News Category
From Date
To Date
Maximum Number of Result

තොරතුරු තාක්ෂණ ආයතනය (ICTA) ඇතුළු ආයතන රටේ තිබියදී ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම විදෙස් රටකට ලබාදීමෙන් මෙරටේ සියලු දත්ත එම රටට ලබාගැනීමේ හැකියාවක් ඇති බව එම ක්ෂේත්‍රයේ නිරත විද්වත්හු පවසති.

ඇමෙරිකාවේ “අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට පැනවීමට යෝජනා කළ සියයට 44 ක තීරු බද්ද අඩුකර ගැනීම සඳහා කළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව චීනය සමග කරන වෙළෙඳ කටයුතු යම්යම් සීමා කිරීම්වලට යටත් කිරීමට පියවර ගන්නා ලෙස ඇමෙරිකා බලධාරීන් යෝජනා කර ඇතත් මෙරට මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් එම යෝජනා ප්‍රතික්ෂේප කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.‍

ජනාධිපති අනුර දිසානායක මහතා තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රමුඛ පොරොන්දු 22කින් එකක් ඉටුකර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

පසුගිය ජූනි මාසයේදී ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ආරාම්භ කළ වහාම ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සහ අධිකරණ ප්‍රධානී ගෝලාම්-හොසේන් මොහ්සේනි-එජෙයි මෙන්ම අනෙකුත් ඉහළ ඉරාන ආරක්ෂක සහ හමුදා නිලධාරීන් යන රජයේ ශාඛා තුනේම ප්‍රධානීන් සහභාගී වූ සැසිය බටහිර ටෙහෙරානයේ පිහිටි ශක්තිමත් භූගත පහසුකමක පැවැත්විණි.

2024 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩිජිටල් හැඳුනුම් පතක් නිර්මාණය කිරීම සඳහා අවෙබා්ධතා ගිවිසුමක් අත්සන් කළ බවත්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවූ බව සහ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රුපියල් බිලියන 3ක් ඉලෙක්ට්‍රෝනික හැඳුනුම්පත් ක්‍රමවේදය සැකසීම සඳහා වෙන්කළ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර හමුවක් සිදුව තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති ලෙස එරික් මේයර්ගේ නම සෙනෙට් සභාවට යෝජනා කර තිබේ.

රට දෙකඩ කිරීමේ ඉන්දීය උත්සහය වර්තමානයේ ද නොවෙනස්ව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසති.

චීන ජනාධිපති ෂී ජින්පිං දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වීමට නියමිතව තිබේ.


දේශීය පුවත්

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර ගැටුම් සැලැස්මකට අනුව සිදුවෙන බව පේනවා.. ගැටුම් පසුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක්..- ඇමති ආනන්ද විජේපාල

දිවයිනේ බන්ධනාගාර කිහිපයක එකවර හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වයන් යම් සැලසුම්සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැක පළ වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මහාචාර්ය විමල් දිසානායක අභාවප්‍රාප්ත වෙයි..

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ජන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරත වූ අතිපූජනීය අධ්‍යයනඥයෙකු, සාහිත්‍ය විචාරකයෙකු සහ ප්‍රවීණ ලේඛකයෙකු වූ මහාචාර්ය විමල් දිසානායක අභාවප්‍රාප්ත වී තිබේ.

ලලිත් සහ කුගන් අතුරුදන්වීමේ නඩුව: ගෝඨාභය රාජපක්ෂට සැප්තැම්බර් 29 වැනිදා සාක්ෂි ලබාදෙන ලෙස නියෝග..

යාපනයේ දී අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් සම්බන්ධ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 29 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

රවී සෙනෙවිරත්නගේ රිය අනතුරු නඩුවට මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්..

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රිය අනතුරු නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

කුරුවිට නොසන්සුන්තාව පාලනය කළා.. වෙඩිතැබීමක් සිදුකරීමට සිදුවුනා.. - අධිකරණ ඇමති

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා අවම බලය යෙදවීමට සිදුවූ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.