News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලී සිටින කාණ්ඩායම්වලට දැනට නොපවතින සහ අදාළ නොමැති දීමනාවක් ලැබෙන්නේ නම් එය ගැටලු සහගත තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි විභාග ශාලාධිපතිනිය, කෘෂි ගුරුවරයා සහ කාර්යාල කාර්ය සාහායකය රුපියල් ලක්ෂ පහබැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළ බව අපේ අධිකරණ වාර්තාකරුවෝ පවසති.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික‍්‍රමය මහත්මිය ඊයේ(01) දිනයේ ඉන්දියානු ණය වේදනා ක්‍රමය යටතේ ප්‍රශ්නගත එන්නත් තොගයක් රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් වන නීති කෘත්‍ය අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී , හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්කැල්ල මහතා රටින් පිටව යාමට පැමිණියහොත් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇතැයි අප අධිකරණ වාර්තාකරුවෝ පවසති.

ඊයේ(01) කොළොඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහතා ඉදිරි දින කිහිපය තුළ මේ අටවා ගෙන තිබෙන ශ්‍රී ලංකාවට භයානක ප්‍රතිඵල අත්පත් කර දෙන තායිලන්ත,සිංගප්පූරු සහ එට්කා ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බව අවධාරණය කරනු ලැබීය.

ඊයේ උදෑසන 6.30ට ආරම්භ කර සෞඛ්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව අද දිනයේත් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරන්නේ සමගි ජන බලවේගය විසින් පසුගියදා පවත්වන ලද විරෝධතාවය පිළිබඳව එහි සභාපති සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශය හෙළා දකින බවයි.

දේශපාලන අරමුණුවලින් තොරව සමාජ මාධ්‍ය නියාමනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එයට කිසිවෙකුත් අකමැති නොවනු ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පවසති.

මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.


දේශීය පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසිය මගින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතු යැයි ඉගෙන ගත යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

ඇමති වාහන දෙකකට සීමා කරමින් චක‍්‍රලේඛයක්

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමේ තොරතුරු දෙන්න ඉන්දියාවේ එකඟතාවයක් අවශ්‍යයි - නලින්ද ජයතිස්ස

පසුගියදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයේ යෙදුනු අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ ආරක්ෂක ගිවිසුමේ ඇතැම් කරුණු හෙළිදරව් කිරීමට ද්විපාර්ශවිය එකඟතාවක් අවශ්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

කැනඩාවේ දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත කැනඩාවේ අධිකරණයේදී පරාජය කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වෙන සම්මන්ත්‍රණයක්

104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (104 Tamil Genocide Education Week Act-TGEWA ) නමින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් විමසීමක් නොකරන බවත් පනත් කෙටුම්පත කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ අංක 93 යටතේ පළාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් නොවන බව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 2025 මාර්තු 27 වන දින තීන්දු කරනු ලැබීය.

’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාරයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.