News Category
From Date
To Date
Maximum Number of Result

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගනුදෙනු ඊබ්‍රහිම් පාස්කු ත්‍රස්ත ක‍්‍රියාවට සම්බන්ධ බවක් එම ප‍්‍රහාරයට අදාල කිසිම විමර්ශන වාර්තාවක සඳහන් වී නැති බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කිරීම සම්බන්ධව වගකීම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලබා දිය යුතු බව කොංග්‍රස් සාමාජිකයන් 12 දෙනකු ලිපියක් මාර්ගයෙන් බයිඩන් පරිපාලනයෙන් ඉල්ලා ඇතැයි ෆොරින් පොලිසි වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ දිස්ත්‍රික්කයක දැනට පැතිර යන මාරාන්තික නිපා වෛරස් ආසාදනය මෙරට පැතිරීමේ අවදානමක් නැතත් එම වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ රසායනාගාර පහසුකම් ලබන සතියේදී මෙරට ස්ථාපිත කරන බව මහරගම අපේක්ෂා රෝහලේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල මහතා පවසයි.

ඉන්දියාවේ තමිල්නාඩු, නාගපට්ටිනම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මඟී ප්‍රවාහන බෝට්ටු සේවයක් ආරම්භ වීමට නියමිත බව තමිල්නාඩු අමාත්‍යවරයකු වන ඊ.වී වේලු මහතා විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණු සරත් ඒකනායක මහතාට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර තිබේ.

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන බවත්, න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා නිව්යෝර්ක් හිදී පවසයි.

ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති 'නිපා' වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අද(22) රටපුරා පිහිටි රජයේ රෝහල් හැත්තෑවක් ඉදිරිපිට දහවල් කෑම පැයේදී විරෝධතාවයක් පවත්වන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ විවාද කොට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයා ගත්තොත් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


දේශීය පුවත්

අනුර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනත හොඳටම උල්ලංඝනය කරලා

ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කරන ලද ප්‍රකාශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 82 වගන්තිය ප්‍රකාරව අයුතු බලපෑමක් සිදුවන බව බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

රජය තාප විදුලි මාෆියාවේ අතකොළුවක් වෙලා: සජිත්

තාප බලශක්ති මාෆියාවේ අතකොළුවක් බවට පත්ව ඇති ආණ්ඩුව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය විනාශ කිරීමට සැරසෙන බව විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ චෝදනා කළේය.

පොලිස් ආරක්ෂාව මැද ගමන් කළ ගුරුවරිය ගැන විමර්ශන

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

ජනපති අනුරට මහා සංඝරත්නයෙන් දැවැන්ත විරෝධයක්.. (වීඩියෝ)

ආණ්ඩුව විසින් ජනතාවට ලබාදුන් පොරොන්දු අද ඉටුකර නොමැති බවත්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පොරොන්දු පවා අද ඉටුකර නොමැති බවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් සඳහන් කරති.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.