බාල ඖෂධ විනාශ කරන්න මිලියන 150ක් වියදම් කරලා..
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම්.ඒකකය මගින් තත්වයෙන් අසමත් ඖෂධ ශල්‍ය ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය අපහරණය කිරීම වෙනුවෙන් 2023,2024 වර්ෂ වලදී පිළිවෙලින් රැපියල් 109 756 890 ක් සහ රැපියල් 13 487 006 ඇතුළුව රුපියල් 123 243 896 ක් මුදලක් පුද්ගලික සමාගමක් වෙත ගෙවා ඇති බව ජාතික විඳින කාර්යාලයෙන් නිකුත් කළ නවතම විගණන වාර්තාව අනුව හෙලිව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
මෙම අපහරණ කටයුතුවලදී ළාත් සඳහා වන ලංසු කැඳවීමකින් තොරව හා ගිවිසුම් විෂය පථය පරික්ෂා කිරීමකින් තොරව තාක්ෂණික හැඟීම් කමිටුව හා ප්‍රසම්පාදන කමිටු අදාල අනුමැතියෙන් ලබා දී ඇති බවද විගණනය පෙන්වා දෙයි.
මෙම අපහරණ කටයුතුවලදී ගිවිසුම් ගත මිලට වඩා වැඩි මුදලකට ඖෂධ අපහරණ කටයුතු සිදුවී ඇති බවද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
2015 අංක පහ දරන ජාතිකාශ නියාමනාධිකාරී පනත අනුව ඖෂධ වෛද්‍ය උපකරණ සීමාස්ථ නිෂ්පාදන බැහැර කිරීම සම්බන්ධ සියලු කාරණා මධ්‍යම නියාමනයක් ලෙස කටයුතු කිරීම අධිකාරියේ ප්‍රධාන අරමුණක් වන අතර ින්ට අනුකූල මාර්ගෝපදේශද නිකුත් කර තිබියදී වෛද්‍ය සැපයුම් මේකකය ඖෂධ නියාමන අධිකාරියේ පූර්ණ අනුමැතියකින් තොරව ඉහත සඳහන් ඖෂධ අපහරණ කටයුතු යි සිදුකොට ඇති බවද විගණනය පෙන්වා දෙයි.
පසුගිය කාලෙදි ලංකාවට ගෙන්නන ලද, තත්වයෙන් බාල සහ කල් ඉකුත් වූ ඖෂධ හා ශල්‍ය උපකරණ විශාල ප්‍රමාණයක් දිවයින ස්ථාන කිහිපයක ගබඩා තුළ ගබඩා කර ඇති බවත් මේ සම්බන්ධව තමන් අවස්ථා කීපයකදීම නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාව දැනුවත් කිරීමට උත්සාහ කළද අදාළ උත්සාහයන් වියර්ත වූ බවත්, කොළඹ කෙරවලපිටිය, ගාල්ල, ඉරණමඩු , අනුරාධපුර යන ප්‍රදේශවල මෙම බාල ඖෂධ සඟවා ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ සම්බන්ධව නිසි විමර්ශනයක් සිදුකොට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගත යුතු බව චමල් සංජීව මහතා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..