බැංකු ගිණුම් නැති නිසා 43,703කට අස්වැසුම නෑ..
අස්වැසුම ප්‍රතිලාභින් 43,703දෙනකුට බැංකු ගිණුම් නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ හිමිකම් ප්‍රතිලාභ ඉකුත් වර්ෂයේ දී (2024) ඔවුන්ට ලැබී නොතිබූ බවට අනාවරණය වී ඇත.
මේ හේතුවෙන් සුදුසුකම්ලත් ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ හිමිකම් ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවීමට හෝ අහිමිවීමට ඉඩ ඇති බව විගණනය මගින් අනාවරණය කර ඇත. මෙම ගැටලුව විසඳීම සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 වර්ෂයේ ජුනි මස අවසන් වන විටත් සුදුසු යාන්ත්‍රණයක් ස්ථාපිත කර ක්‍රියාත්මක කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.
අස්වැසුම වැඩසටහනට අනුකූල වන පරිදි සුදුසුකම්ලත් පුද්ගලයන්ට ප්‍රතිලාභ සැලසීමට කටයුතු කළ යුතු බව ද විගණනය මගින් නිර්දේශ කර ඇත. බැංකු ගිණුම් විවෘත නොකළ ප්‍රතිලාභීන්ට ගිණුම් විවෘත කරවීම සඳහා අවස්ථා කිහිපයකදීම පෞද්ගලිකව දැනුවත් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් විගණනයට සඳහන් කර ඇත. අයැදුම්පත් ද්විකරණයවීම, ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කිරීම, ප්‍රතිලාභී පවුල් විදේශගතවීම වැනි විවිධ හේතු මත ගිණුම් විවෘත නොකරන පිරිසක් ද මේ අතර සිටින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විගණනයට සඳහන් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..