News Category
From Date
To Date
Maximum Number of Result

වෙනිසියුලාව සිය තෙල් සම්පත සංවර්ධනය කිරීම වෙනුවෙන් තවත් වසර 15කට රුසියාව සමඟ ගිවිසුම් ගතවෙයි! කොලොම්බියාවට ගෑස් අපනයනයටත් අඩිතාලම සකසයි!

Nov 22, 2025 at 09:36 AM
|

පසුගිය 20 වනදා, වෙනිසියුලානු ජාතික සභාව රුසියාව සහ වෙනිසියුලාව අතර උපායමාර්ගික බලශක්ති සන්ධානය තව දුරටත් ශක්තිමත් කරමින් 2041 වර්ෂය දක්වා බොකෙරොන් සහ පෙට්‍රොපෙරිජා තෙල් සමාගම් සඳහා ගවේෂණ සහ නිෂ්පාදන මෙහෙයුම් දීර්ඝ කිරීම අනුමත කරනු ලැබීය.

“රුසියාව සමඟ උපායමාර්ගික බලශක්ති සන්ධානය යටතේ ස්ථාපිත කරන ලද ඒකාබද්ධ ව්‍යාපාර සඳහා වසර 15 ක දීර්ඝ කිරීමක් අනුමත කිරීම සම්බන්ධයෙන් වෙනිසියුලානු ජාතික සභාවට අපි ස්තූතිවන්ත වෙනවා.” වෙනිසියුලානු උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් පැවසීය.

"මෙය අපේ රටේ බලශක්ති අංශය සංවර්ධනය කිරීම සඳහා වැදගත් පියවරක්. අපගේ ශක්තිමත් බලශක්ති හවුල්කාරිත්වය බෙදාගත් ස්වාධීනත්වයේ සහ සමෘද්ධියේ අනාගතයකට සහාය වනවා." ඇය වැඩිදුරටත් පැවසුවාය.

වෙනිසියුලාවට එරෙහි එක්සත් ජනපදය කරනු ලබන බාධාවන්  ගෝලීය බලශක්ති සැපයුම්කරුවෙකු ලෙස වෙනිසියුලාව ශක්තිමත් කිරීමට ජනාධිපති නිකොලස් මදුරෝ දරන උත්සාහය අභිබවා යාම වළක්වාලීමට ප්‍රමානවත් වී නොමැති බව රොඩ්‍රිගස් අවධාරණය කළේය.

“කිසිදු නීති විරෝධී බාධා කිරීමකට අසල්වැසි ජාතීන් සමඟ සංවර්ධනය බෙදා ගැනීමට අපගේ බලශක්ති  ප්‍රභවයන් තුල තිබෙන ශක්තිය යොදා ගනිමින් කරනු ලබන උත්සාහය මැඩ පැවැතිවිය නොහැකියි. රුසියානු-වෙනිසියුලානු මිත්‍රත්වය දිගු කල් දිනේවා!” ඇය පැවසුවාය.

රජයට අයත් පෙට්‍රෝලියෝස් ද වෙනිසියුලා (PDVSA ) සමාගමට අයත් බොකෙරොන් සහ පෙට්‍රොපෙරිජා සමඟ රුසියානු ආයෝජන වලින් සමන්විත ඒකාබද්ධ ව්‍යාපාරයක් සාර්ථකව පවත්වා ගෙන යයි. ඔවුහු වෙනිසියුලානු ඛනිජ තෙල් කර්මාන්තය සඳහා උපායමාර්ගික කලාපයක් වන සුලියා ප්‍රාන්තයේ තෙල් නිස්සාරණ කටයුතුවල නි‍යැලෙමින්  සිටී..

මේ අතර වෙනිසියුලානු ජාතික සභාවේ බලශක්ති හා ඛනිජ තෙල් කොමිසමේ සභාපති නීති සම්පාදක ඔර්ලන්ඩෝ කැමාචෝ පැවසුවේ පෙට්‍රොපෙරිජා විසින් ශුද්ධ බොරතෙල් බැරල් මිලියන 68 ක් සහ ඒ ආශ්‍රිත ගෑස් ඝන අඩි බිලියන 28 කට වඩා නිස්සාරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 292 ක් පමණ ආයෝජනය කරන බවයි. මෙම මෙහෙයුම් බටහිර වෙනිසියුලාවේ විශාලතම විභවයක් ඇති එක් ක්ෂේත්‍රයකට ශක්තිය ලබා දීමට උපකාරී වනු ඇති බව දේශපාලන ආර්ථික විද්වත්හු පවසති.

