News Category
From Date
To Date
Maximum Number of Result

විභාගයේ “ප්‍රශ්නපත්‍ර” හා උපකාරක පන්ති “අනුමාන ප්‍රශ්නපත්‍ර” සමානයි... උසස් පෙළ “ආර්ථික විද්‍යා ප්‍රශ්නපත්‍රය” සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්න - ජාතික ගුරු ව්‍යාපාරය

Nov 23, 2025 at 05:48 AM
|

මේ දිනවල පැවැත්වෙන 2025 අ. පො. ස. උසස් පෙළ විභාගයේ “ආර්ථික විද්‍යාව” (Economics) ප්‍රශ්න පත්‍රය සහ ඇතැම් උපකාරක පන්ති ගුරුවරුන් විසින් නිකුත් කරන ලද “අනුමාන ප්‍රශ්න පත්‍ර” අතර බරපතල ලෙස “සැක සහිත සමානකමක් ඇති බවට” චෝදනා කරමින්, ජාතික ගුරු ව්‍යාපාරය විසින් රජයෙන් වහාම විමර්ශනයක් ඉල්ලා සිටී. ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා විසින් බත්තරමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද (22) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මෙම තීරණාත්මක හෙළිදරව්ව සිදු කරන ලදී.

බෝදරගම මහතා පෙන්වා දුන්නේ, උසස් පෙළ විභාගය යනු දරුවන්ගේ අනාගතය තීරණය කරන අතිශය තරඟකාරී විභාගයක් බවත්, මෙවැනි දෝෂයක් නිසා දශම ගණනක වෙනස්වීමකින් හෝ දරුවන් දහස් ගණනකට අසාධාරණයක් සිදුවිය හැකි බවත්ය. රජයේ පාසල් ගුරුවරුන්ගෙන් ලැබුණු තොරතුරු සහ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු මත පදනම්ව, අදාළ ප්‍රශ්න පත්‍රය සහ “කිසියම් උපකාරක පන්ති ගුරුවරයෙක්ගේ අනුමාන පත්‍රය” අතර විශාල සම්බන්ධතාවයක් ඇති බවට තහවුරු වී ඇතැයි ගුරු ව්‍යාපාරය සඳහන් කරයි.

ජාතික ගුරු ව්‍යාපාරය විසින් හෙළි කරන ලද නිශ්චිත දත්තවලට අනුව, ආර්ථික විද්‍යා “බහුවරණ (MCQ) ප්‍රශ්න 50න් 27ක් පමණ” සහ “රචනා (Essay) ප්‍රශ්න 10න් පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්” එම උපකාරක පන්ති ගුරුවරයාගේ අනුමාන පත්‍රයේ සටහන් වී තිබේ.

බෝදරගම මහතා අවධාරණය කළේ, “විෂය ප්‍රවීණයන් නොවුනත්, මෙම ප්‍රශ්නවල සමානතාවය දෙස බලන විට, මෙය කිසිවෙකුටවත්” මේ විදිහට අනුමාන කළ නොහැකි බව පැහැදිලියි. අප විශ්වාස කරන්නේ, අදාළ ගුරුවරයා ප්‍රශ්න පත්‍රය දැකලා එම ප්‍රශ්න පත්‍රයට අනුව අනුමාන ප්‍රශ්න සකස් කර ඇති බවයි.”

මෙම බරපතල චෝදනාව සමාජ මාධ්‍ය තුළ පුළුල්ව සංසරණය වෙමින් තිබියදීත්, “විභාග දෙපාර්තමේන්තුව” හෝ “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)” වැනි කිසිදු වගකිව යුතු ආයතනයක් මේ පිළිබඳව මෙතෙක් කිසිදු විමර්ශනයක් අරඹා නැති බවට ජාතික ගුරු ව්‍යාපාරය දැඩි  කණස්සල්ලෙන් යුතුව විවේචනයක් එල්ල කරයි. සමහර ගුරුවරු ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය තුළ අදහස් ප්‍රකාශ කර තිබුණද, ඒවා සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදුවී නැත.

