැඟී ඇති අතර, මෙය තේ කර්මාන්තයටද තර්ජනයක් බවට පත්වී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ධනේෂ් දේවනායගම් මහතා පවසයි.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.