සිංහල බෞද්ධ ජනයාගේ දැඩි විරෝධය හමුවේ ඓතිහාසික මහනුවර පූජනීය පුරවරයේ දුරාචාරය ප්‍රචලිත කිරීමේ යටි අරමුණෙන් ඇරඹීමට සූදානම් කර තිබූ රාත්‍රී වෙළඳ කලාපය නවතා දමයි..
ඓතිහාසික මහනුවර පූජනීය පුරවරයේ දුරාචාර ප්‍රචලිත කිරීමේ යටි අරමුණු සහිතව ආරම්භ කිරීමට නියමිතව තිබූ " කැන්ඩි බ්‍රීස්" නම් රාත්‍රී වෙළඳ කලාපය සිංහල බෞද්ධ ජනයාගේ දැඩි විරෝධය හමුවේ නවතා දමා ඇති බව ලංකා ලීඩර් වෙත වාර්තා වේ.
ඓතිහාසික දළදා පෙරහැර අවසන් වී දින කිහිපයක් ඇතුළත එනම් 2025.08.16 දින ආරම්භ වී සෑම සෙනසුරාදාවකම පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම රාත්‍රී වෙළඳ කලාපය පිළිබඳව ඊට පෙර දින සිට ප්‍රචාරය ලබා දෙන ආකාරය දැකගත හැකි විය.
ඉතා සූක්ෂම ලෙස ජනතාව අතර කිසිදු සංවාදයකින් තොරව හදිසියෙන්ම ආරම්භ කර තිබූ මෙම ව්‍යාපෘතිය පිළිබඳව බහුතර මහනුවර මහජනතාව හෝ මහා සංඝ රත්නය හෝ දැනුවත්ව නොතිබුණු බවද වාර්තා විය.
මේ පිළිබඳව විරෝධය දක්වමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර වරයාටද ලිපියක් යොමුකර තිබූ අතර, එම ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එමගින් පෙන්වා දී තිබුනේ මෙම වැඩපිළිවෙල හේතුවෙන් ඓතිහාසික මහනුවර පූජනීය පුරවරයේ දැවැන්ත විනාශයක් සිදුවන බවයි.
මෙම විනාශය වලක්වා ගැනීම වෙනුවෙන් මැදිහත් වූ සියලු පාර්ශ්ව වෙත ජාතික සංවිධාන නියෝජිතයන් සිය ස්තුතිය පළකරනු ලබයි.
අදාළ ලිපිය පහළින්...


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි