News Category
From Date
To Date
Maximum Number of Result

වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වී සිටින ජනතාව තව තවත් පීඩාවට පත්කරමින් සිදුකළ අනීතික ලෙස හා අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීම සහ එමගින් සිදුකෙරන විදුලි විසංධිකිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකිරීමට පවත්වනු ලබන මාධ්‍ය හමුවක් 2024-01-29 (හෙට) දින බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ දී සවස 2.30 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සත්‍ය සෙවීමේ කොමිසම පනත රාජපක්ෂලාගේ ප්‍රශ්නයක් නොවන බවත්, එහි අනතුර ඇත්තේ මේ රටේ යුද්ධය අවසන් කළ හමුදා නයකයන්ට හා රණවිරුවන්ට බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවද එහි නායකත්ව මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යෝජනා කර ඇති බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ.

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව අභිලාශ (පෞද්ගලික ආයතනවලින් කැමැත්ත) කැඳවා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය.

එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA ) මගීන්ගේ ආරක්‍ෂාව ගැන සඳහන් කරමින් බෝයිං සමාගමට එහි 737 MAX ගුවන් යානා නිෂ්පාදන ධාරිතාවය පුළුල් කිරීම තාවකාලිකව තහනම් කර ඇත.

බුදු දහමට අපහාස කරමින් කටයුතු කරන භික්ෂූන්ට පිටරටවලින් කෝටි ගණන් මුදල් ලැබෙන බවත්, බෞද්ධ යැයි පෙනීසිටින පිරිස් බුදු දහම විකුණාගෙන කමින් බුදු දහමට ආපහාස කරමින් කටයුතු කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.


දේශීය පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය මගින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතු යැයි ඉගෙන ගත යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

ඇමති වාහන දෙකකට සීමා කරමින් චක‍්‍රලේඛයක්

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමේ තොරතුරු දෙන්න ඉන්දියාවේ එකඟතාවයක් අවශ්‍යයි - නලින්ද ජයතිස්ස

පසුගියදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයේ යෙදුනු අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ ආරක්ෂක ගිවිසුමේ ඇතැම් කරුණු හෙළිදරව් කිරීමට ද්විපාර්ශවිය එකඟතාවක් අවශ්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

කැනඩාවේ දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත කැනඩාවේ අධිකරණයේදී පරාජය කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වෙන සම්මන්ත්‍රණයක්

104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (104 Tamil Genocide Education Week Act-TGEWA ) නමින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් විමසීමක් නොකරන බවත් පනත් කෙටුම්පත කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ අංක 93 යටතේ පළාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් නොවන බව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 2025 මාර්තු 27 වන දින තීන්දු කරනු ලැබීය.

’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාරයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.