ආයෝජන විවිධාංගීකරණය, උපායමාර්ගික මිත්‍ර රටවලින් ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සහ තෙල් නිෂ්පාදනය වැඩි කිරීම තුළින් වෙනිසියුලාව සිය ආර්ථික ප්‍රකෘතිය පවත්වා ගැනීමට ගන්නා උත්සාහය මධ්‍යයේ ජාතික සභාවේ තීරණය ප්‍රකාශයට පත් වීම විශේෂත්වයකි.

කැරකස් සහ මොස්කව් පොසිල ඉන්ධන සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් දිගුකාලීන හවුල්කාරිත්වයක් පවත්වාගෙන යාමේදී බොකෙරොන් සහ පෙට්‍රොපෙරිජා දක්වා මෙහෙයුම් දිගු කිරීම පැහැදිලි භූ දේශපාලනික පණිවිඩයක් ද සංඥා කරන බව විද්වත්හු පෙන්වා දෙති.

මේ අතර වෙනිසියුලාවේ කම්කරු සංවිධාන සමඟ ජනාධිපති නිකොලස් මදුරෝ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ වෙනිසියුලාව කොලොම්බියා රජයට ගෑස් අපනයනයට සූදානම් බවයි. එසේම් වැඩිදුරටතත් අදහස් දක්වමින් මදුරෝ, මෙම බලශක්ති අපනයනය ජාතීන් දෙක අතර වැඩි ආර්ථික ඒකාබද්ධතාවයක ආරම්භය සනිටුහන් කරන බව පැවසීය. එය ජාතීන් දෙක අතර ආයෝජන සහ වෙළඳාමේ ඉහළ සමෘද්ධියක් ඇතිවනු ඇති බවට දේසහපාලන ආර්ථික විද්වත්හු පුරෝකථනය කරති.

"අපි ඒකාබද්ධ ද්විපාර්ශවික ආර්ථිකයක් ප්‍රවර්ධනය කළ යුතුයි. මහා කොලොම්බියාවේ අත්තිවාරම් එක්සත් කිරීමට සහ නැවත ගොඩනැගීමට ඉතිහාසය අපට බල කරනවා.!" වෙනිසියුලාවේ බලශක්ති කර්මාන්තය නැවත සක්‍රීය කිරීම සහ කලාපයට එහි සැපයුම් ධාරිතාව පුළුල් කිරීම සඳහා වෙනිසියුලානු පරිපාලනයේ ඇති කැපවීම ඉස්මතු කරමින් මදුරෝ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, වෙනිසියුලාව දිනකට තෙල් බැරල් මිලියන 1.2 ක නිෂ්පාදන මට්ටමට ළඟා වනු ඇති බව මදුරෝ අවධාරණය කරනු ලැබූවේ එය කම්කරු පන්තියේ තිරසාර උත්සාහයන් නිසා ලබාගත් ඉලක්කයක් බවයි.

මෙම බලශක්ති සහ ආර්ථික ප්‍රගතිය බොලිවේරියානු මූලධර්ම යටතේ තිරසාර කළ යුතු බව ද ඔහු  දැඩිව අවධාරණය කළේය.

දෙරට අතර සංස්කෘතික හා සමාජීය සබඳතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොලොම්බියානු පුරවැසියන් මිලියන 6 ක් වෙනිසියුලාවේ ජීවත් වන බව ද ඔහු පෙන්වා දුන්නේය. දේශපාලන විද්වතුන්ට අනුව මදුරෝ ගෙන ඇති පියවර ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් ගැඹුරු කළ යුතු ඓතිහාසික සම්බන්ධතාවයක පිළිබිඹුවකි.

මෙහිදි මදුරෝ වෙනිසියුලාවේ සාර්ව ආර්ථික ප්‍රකෘතිය ඉස්මතු කළ අතර, ලතින් ඇමරිකාව සහ කැරිබියන් සඳහා වූ ආර්ථික කොමිසම (ECLAC) මෙම වසරේ රටේ දළ දේශීය නිෂ්පාදිතය 6% කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවද සඳහන් කළේය.

වෙනිසියුලාවේ ආර්ථික ප්‍රසාරණය අඛණ්ඩව කාර්තු 18 ක් තුළ සිදු වී ඇති බව අවධාරණය කළ මදුරෝ එම ජයග්‍රහනය වෙනුවෙන් කැපවූ සියලු සේවකයින් සහ ව්‍යවසායකයින්ගේ උත්සාහයන්ට ගෞරව කරන බවද පැවසුවේය.

මේ වන විට, වෙනිසියුලානු වෙළඳපොලේ ඇති නිෂ්පාදනවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් දේශීය නිෂ්පාදන වන බව පෙන්වා දුන් මදුරෝ එය බොලිවේරියානු ජාතියේ ආර්ථික ස්වාධීනත්වය පෙන්නුම් කරන සාධකයක් බවද පෙන්වා දුන්නේය.

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.