

චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන ඔක්තෝබර් 17 වැනිදා චීනයේ බීජිං නුවර දී ඇරඹෙන "ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)" සහභාගගී වීමට උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චීනය බලා පිටත් විය.

පකිස්තානයේ විශාලතම ආගමික දේශපාලන පක්ෂය වන Jamiat Ulema-e-Islam (JUIF) හි නායකයා හමාස් සංවිධානය වෙත පසුගියදා මූල්‍ය ආධාර ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කළේය. එලෙසම පෙෂොවර් නගරයේ පැවැති දැවැන්ත රැලියක් අතරතුර ඊශ්‍රායලයට එරෙහි සටනේදී පලස්තීන සටන්කාමී කණ්ඩායමේ යුද පෙරමුණට සහභාගි වීමටද සූදානම් බව ප්‍රකාශ කළ බව ඊයේ පෙෂාවර් ආශ්‍රිත ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනය(NINE; THE HIDDEN STORY) සහ රුසියන් පරිවර්තනය(Скрытая история), පරිවර්තන කෘති දෙකක් ලෙස ජනගත කිරීම ඔක්තෝබර් 13 (අද) සවස 3:00ට කොළඹ 07, ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී (ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) සිදු කිරිමට නියමිතව ඇත.

පලස්තීන ජනතාවගේ දුක්ඛිත තත්ත්වය නොසලකා හැරිය නොහැකි බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල් සුඩානි සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් දිනකට පසු 11 වනදා මොස්කව්හිදි සතිපතා පැවැත්වෙන රුසියානු බලශක්ති සංසදයේදී පැවසීය. මැදපෙරදිග සහ වෙනත් තැන්වල සිටින මුස්ලිම්වරු පලස්තීනුවන් වසර ගණනාවක් තිස්සේ විඳදරාගත් දේ “විශ්වාස කළ නොහැකි තරමට උග්‍ර කර ඇති” දරුණු අසාධාරණයක් ලෙස සලකති.
දේශීය පුවත්
ජනපති අනුර වියට්නාමයට..
ඉන්දියාවේ සිට පැමිණි ගුවන් යානයක් විශේෂ පරීක්ෂාවකට.. කාෂ්මීර ප්‍රහාරයට සම්බන්ධ පිරිසක් පැමිණි බවට දුරකථන ඇමතුමක් ලැබිලා..
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්..
ශ්‍රී ලංකාව පැටලුනේ දැලකද? ඉන්දු-පකිස්ථානු ඇවිළිල්ලේ නොහිතන පැත්ත ආචාර්ය දයාන් ජයතිලක කියයි (වීඩියෝ)
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල කිසිඳු නීත්‍යානුකූල භාවයක් නැහැ - වෛද්‍ය සකුන්තලා සෙනවිරත්න (වීඩියෝ)
කාශ්මීර ප්‍රහාරයට එරෙහිව ශ්‍රී ලංකාවේ විරෝධතා ඇති කළේ කවුරුන්ද යන්න රහසක් නොවේ - පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයෙන් ප්‍රකාශයක්
ඉතිහාසයේ පළමුවරට ජනතාවගෙන්, පාර්ලිමේන්තුවෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් සඟවා ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කරලා - සිවිල් ක්‍රියාකාරික සංක චන්දිමගෙන් චෝදනා (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සග අත්සන් කළ ගිවිසුම්වල කරුණු ජනතාවගෙන් සඟවලා.. ජනතාව මෙම ගිවිසුම් ප්‍රතික්ෂේප කළ යුතුයි - සිවිල් ක්‍රියාකාරිනී ජෙහාන් හමීඩ් (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
