News Category
From Date
To Date
Maximum Number of Result

නිදහස ලැබීමෙන් පසුව මෙරට සියලු ජන කොටස් පීඩාවට පත් කරනු ලැබුවේ මේ දක්වා පැවැති පාදඩ දේශපාලනය බවත් රටේ ජනතාව වෙනුවෙන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයකු පෙනී නොසිටින බවත් එබැවින් එම ජනතාව වෙනුවෙන් ශිෂ්ටාචාරය හා විනය ආරම්භ වූ ඓතිහාසික මිහින්තලා පුද බිමෙන් නව නිදහස් අරගලයට මුලපුරන බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණෝ පැවසූහ.

ආදායම් ඉලක්කවලට යාම ඇතුළු ඉලක්ක සම්පූර්ණ කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා දීම නතර කර ඇති බවත්, ආණ්ඩුවේ අධි දූෂණකාරී ප්‍රතිපත්ති පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කනස්සල්ලෙන් පසුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබේ.

ණය පොලී අනුපාත ඉතා ඉහළ අගයක් ගැනීම, විදුලි - ජල බිල්පත්, ගෑස් මිල ඇතුළු බලශක්ති ප්‍රභවයන්ගේ මිල ඉහළ යෑම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා වන බදු ඉහළ දැමීම හා දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ වන ගැටලුකාරී තත්ත්වය යන කරුණු හතර හේතුවෙන් මෙරට දේශීය කර්මාන්ත පද්ධතිය බිඳ වැටී ඇති බවත් එවැනි මොහොතක වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග ETCA ගිවිසුම (Economic & Technology Cooperation Agreement) අත්සන් කළහොත් දේශීය කර්මාන්තකරුවාට සිදු වන්නේ

රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු රණ විරුවකු බව පවසමින්, දෙවැනි ලෝක යුද්ධයේ දී, නාසි හමුදා බලඇණියකට සම්බන්ධ වූ යුක්රේන ජාතිකයකු පාර්ලිමේන්තුවට ගෙන්වා ඔහුට ගෞරව කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එරට පාර්ලිමේන්තුවෙන්, යුක්රේන ජනාපධිතිවරයාගෙන් පමණක් නොව ලොව සමස්ත යුදෙව් වැසියන්ගෙන් ද සමාව ඉල්ලා තිබේ.

අති තීව්‍ර ළමා මන්දපෝෂණ සහිත දරුවන් සිටින දිස්ත්‍රික් අතරට ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කද පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවී තිබේ.

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

හෘද රෝගී තත්ත්වයන් හේතුවෙන් මියයන සහ රෝහල්ගත වන ප්‍රමාණය කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීන් බාලසිංහම් මහත්මිය පවසයි.


දේශීය පුවත්

වැට් සංශෝධන පනත බලාත්මක වෙයි..

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (11 දා) සිය සහතිකය සටහන් කළේය.

ඇමතිවරු සහ නි‌යෝජ්‍ය ඇමතිවරු මන්ත්‍රී ඉන්ධන එපා කියයි

වර්තමාන රජයේ ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරි

ජනාධිපතිගේ අවුරුදු චාරිත්‍ර මෙවර රූපවාහිනියේ නෑ

පෙර වසරවලදී මෙන් ජනාධිපතිවරයා විසින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීම මෙවර සිදුනොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තීරණයක් ගෙන තිබෙනවා.

ඉන්දීය යුධ අවි කර්මාන්තශාලා සහ අවි ගබඩා ලංකාවේ ඉදිකරන්න ගිවිසුමකට එළඹිලා - ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි

ඉන්දීය යුධ අවි කර්මාන්තශාලා සහ අවි ගබඩා ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට ‍ශ‍්‍රී ලංකාව ඉන්දියාව සමග ආරක්‍ෂක ගිවිසුමකට එළැඹ ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරන්නේ යයි දේශපාලන විචාරක දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.

අල්ලස් කොමිසමේ කැඳවීමට හිටපු ජනපති රනිල්ගෙන් පිළිතුරු (නිවේදන)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හට පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම්වත් කිරීමක් අද (11) සිදුකෙරුණා.

ආනයනික ඇමරිකානු නිෂ්පාදන සඳහා චීනය 125% දක්වා තීරුබදු ඉහළ නංවයි

අප්‍රේල් 12 වන දින සිට බලපැවැත්වෙන පරිදි චීනය එක්සත් ජනපදයෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා වන අතිරේක තීරුබදු සියයට 84 සිට 125% දක්වා ඉහළ නංවන බව චීන රාජ්‍ය කවුන්සිලයේ රේගු තීරුබදු කොමිසම අද(11) නිවේදනය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.