News Category
From Date
To Date
Maximum Number of Result

රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ හා ජන සංහාර චෝදනා එල්ල කිරීම සහ දඬුවම් කිරීම සඳහා නීති පැනවීම මගින් ආරක්ෂක හමුදා දුර්වල කර ඒකීය රාජ්‍ය බෙදා වෙන් කිරීමට කටයුතු කිරීම වැළැක්වීම පිළිබඳව "මාතෘභූමි සුරක්‍ෂා"නමින් ලිපියක් මගින් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිවරු සහ අනු නායක හිමිවරුන් දැනුවත් කිරීම "ඒකීය රාජ්‍යය සහ රණවිරුවන් සුරැකීමේ සංවිධාන එකමුතුව" මගින් අද දින සිදු කළහ.

රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්ලග බේස් එක බැගින් සවි කිරීමට එකක් රුපියල් 72000ක මිලකට ප‍්‍රකට ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතාගේ සමාගමකට රුපියල් කෝටි පහ ඉක්මවූ කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව ජන අරගල ව්‍යාපාරය සඳහන් කරයි.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර, නුවර වැව නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී වැව් බැම්ම හරහා ඇති මාර්ගයේ ගේට්ටුවක් වසා තිබීම සම්බන්ධයෙන් සිද්ධියක් වාර්තා විය.

2023 දී අවසන් වරට මනින ලද දින සිට ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ණය අර්බුදය තීව්‍ර වී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) අනතුරු ඇඟවූයේ, එය මහ බැංකුව සමඟ ප්‍රධාන නව මූල්‍ය සාක්ෂරතා ව්‍යාපාරයක් පිටුපස තම බර පැටවූ බැවිනි.

තුනුක්කායිවල දෙමළ කොටි ත්‍රස්තයන්ගේ වධකාගාරයක් තිබූ බවත්, එහි දී මරාදමන ලද දෙමළ වැසියන් පිළිබඳවද මේ වන විට තොරතුරු හෙළිදරව් වෙමින් පවතින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.

ප්‍රබන්ධයකට වඩා වෙනස් කතාවක් මේ වන විට ලොව පුරා ජන මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට පවත්ව තිබේ.

වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීම සඳහා ලබාදී තිබූ කාලය 175 දෙනාගෙන් 80 දෙනකුම වත්කම් බැරකම් ප්‍රකාශ පසුගිය ජුනි මස 30 වැනිදා අවසන් වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතානායකවරයාට බාරදී නැතැයි වාර්තාවේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ගෝලීය ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රධාන අරමුණක් තමයි අමෙරිකානු ඩොලරය ලොව ප්‍රමුඛතම විනිමය ඒකකය ලෙස තවදුරටත් තහවුරු කිරීම වුවත්, දැන් සිදුවන්නේ ඊට ප්‍රතිලෝම ක්‍රියාවලියක් බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර තීරුබදු සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවට ආණ්ඩුව මීට පෙර පැවසුවද, එය ආණ්ඩුවේ බොහෝ කථා මෙන්ම තවත් “බොරුවක්” බවට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.


දේශීය පුවත්

උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි

සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.

කතානායකට විශ්වාසභංගයක්..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම බුද්ධාගමට සිදුකළ දැඩි අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.