News Category
From Date
To Date
Maximum Number of Result

විදුලිබල මණ්ඩලයේ කිසිඳු ගැටලුවක් නොමැති බවත් පවතින අඩුපාඩුව වන්නේ විදුලිබල මණ්ඩලයට ගලා එන මුදල් නිසි කළමනාකරණයක් නොකිරීම බවත් විදුලි සේවකයෝ පවසති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා විසින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) සාමාජිකත්වය ගත යුතු බවට නිර්දේශ කර ඇත.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස සිටියදී සූදු ක්‍රීඩාව දෙස බැලුවේ සාරධර්ම සහ රටේ ජනතාවගේ යහපැවැත්ම පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් වන නමුත් ජාතික ජනබලවේගය රටේ පාලනය භාර ගත් නිසා සූදු ක්‍රීඩා පවතින වත්මන් යථාර්ථයට මුහුණ දීමට සිදුවන බව ජාතික ජන බලවේගයේ (NPP) මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතා, සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාව සාර්ථක වුවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති අද (19) පස්වරුවේ පැවසීය.

ඊශ්‍රායලය ඉරානය සමඟ කළ යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලයේ දළ දේශීය නිෂ්පාදිතය 3.5% කින් හැකිලී ගොස් ඇතැයි පැවසේ. මෙය 2023 වසරේ අවසාන කාර්තුවේදී ගාසා, ලෙබනනය, යේමනය සහ සිරියාවට එරෙහිව සම්පූර්ණ යුද්ධයක් ආරම්භ කළ විට ඊශ්‍රායල ආර්ථිකය 20.8% කින් පහත වැටීමෙන් පසුව මාස තුනක කාලයකදී ආර්තිකය පහත වැටීම සනිටුහන් කළ බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වාර්තා පුවත් පත වාර්තා කළේය.

ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අවධාරණය කර සිටියි.

ඊයෙ(18) පැවති එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡා ඔවුන් මෙතෙක් පැවැත්වූ හොඳම හමුව ලෙස යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි මාධ්‍ය වෙත පැවසුවේය.

ලබන මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කරන වාර්තාවෙන් දැඩි අභියෝගයක් එල්ල විය හැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රජය විසින් අනුමත කරන ලද මිලට තම වී අස්වැන්න අලෙවි කිරීමට නොහැකිවීම නිසා තවදුරටත් ගැටලු වලට මුහුණ දී සිටින බව පොළොන්නරුවේ වී ගොවීන් පවසයි.


දේශීය පුවත්

උතුරේ සියලු හමුදා මුරපොලවල් ඉවත් කළා.. සමූහ මිනීවළවල් කැණීම්වලට ජාත්‍යන්තර සහාය ගන්නවා.. - ඇමති විජිත

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්.. මොන කේවට්ටයාද උපදෙස් දුන්නේ?" - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ.. - හෙට ජාතික අක්ෂි රෝහලට..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක්.. - එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

"බුචා සිදුවීම බටහිර සහ කියෙව් පාලනයේ තවත් රඟපෑමක්".. – රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි

සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.

කතානායකට විශ්වාසභංගයක්..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදුදහමට කළ අපහාසයක්.. – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම බුද්ධාගමට සිදුකළ දැඩි අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.