“මෙම රජය පත්වූ පසු සමහර ආයතනවලට වැළඳුනු ලෙඩක් තමයි පැමිණිල්ලක් කරන තෙක් බලා සිටින එක,” යැයි ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය. මීට පෙර පැවැති පාලනය යටතේ මෙවැනි සිදුවීම් වූ විට වහාම ක්‍රියාමාර්ග ගත් බවත්, අසාධාරණයට ලක්වූ දරුවන්ට සාධාරණයක් කිරීම සඳහා යම් යම් පියවරයන් ගත් බවත් ඔහු සිහිපත් කළේය.

ඒ අනුව, ජාතික ගුරු ව්‍යාපාරය අද දින මාධ්‍ය සාකච්ඡාවේදී “රටම ඉදිරියේ ප්‍රසිද්ධියේ පැමිණිල්ලක්” කරමින්, මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස දැඩි ලෙස ඉල්ලා සිටියේය. මෙම විමර්ශනය සඳහා අවශ්‍ය සාක්ෂි තමන් සතුව ඇති බවද ඔවුහු පැහැදිලි කළහ.

අවසාන වශයෙන්, බෝදරගම මහතා රජයෙන් ඉල්ලා සිටියේ වහාම විමර්ශනයක් සිදුකර වගකිව යුත්තන්ට දඬුවම් දෙනවා මෙන්ම, මෙම සිදුවීමෙන් අසාධාරණයට ලක්වූ දහස් ගණනක් දරුවන්ට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන ලෙසයි.

මෙම සාකච්ඡාවේදී සදුන් බණ්ඩාර බෝදරගම මහතා කරන ලද සම්පූර්ණ පැහැදිළි කිරීම මෙසේය.

“මම සඳුන් බණ්ඩාර බෝදරගම. ප්‍රධාන ලේකම්, ජාතික ගුරු ව්‍යාපාරය. විශේෂයෙන්ම අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමේ අරමුණ, අපි කවුරුත් දන්නවා, මේ වෙනකොට 2025 වර්ෂයට නියමිත අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමින් තියෙන කාල සීමාවක්. එතකොට මේ විභාගයේ සාමාන්‍ය තත්ත්වය තමයි දැන් මේ වෙනකොට විභාගයේ ප්‍රශ්නපත්‍ර ගණනාවක් දරුවෝ උත්තර ලියලා තියෙනවා. 

අපි දන්නවා උසස් පෙළ විභාගය කියලා කියන්නෙම දරුවන්ගේ විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරන විභාගය. ඒ වගේම අපේ ලංකාවේ තියෙන තරඟකාරීම විභාගය. එතකොට මේ විභාගයේ සමහර වෙලාවට “ඉෂෙඩ් ස්කෝර්” වගේ දශම ගණනක වෙනස් වීමකින් දරුවෙක්ගේ අනාගතය තීරණය වෙන්න පුළුවන්. එවැනි විභාගයක අපි දකිනවා මේ වෙනකොට “එකෝන්” එහෙම නැත්නම් ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය. ප්‍රශ්න පත්‍රය දරුවෝ උත්තර ලියලා දැනට දින ගණනාවක් වෙනවා.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දරුවෝ අතරේ යම් ආකාරයක තොරතුරු ප්‍රමාණයක් එළියට යමින් හිටියා, මේ ප්‍රශ්න පත්‍රයේ හා “කිසියම් උපකාරක පන්ති ගුරුවරයෙක්ගේ” උපකාරක පන්ති ගුරුවරයෙක් විසින් නිකුත් කරපු “අනුමාන ප්‍රශ්න පත්‍රයක්” සමග ප්‍රශ්න පත්‍රයේ විශාල සබන්තාවයක් තියෙනවා කියලා. 

