News Category
From Date
To Date
Maximum Number of Result

විශ්වවිද්‍යාල තුළ පවතින ගැටලු සඳහා මේ වන තෙක් විසඳුම් ලැබී නොමැති බව පවසමින් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව වැඩ වර්ජනයකට සූදානම් වෙයි.

2025 වසරේ මේ දක්වා කාලය තුළ අලි ඇතුන් 400කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවත්, මෙය දැවැන්ත පාරිසරික ඛේදවාචකයක් බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාරිසරික විද්‍යාඥ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය.

චීනය ඊයේ(15) බීජිං නුවර රඳි සිටින ජ්‍යෙෂ්ඨ ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු කැඳවා, දෙවන ලෝක යුද්ධයේදී (WWII) ජපානය කොන්දේසි විරහිතව යටත් වීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් ජපානයේ යුද්ධයට සම්බන්ධ යසුකුනි සිද්ධස්ථානයට ජපන් දේශපාලඥයන් කළ සංචාර සම්බන්ධයෙන් ජපානයට cඊනයේ දැඩි විරෝදය එල්ල කළේය.

රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබේ.

රුසියාව යුක්රේනයට එරෙහි වසර තුනක් පුරා පැවති යුද්ධයේ කල් පවතින සටන් විරාම ගිවිසුමකට තුඩු දිය හැකි පොදු පදනමක් සොයා ගැනීමේ උත්සාහයක් ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද දින ඇලස්කාවේ ඇන්කරේජ් හිදී හමුවීමට නියමිතය.

මැදිරිගිරිය ගොවි සංවිධාන නියෝජිතයින් සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබිණ.

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබිණි.

2025 අප්‍රේල් 05 දා ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාව සමඟ අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම ඇතුළු ගිවිසුම් 07ට එරෙහි ව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ‍ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 04 වැනි දා තීන්දු කළ අතර, එකී පෙත්සම් දෙක පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ නැවත විභාගයට ගන්නා ලෙස ඉල්ලා අග විනිසුරුවරයා වෙත යැවීම සඳහා ජනතා පෙත්සමක් මේ වන විට සූදානම් කර තිබේ.

දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන වලින් සමන්විත "පලස්තීනය රැකගැනීමේ ජාතික ව්‍යාපාරය" විසින් පලස්තීනයට එරෙහිවත්, මනුෂ්‍යත්වයට එරෙහිවත් සිදුකරන තර්ජනයන්ගෙන් පලස්තීනය රැකගනිමු යන මෙයින් විරෝධතාවක් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ඊයේ (14) පැවැත්විය.


දේශීය පුවත්

උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි

සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.

කතානායකට විශ්වාසභංගයක්..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම බුද්ධාගමට සිදුකළ දැඩි අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.