News Category
From Date
To Date
Maximum Number of Result

කෘෂිකාර්මික වකුගඩු රෝගයට ග්ලයිපොසේට් රසායනයේ සෘජු සබඳතාව හෙළිවෙයි.. තොරතුරු හෙලිදරව් කළ පුද්ගලයන් ඉලක්ක කර ග්ලයිපොසේට් සමාගම් ගහපු ගේම් එළියට..

Sep 5, 2025 at 01:12 PM
|

ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපීය රටවල් ගණනාවක පැතිර ගිය කෘෂිකාර්මික වකුගඩු රෝගයට ග්ලයිපොසේට් රසායනයේ සබඳතාවක් තිබිය හැකි බවට 2014 වසරේ දී මහාචාර්ය චන්න ජයසුමන මහතා පරීක්ෂණය කර හෙළිදරව් කිරීමක් සිදුකරන ලද අතර, එහෙත් එම පරීක්ෂණයේ ප්‍රතිඵල ව්‍යාජ බවට විවිධ විද්වතුන් බව කියාගන්නා පුද්ගලයන් මෙන්ම මාධ්‍යකරුවන්ද දිගින් දිගටම සමාජය තුළ ප්‍රචාරයන් දියත්කරන්නට විය.

එහෙත් අද වනවිට ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක් ලෙස ලෝ ප්‍රකට "කේරි ගිලම්" නම් මාධ්‍යවේදිනියක විසින් මේ සම්බන්ධයෙන් කරුනු තහවුරු කරන ලද කෘතියක් එළිදක්වා තිබේ. ඇය මෙම කෘතිය හරහා ග්ලයිපොසේට් රසායනය වකුගඩු රෝග සහ පිළිකා සඳහා මුල්වන රසායනයක් බවට කරුණු අනාවරණය කර තිබේ.

එසේම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා කරුණු අනාවරණය කළ විද්වතුන් යටපත් කිරීමට ග්ලයිපොසේට් නිෂ්පාදනය කරන සමාගම් විසින් දියත් කළ මෙහෙයුමද මෙම කෘතිය හරහා අනාවරණය කර තිබේ. 

මේ සම්බන්ධයෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතා තම මුහුණු පොතේ තබා ඇති සටහනක් පහතින් දක්වා තිබේ.

සුදු හුණු ගෑම-White wash

ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපීය රටවල් ගණනාවක පැතිර ගිය කෘෂිකාර්මික වකුගඩු රෝගයට ග්ලයිපොසේට් රසායනයේ සබඳතාවක් තිබිය හැකි බව මුල් වරට එළිදක්වනු ලැබුවේ 2014 වසරේදී ය. ඒ මගේ ආචාර්ය උපාධි (PhD) අධ්‍යයනයේ කොටසක් ලෙස යි. ඉන් පසු එළැඹි වසර කිහිපය තුළ අපි ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම පර්යේෂණ සිදු කර ප්‍රතිඵල එළි දැක්වීමු. 

ඒ සමග මටත්, සිදුකළ පර්යේෂණයටත්, මා සමග කටයුතු කළ අයටත් පාර්ශ්ව ගණනාවකින් බරපතළ විවේචන, චෝදනා, ගැරහීම් එල්ල විය. මා සිදු කළේ ව්‍යාජ පර්යේෂණයක් බවත්, ප්‍රතිඵල ව්‍යාජ බවත්, බොරැකාරයකු බවත් පැවසිණි. ඇමරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකික (කුලී ලියන්නන්) කිහිප දෙනෙකු ශ්‍රී ලංකාවේ පුවත්පත් කිහිපයකට ද මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ලිපි සැපයීය; ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක ආචාර්යවරු ද සම්මන්ත්‍රණ පවත්වමින්, විද්‍යා සඟරාවලට ලිපි සපයමින්, පුවත්පත් ලිපි සපයමින්, වකුගඩු රෝග සාකච්ඡා පිළිබඳව වේදිකා (online platform) තනා ගනිමින් දිගට හරහට පහර දෙනු ලැබිණි. අපේ පර්යේෂණ පත්‍රිකාව පළකල සඟරාව එතරම් වැදගැම්මකට නැති එකක් බවද පැවසිණි. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ එක් මහාචාර්යවරයකු පැවසුවේ පර්යේෂණ පත්‍රිකාව පළ කළ සඟරාවේ කාර්යාලය කුඩා එකක් බවයි. 

