තේ සහ සංචාරක ව්‍යාපාරය සඳහා පමණක් නොව, සමීප සංවර්ධන හවුල්කරුවෙකු සහ මිතුරෙකු වන රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට, සමීපව වැඩ කිරීමට සහ ශ්‍රී ලාංකික නිෂ්පාදන වෙළඳාම සඳහා ඇති විශාල රුසියානු වෙළඳපොළෙන් ප්‍රයෝජන ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රුසියානු වෙළෙඳපොළ වේගයෙන් අහිමි වෙමින් පවතින බව රුසියාවේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සහ වෘත්තීය සේවක සංගමයේ හිටපු සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලද අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ මහජන ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට දමිළ ප්‍රගතිශීලි සභිකයින් 05 දෙනෙකුගේ සහයෝගය මත එම සභාවට සභාපතිවරයා වශයෙන් තේරිපත් වූ ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට ලිපියක් ලබා දෙන ලෙසට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක පා.ම. මංජුල සුරවීරආරච්චි සහ ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා සිදු කරන තර්ජන සහ බලපෑම් හමුවේ සභාපතිවරයා සහ ජාතික ජන බලවේගයෙන් එම සභාව නියෝජනය කරන සියලුම සභිකයින් 06 දෙනා මින් ඉදිරියට එම සභාව තුල ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරිමට තිරණය කල බව එම සභාවේ පාලන පක්ෂයේ සභිකයින් පැවසීය.
දේශීය පුවත්
උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත
"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප..
ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි
කතානායකට විශ්වාසභංගයක්..
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..