කලින් ආණ්ඩු මැර වැඩ කලේ හොරෙන්.. මේ ආණ්ඩුව කරන්නේ ප්‍රසිද්ධියේ - පුබුදු ජයගොඩ
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්, සිවිල් පුරවැසියන් ඇතුළු විශාල පිරිසක් එකතුව ඒකාබද්ධ මාධ්‍යය හමුවක් කොළඹ මහජන පුස්තාලයේදී පවත්වන ලදී.
එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ,
“සමහරු හිතනවා යක්කල වුණු සිදුවීම පක්ෂ දෙකක් අතර දේපළ ප්‍රශ්නයක් ඒ නිසා ජාතික ප්‍රශ්නයක් විදිහට ගන්න එපා කියලා. නමුත් අපි කියනවා මේක එහෙම පටු විදිහට ගන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපිත් දන්නවා මේ සිදුවීමේ දේපළ ප්‍රශ්නය විසඳගන්න ඕන අධිකරණයක් ඉදිරියේදී. නමුත් මේ සිදුවීම පිටුපස හැගිලා තියෙන දේශපානලන සංඥා අපි අඳුරගන්න ඕන. මොකද මේ ආණ්ඩුවෙ ගමන් මාර්ගය පිළිබඳව පූර්ව ඉඟියක් තමයි යක්කලදි දකින්නට ලැබුණේ.
ආණ්ඩුවේ ඇමතිවරු මේ සම්බන්ධයෙන් කරන පැහැදිලි කිරීම තමයි අධිකරණ තීන්දුවකින් නීත්‍යානුකූලව කාර්‍යායාලය ලබාගැනීමක් තමයි වුණේ කියන එක. නමුත් අපි ආණ්ඩුවෙන් අහන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන්ට මේ ස්ථානයෙන් ඉවත් වෙන්න කියලා එහෙම අධිකරණ තීන්දුවක් දීලා තියනවද ? සහ එහෙම තීන්දුවක් තියනවනං ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න ඇයි අධිකරණයේ පිස්කල් නිළධාරියා ආවෙ නැත්තේ ? දැන් මේ ආණ්ඩුව පොලිස් බලතලයි අධිකරණ බලතලයි සියල්ලම පවරගෙන වගේ තමයි කටයුතු කරමින් ඉන්නේ. ආණ්ඩුව හිතාගෙන ඉන්නවනං පොලීසි අධිකරණ ඕන නෑ අපි තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා ඒක බරපතළ තත්වයක්. මොකද යක්කලදී මහින්ද ජයසිංහ ඇතුළු ආණ්ඩුවේ මැර කණ්ඩායම ක්‍රියාත්මක වුණේ සර්වබලධාරීන් පිරිසක් වගේ. පොලීසිය මේ සියල්ල වෙන්න දීලා නිහඬව බලාගෙන හිටියා. ආණ්ඩුවේ මේ මැර ක්‍රියා මෙතනින් නතර වෙන්නේ නෑ. ආණ්ඩුව අපිට අද දික් කරපු ඇඟිල්ල ඉස්සරහට මේ රටේ ජනතාවටත් අත් වෙන්න නියමිතයි. එදා යක්කලට ආව මැර කණ්ඩායම වැඩිහිටියන්ගේ ඉඳලා උසස්පෙළ විභාගයට පාඩම් කරමින් හිටපු ශිෂ්‍යයන් දක්වා සියල්ලන්ටම මෙලෙච්ඡ විදිහට පහර දුන්නේ.
අපි සදාචාරය නීතිය කිසි දෙයක් සලකන්නේ නෑ. අපිට ඕන දෙයක් අපි කරනවා කියන සඥාව තමයි ආණ්ඩුව මේ සමාජයට දෙමින් ඉන්නේ. හැබැයි කලින් ආණ්ඩු මේ වගේ මැර වැඩ කලේ හොර රහසේ. නමුත් මේ ආණ්ඩුව මේ මැර ක්‍රියා ප්‍රසිද්ධියේම කරන්න පටන් අරගෙන. පාර්ලිමේන්තු මත්‍රීවරු පවා ඇවිල්ලා ප්‍රසිද්ධියේ බලහත්කාරයෙන් දේපළකට ඇතුල්වෙලා පහරදෙමින් දේපළ විනාශ කරමින් නින්දිත විදිහට තමයි හැසිරුණේ. දැන් ජනතාව තේරුම් ගන්න ඕන කාරණය තමයි ආණ්ඩුවේ මේ හැසිරීම මෙතනින් නවත්තන්න මැදිහත් නොවුනොත් ඉස්සරහට මේක පොරවෙන්වත් කපන්න බැරි පිළිලයක් බවට පත් වෙනවා. මොකද ආණ්ඩුව මේ යන IMF විනාශකාරී මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ කියන්නෙම බලහත්කාරයෙන් මර්දනයෙන් යන්න වෙන පාරක්. ඒ නිසා තමයි ජේ ආර්ගේ ඉඳලා රාජපක්ෂලා වෙනකල් සියලු ආණ්ඩු මැර බලය සහ පාවිච්චි කරගෙන ආණ්ඩු ගෙනිච්චේ. මේ ආණ්ඩුවත් ප්‍රසිද්ධියේ කියලා තියෙන්නේ අපි වෙනස් නොකර IMF කොන්දේසි ඉටු කරන පාරේ යනවා කියලා. අන්න ඒ ගමනට මූලාරම්භයක් තමයි ආණ්ඩුව ඊයේ යක්කලින් පටන් ගත්තේ.
අද මේ නින්දිත ක්‍රියාවට එරෙහිව විශාල පිරිසක් අපි එක්ක එකතුවෙලා ඉන්නවා. වෘත්තීය සමිති නියෝජිතයෝ, කලාකරුවෝ, සිවිල් පුරවැසියන්, දේශපානලන පක්ෂ වගේම රටේ ජනතාවත් ආණ්ඩුවේ මේ හැසිරීම අනුමත කරන්නේ නෑ. ඒ නිසා ඒ සියලු බලවේග එකතුකරගෙන ආණ්ඩුවේ මර්දනයකට එරෙහිව කටයුතු කරන්න අපි සූදානම්. “
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..