ඒ අවස්ථාවේ මාගේ රැකවරණයට සිටියේ අතලොස්සක පිරිසක් පමණි. ආචාර්ය උපාධි පර්යේෂණය බොරු බව පවසමින් මා සේවය කළ රජරට විශ්වවිද්‍යාලයටත්, පර්යේෂණ සිදුකළ කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයටත් ලිපි සහ ඊමේල් පණිවිඩ ගණනාවක් ලැබී තිබිණි. ඉහළ පෙලේ යැයි කියාගන්නා වෛද්‍යවරු, විශ්වවිද්‍යාල උගත්තු ගණනාවක් රෝගයට කෘෂි රසායනවල සබඳතාවක් ඇති බව පෙන්වා දී තිබියදීත් සිය පණ්ඩිතබව විදහා පාමින් ඒ නුදුටු සේ සිටියහ; ලොකු යැයි පැවසුනු උගතුන් කිහිපදෙනෙක්ම එළව එළවා අපට පහර දුන් හෙයින් බොහෝ අය අප මගහැර සිටියහ.

මෙවර ඇ.එ. ජනපදයට ගිය අවස්ථාවේ මහාචාර්ය සරත් ගුණතිලක මහතා මට අපූරු පොතක් ලබා දුන්නේය. එය ඇමරිකා එක්සත් ජනපදයේ වාර්තාගත අලෙවියක් ලැබූ, සම්මාන ගණනාවක් හිමි කරගත් කෘතියකි. පොතේ නම White Wash (සුදු හුණු ගෑම) ය. එහි කතුවරිය ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක් ලෙස ලෝ ප්‍රකට "කේරි ගිලම්" ය. පොතේ මුඛ්‍ය තේමාව ග්ලයිපොස්ට් නිෂ්පාදනය කළ ඇමෙරිකානු මොන්සැන්ටෝ සමාගම (ඔවුන්ගේ වෙළඳළඳ නාමය රවුන්ඩ් අප්-Round Up) එමඟින් ඇතිවන සෞඛ්‍ය අවධානම යටපත් කිරීමට, සමාගමට සුදු හුණු ගෑමට කටයුතු කළ ආකාරයයි. 

වසා පටකවල ඇතිවන හොජ්කින් නොවන වර්ගයේ පිළිකා රෝගින් (non-hodgkin's lymphoma) කිහිප දෙනකු ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් අධිකරණයේ තමන්ට එම රෝගය වැළඳුණේ මොන්සැන්ටෝ සමාගමේ රවුන්ඩ් අප් රසායනය භාවිතා කිරීමෙන් බවත්, ඊට වන්දි ලබාදෙන ලෙසත් පවසමින් නඩු පවරනු ලැබිණි. ඉතා තියුණු වාද විවාද මැද දීර්ඝ නඩු විභාගයක් මේ උදෙසා පැවැත්විණි. රවුන්ඩ් අප් රසායනයෙන් ඇතිවන සෞඛ්‍ය අවධානම පිළිබඳ අදාළ සමාගම දැන සිටි බවත් ඔවුන් ඒවා සැඟවීමට කටයුතු කළ බවත් අධිකරණයේදී පැවසුන හෙයින් මොන්සැන්ටෝ සමාගමේ ඉහළ නිලධාරීන් අතර සිදු වූ ඊමේල් හුවමාරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග ලැබිණි. අවසානයේ රෝගීන් නඩුව ජයගත් අතර ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික වන්දියක් ඔවුන්ට ගෙවීමට සමාගමට සිදු විය.

කේරි ගිලම් සිදු කළේ අධිකරණයට ඉදිරිපත් වූ මොන්සැන්ටෝ ඉහළ නිලධාරීන් අතර සිදුවූ රහසිගත ඊමේල් පණිවිඩ විශ්ලේෂණය කර එයින් හෙළිදරව් වූ කරුණු කෘතියකට නැගීමයි. පර්යේෂණවලින් හෙළි වූ කරුණු යටපත් කිරීමට, රවුන්ඩ් අප් රසායනයේ භයානකකම අවතක්සේරු කර එය කිසිදු හානියක් නැති රසායනිකයක් බව පෙන්වාදීමට, රවුන්ඩ් අප් අවදානම පෙන්වා දුන් පර්යේෂකයන්ට, විද්‍යාඥයන්ට අවමන් කිරීමට, පර්යේෂණ පත්‍රිකා සඟරාවල පළ කිරීම වැළැක්වීමට ගත් උත්සාහයන් මෙම කෘතියේ දීර්ඝ ලෙස පෙන්වා දී ඇත.

