රණවිරුවන් යුද අධිකරණයට දක්කන විට නිහඬව සිටීම ජාතියට කරන අවමානයක්.. – හිටපු ඇමැති සරත් වීරසේකර
රටේ ගෑස්, ඉන්ධන නැති වූ විට අරගලයක් කළ ජනතාව තමන්ට ජිවත්වීමේ අයිතිය ලබාදුන් රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට යොමුකරන විට නිශ්ශබ්දව සිටීම අපේ ජාතියට කරනු ලබන අවමානයක් බව හිටපු ඇමැති සරත් වීරසේකර මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (16 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී හිටපු ඇමැති සරත් වීරසේකර මහතා මෙසේද පැවසීය.
“60/1 ජිනිවා යෝජනාවේ 14 වෙනි පරිච්ඡේදයේ තිබෙනවා දැනට ක්‍රියාත්මක වන බාහිර යාන්ත්‍රණය තවත් අවුරුදු 02කට දීර්ඝ කළා කියලා. මුලින්ම මේ යෝජනාව ගෙන එන ලද්දේ 2021. එදා සිට පත්වෙච්ච හැම රජයක්ම මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. නමුත් මෙවර මේ රජය මේ යෝජනාව ප්‍රතික්ෂේප කළත් සාම්ප්‍රදායික වශයෙන් ඡන්දයක් ඉල්ලුවේ නැහැ. ඡන්දයක් ඉල්ලපු නැති එක අපි දකින්නේ ඉතාමත් බරපතළ වරදක් සහ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් ලෙසයි.
විදේශ ඇමති ප්‍රකාශ කර සිටිනවා අපි මෙය කොහොමත් පරාජය වන නිසා, මුදල් වියදම් වන නිසා අපි ඡන්දයක් ඉල්ලුවේ නැහැ කියලා. ඒ වගේම රටවල් අතර ගැටුමක් ඇති වන නිසා ඡන්දයක් ඉල්ලුවේ නැහැ කියලා. එය අපිට කවදාවත් පිළිගන්න බැහැ. එය සාවද්‍ය ප්‍රකාශයක්. අඩුම තරමින් රටවල් 14ක් අපිට පක්ෂව ඡන්දය ලබාදෙන්න තිබුණා. වෙනත් රටවල්වල සහයෝගය අපිට ගන්න තිබුණා. මේ යෝජනාවේ ත්‍රස්තවාදය කියලා කොහෙවත් සඳහන් වී නැහැ. මෙහි තිබෙන්නේ බෙදුම්වාදී, ජාතිවාදී දේශපාලන නිසා ඇතිවෙච්ච ජාතිවාදී යුද්ධයක් කියලා. අපේ රටේ තිබුණේ ත්‍රස්තවාදී යුද්ධයක්. ම්ලේඡ ත්‍රස්තවාදය තමයි පරාජය කළේ.
ජාතිවාදී යුද්ධය කියන්නේ සිංහල දෙමළ ජාතීන් අතර කිසිම භේදයක්, ගැටුමක්, යුද්ධයක් තිබුණේ නැහැ. ත්‍රස්තවාදය කියන නම කියන්නේ නැතිව අපේ රටේ බෙදුම්වාදී දේශපාලනයක් නිසා ඇතිවෙච්ච ජාතිවාදී යුද්ධයක් ලෙස කීම දෙමළ ඩයස්පෝරාවේ ජයග්‍රහණයක් හැටියට තමයි අපි දකින්නේ. ඒ ජයග්‍රහණයට තුඩුදුන්න නිසා මේ රජය ඒ තත්ත්වයෙන් අපිව මුදවාගන්න බැරිවුණා. චීනය විතරයි කිව්වේ ලංකාව ත්‍රස්තවාදී යුද්ධයක් ජයගත්ත කියලා.
2021 තමයි 46/1 යෝජනාවෙන් මේ අපේ රටට බාහිරව ජිනිවා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයෙන් අභිමතය අනුව ඒ යාන්ත්‍රණයෙන් රණවිරුවාට විරුද්ධව යුද අපරාධ චෝදනා කළා යැයි කියලා ඒ සම්බන්ධයෙන් සාවද්‍ය සාක්ෂි එකතු කිරීමක් මේ සිදු කරන්නේ.
ඒ වගේම මේ යෝජනාව අපි ප්‍රතික්ෂේප කළත් මේ යෝජනාවේ තිබෙනවා ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවිය යුතුයි කියලා. ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවන්න දැනටමත් මේ රජය කටයුතු කරගෙන යනවා. මෙය තිබෙන්නේ නීතිපතිට උඩින්. නීතිපති තමයි නඩු පවරන්නේ. නීතිපතිටත් උඩින් මේ අභිචෝදක කාර්යාලයටත් පුළුවන් නඩු පවරන්න. එසේ නම් අපේ රටේ ව්‍යවස්ථාවත් මේ සම්බන්ධයෙන් වෙනස් කරන්න වෙනවා. ඒ නිසා මේ වගේ යුද අපරාධ කළා කියලා බොරු සාක්ෂි ඇතිව බාහිර යාන්ත්‍රණයේ තිබෙන සාක්ෂි කවුරුහරි පුද්ගලයෙක් ගෙනත් ප්‍රකාශ කළොත් මේ රණවිරුවාට විරුද්ධව සාක්ෂි තිබෙනවා කියලා අභිචෝදක කාර්යාලයට පුළුවන් වෙනවා නඩු දමන්න."
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..