ලංකාවේ බදු ප්‍රතිපත්තිය අසාර්ථකයි.. - ආර්ථික බිඳවැටීම ගැන හියුමන් රයිට්ස් වොච් සිදුකරන අනාවරණය මෙන්න..
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික බිඳවැටීම තවදුරටත් උග්‍ර වීමට දීර්ඝකාලීන බදු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය ප්‍රධාන හේතුවක් වී ඇති බවත්, එමඟින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්, විශේෂයෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බවත් හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch – HRW) සංවිධානය සිය නවතම වාර්තාව මගින් අවධාරණය කර සිටී.
අදාළ වාර්තාවට අනුව, දීර්ඝ කාලයක් තිස්සේ මෙරට පැවති ප්‍රමාණවත් නොවන බදුකරණය, අධික ලෙස ආයතනික බදු සහන ලබා දීම සහ බදු නීති දුර්වල ලෙස ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රජයට සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය වැනි අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය ආදායම අහිමි වී තිබේ.
ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තියේ බරපතළ දුර්වලතා පිළිබඳව HRW වාර්තාව මඟින් කරුණු දක්වන අතර, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බදු ආදායම (tax-to-GDP ratio) 2023 වසරේදී 7.3% ක් ලෙස වාර්තා වීම, එය ලෝකයේ අඩුම අගයන්ගෙන් එකක් බව පෙන්වා දෙයි. මෙම තත්ත්වය රටේ ආර්ථිකය අර්බුදයකට යොමු කිරීමට තීරණාත්මක බලපෑමක් සිදු කර ඇත.
තවද, HRW සංවිධානය වැඩිදුරටත් අනතුරු අඟවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය “ප්‍රමාණවත් නොවන සහ ප්‍රතිගාමී” (inadequate and regressive) ස්වභාවයක් ගන්නා බවයි.
මෙම තත්ත්වය දිගුකාලීනව රටේ සමාජ හා ආර්ථික ස්ථාවරත්වයට අහිතකර ලෙස බලපානු ඇති බවත්, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී කණ්ඩායම් වෙතින් වැඩි බරක් අය කිරීම මෙහිදී සිදු වන බවත් එම වාර්තාවේ සඳහන් වේ.
අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ප්‍රමාණවත් අරමුදල් සැපයීමට රජයට ඇති හැකියාව බදු ආදායම අඩුවීම හේතුවෙන් බරපතළ ලෙස සීමා වී ඇති බවත්, එමඟින් පුරවැසියන්ගේ ජීවන තත්ත්වය සහ මූලික මානව අයිතිවාසිකම් තවදුරටත් අවදානමකට ලක් කරන බවත් HRW අවසාන වශයෙන් පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..