කෘතියේ 120 පිටුවේ මොන්සැන්ටෝ ඉහළ නිලධාරීන් අතර සිදු වූ අපූරු ඊමේල් පණිවුඩ හුවමාරුවක් ගැන දැක්වෙයි. 1997-2004 මොන්සැන්ටෝ ඉහළ නිලධාරියකු ලෙස කටයුතු කළ, පසුව විද්‍යාත්මක සඟරා කිහිපයක කතුවරයකු ලෙස පෙනී සිටි 'රිචඩ් ගුඩ්මාන්' සහ මොන්සැන්ටෝ ප්‍රධානියකු වූ 'ජෝන් විසිනි' අතර සිදුවූ ඊමේල් පණිවුඩ හුවමාරුවක් මෙහිදී ගිලම් උපුටා දක්වයි. කෘෂිකාර්මික වකුගඩු රෝගය සහ ග්ලයිපොසේට් රසායනය අතර සබඳතාව දක්වමින් අප 2014 වසරේ පර්යේෂණ පත්‍රිකාවක් එළිදැක්වීමෙන් පසු එයට පහරදීමට අවශ්‍ය තොරතුරු ලබා දෙන්නයි ගුඩ්මාන් ඉල්ලා සිටියි. එම පර්යේෂණ පත්‍රිකාව ඔවුන්ට විරුද්ධ පත්‍රිකාවක් (anti-paper) ලෙස හඳුන්වා ඇත. වකුගඩු රෝගය සහ ග්ලයිෆොසේට් අතර සබඳතාවක් නැති බව පෙන්වා, අපගේ පර්යේෂණයට අවමන් කිරීමට මොන්සැන්ටෝ සමාගම සක්‍රීය වැඩපිළිවෙළක් දියත් කළ බව කේරි ගිලම් සිය කෘතියේ දක්වා ඇත (Monsanto actively campaigned to discredit the study, saying there was no evidence whatsoever that glyphosate contributes to kidney failure in humans or animals.)”

මොන්සැන්ටෝ වැනි ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනින් ලාභ ලබන ආයතනයක් ප්‍රචාරණ වැඩපිළිවෙලක් දියත් කරන්නේ කවර ලෙසකදැයි සිතා ගත හැකිය. දස වසරකට පෙර අපට එළව එළවා පහර දුන්නේ, ලිපි ලේඛන පළවූයේ, online platform හදාගෙන අවමන් කළේ කාගේ අවශ්‍යතාවට ද යන්න දැන් පැහැදිලිය; එය අහම්බයක් නොවන බව ඉතා පැහැදිලිය. ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතකට එකල ලිපියක් සැපයූ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉහල පෙලේ උගතකු පැවසුවේ ග්ලයිපොසේට් පානය කිරීමෙන් වුව කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බවයි. ඇමරිකාවේ සහ කැනඩාවේ ජීවත්වන උපතින් ශ්‍රී ලාංකික දෙපළක් වන චන්ද්‍රා ධර්මවර්ධන සහ සුනිල් විමලවංශ ග්ලයිපොසේට් වකුගඩු රෝගයට සම්බන්ද නැති බව පවසමින් ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් කිහිපයක ලිපි 50 ක් පමණ පල කරන ලදි (ඔවුන්ට මොන්සැන්ටෝ සමගම හා සබඳතාවක් පැවතියේදැයි මම නොදනිමි).  

මොන්සැන්ටෝ සමාගම මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වියදම් කළ මුදල් සහ ඒවා ලබා දුන්නේ කාට, කවරාකාරයෙන්ද යන්න ද ඇමරිකානු ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් වූ ඊමේල් නිසි පරිදි විශ්ලේෂණයෙන් සොයාගැනීමට හැකි වනු ඇත.

කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවෙන් (හෝ වෙනත් තලාවකින්, කලාවකින්) වැසී යාමට ඉඩ දිය යුතු නැත...


සම්බන්ධිත පුවත් | Related News

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලනමය ගැටලු විසදීම සදහා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු පත්කිරීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
පොලිසියත් මේ වන විට දේශපාලනීයකරණය කරගෙන යන බවත්, එක් පැත්තකින් මේ රටේ අධිකරණය විනාශ කරමින් පවතින අතර, අනෙක් පැත්තෙන් පොලිසියේ ස්වාධීනත්වය කෙලෙසමින් ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් ඊයේ (12) දහවල් නව දිල්ලි නුවරට ළඟා විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වන විට පැවති සියයට 48ක ඡන්ද ප්‍රතිශතය, මේ වන විට රටේ ජනතාවගෙන් සියයට 75 ඉක්මවූ ඉහළ ජන ප්‍රසාදයක් සහ විශ්වාසයක් බවට පත්ව ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජනතාවට දුන් පොරොන්දු තවමත් ඉටුකර ගැනීමට සිය රජයට නොහැකි වූ බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ජන සටන ජන රැලිය මේ වනවිට ආරම්භ වී ඇත්තේ අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේ දීය.
රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.