News Category
From Date
To Date
Maximum Number of Result

‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත පවසන්නේ ටෙලිකොම් ආයතනය විකුණා දැමීම සඳහා ලයිකා මොබයිල් ජාලයේ අධිපති අලිරජා සුබාෂ්කරන්ගේ ප්‍රමුඛත්වයෙන් මේ වනවිටත් ගනුදෙනු පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බවය.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 1 ක් වූ උද්ධමනය නොවැම්බර් මසදී සියයට 2.8 දක්වා වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

වසර ගණනාවක සිට උත්සාහ දරමින් සිටි මේ රටේ සම්පත්, ලෝක ඒකාධිකාරී මහාපරිමාණ ජාවාරම්කරුවන්ට විකුණා දැමීමේ සැලසුම් වර්තමාන ආණ්ඩුව මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින බවත්, මෙරට ජනමාධ්‍ය මෙම කටයුතු වැළැක්වීමට හා මේ පිළිබඳව රට තුළ සාකච්ඡාවක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

2024 වසරේ මෙරට ආර්ථික අර්බූදය බරපතළ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අනතුරු අඟවයි.

උතුරු - නැගෙනහිර පළාත් නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (21) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

රටට අහිතකර අණ පනත් හා ප්‍රකාශන බොහෝ ප්‍රමාණයක් මේ වන විට ශීඝ්‍රයෙන් එළියට එමින් පවතින බවත්, මෙතෙක් කාලයක් හැංගිහොරා සිදු වූ මෙම ක්‍රියාවන් වර්තමාන ආණ්ඩුව යටතේ එළිපිටම ක්‍රියාත්මක වන බවත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

එස්තොනියාවේ සිට SkyUP Airlines පළමු ගුවන්යානාව (U5-9394) අද (දෙසැම්බර් 20 දා) රාත්‍රී 11.50 ට එස්තෝනියා අගනුවර ටැලින් සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මෙරට ගුවන් සේවය, විදුලි සංදේශ සේවය, රක්ෂණ සංස්ථාව වැනි ලාභ ලබන ආයතන 8ක් සම්පූර්ණයෙන් විකුණා දැමීමට මේ වන විට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සම්මත කර ඇති බවත්, පාර්ලිමේන්තුවේ අයවැය කතාවේ දී අනුමතවී ඇත්තේ මෙම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම වුවද, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ඇත්තේ සම්පූර්ණයෙන්ම විකුණා දැමීම ලෙස බවත් දේශහිතෛෂීී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ගෝලීය දෙමළ සංසදය හා රටේ බහුතර ජනතාවක් නොදන්නා අනුනායක ස්වාමීන් වහන්සේලා හත්නමක් අත්සන් තබා ප්‍රකාශයට පත්කළ 'හිමාලයා ප්‍රකාශනය' නම් ලියවිල්ල එළිදැක්වීම පිටුපස බෙදුම්වාදීන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක වන බවත්, එම ලියවිල්ල එළිදැක්වීම සිදුවන්නේ යම් මාර්ග සිතියමකට අනුව බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හෙළිකරයි.


දේශීය පුවත්

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියා - පාකිස්තාන ගැටුමෙන් ශ‍්‍රී ලන්කන් අමාරුවේ..

ඉන්දියාව හා පාකිස්තාන අතර ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය මැද ශ්‍රී ලංකාවේ ගුවන් හා සමුද්‍රීය අංශ කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි වාර්තා වෙයි.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

සරසවි සිසුවාගේ මරණය ගැන අන්තරේ කරුණු කියයි..

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන්ගේ මරණය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

දේශබන්දුට පාතාලයෙන් තර්ජන..

තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් තර්ජන එල්ලවිය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ ඊයේ (1) දැනුම් දී තිබේ.

ආණ්ඩුව ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ජනතාව පාරට බස්සා විරෝධතා කර ඉල්ලාගන්න - මාලිමා නගරාධිපති අපේක්‍ෂක කියයි (වීඩියෝ)

ඉන්දියාව සමග අත්සන් තබන ලද ගිවිසුම් ජනතාව පාරට බස්සා විරෝධතා කර හැකිනම් ඉල්ලා ගන්නා ලෙස ජාතික ජන බලවේගයේ කඩුවෙල නගරාධිපති අපේක්ෂක රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

මැයි රැලියට ගෝල්ෆේස් ආපු මාලිමාවේ කට්ටිය හයිවේ එකේ බස් නතර කරගෙන කරපු දේ මෙන්න.. (වීඩියෝ)

ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය වෙනුවෙන් ජනතාව ගෙන්වීමට බස්රථ විශාල ප්‍රමාණයක් යොදවා තිබූ බව වාර්තා වන අතර, එම බස්රථ වලින් ගාලු මුවදොරට පැමිණි පිරිස් අධිවේගී මාර්ගයේ බස් රථ නවතා ආහාර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.