හැබැයි අපි ගුරු ව්‍යාපාරයක් විදිහට මේ පිළිබඳව ඉතාම සංවේදීව සහ සංයමයෙන් බලන් හිටියා. මේවා සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙද්දී මීට අදාළ වග කිව යුතු ආයතන, විභාග දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මේ කිසිදු ආයතනයක් මේ පිළිබඳව කිසිදු හැලහොල්මනක් නැතුව ඉන්නවා අපි නිරීක්ෂණය කරා. එතකොට මේ වෙනකොට ඒ අදාල විෂය උගන්නන රජයේ පාසැල් ගුරුවරුන්ගෙන්, අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ, බහුවර්ණ ප්‍රශ්න 50න් ප්‍රශ්න 24කට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 10 න් ප්‍රශ්න 5 කට හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් කිසියම් මේ “විෂය ‍ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකුගේ” අනුමාන ප්‍රශ්න පත්‍රයක සටහන් වෙලා තිබිලා තියෙනවා.

එතකොට අපි විශ්වාස කරනවා ඒ ප්‍රශ්න දිහා බැලුවහම අපි විෂය ප්‍රවීණයෝ නොවුනට, අපිටත් හොඳටම තේරෙන කාරණයක් තමයි, මේ ප්‍රශ්න අපි ළඟ තියෙනවා. අද දිනයේ අපි මේවා මාධ්‍යට නිකුත් කරනවා. මේ දිහා බැලුවාම අපිටත් හොඳටම තේරෙන කාරණයක් තමයි, මේක “අනුමාන වෙන්න” බැහැ. මේක “දිවැසිවරයෙකුටවත්” මේ විදිහට අනුමාන කරන්න බැහැ ප්‍රශ්න පත්‍රය. මේක අපි දකින්නේ, මේක අනුමාන කරලා තියෙන්නේ නියම ප්‍රශ්න පත්‍රය දැකලා. ඒ ප්‍රශ්න පත්‍රයට අනුව අනුමාන කරලා තියෙනවා. මේ අදාල ගුරුවරයා. දැන් අපිට තියෙන කාරණය එකක්. ඒක හින්දා අපි දැඩිව රජයට බලපෑම් කරලා කියනවා මේ පිළිබඳව, මේ පිළිබඳව “වහාම විමර්ශනයක් ආරම්භ කරන්න”. වහාම විමර්ශනයක් ආරම්භ කරන්න. 

මොකද මේකේ දරුවන්ගේ අනාගතය හා සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට අපි මුලදිත් පැහැදිලිව කිව්වා උසස් පෙළ විභාගයේ “ඉසඩ් ස්කෝර්” වගේ දශම ගණනකින් දරුවෙක් ගේ අනාගතයේ තීරණ වෙන්න පුළුවන් විභාගයක්. එතකොට මේක අපි දකින විදිහට, වෙනදා මෙහෙම දෙයක් වුනහම අපි දන්නවනේ.... මීට කලිනුත් මේවගේ දේවල් වෙලා තියෙනවා. මෙවර විතරක් නෙවෙයි. මීට කලිනුත් පැවති පාලනයන් යටතෙත් මේ දේවල් වුණා.

ඒ කාල සීමාවල මෙන්න මේ අද පාලනයේ ඉන්න පිරිස තමයි මේවා අරගෙන එළියට බැහැලා දැඩි ලෙස මේවා විවේචනය කරේ. හැබැයි ඒ කාලවල අපි දැක්ක කාරණයක් තමයි අදාල ආයතන මැදිහත්ව ඒවට අවශ්‍ය නිසි ක්‍රියා මාර්ග ගත්තා. සමහර වෙලාවට ඒ අදාල අයට දඬුවම් පැමිණුවා විතරක් නෙවෙයි. ඒ ප්‍රශ්න පත්‍රය පිට වුනා නම් ඒකට සාධාරණයකුත් කරා. 

සමහර වෙලාවට අපි දැක්කා සමහර ප්‍රශ්නවලට සියලු දෙනාට පිළිතුරු ලකුණු දුන්නා. ඒ විදිහට මේකට සාධාරණයක් කරා. හැබැයි මෙවර අපි දකින කාරණය මේ සියලු කරුණු හෙළි වෙලා තියෙද්දිත් මේ විෂයට අදාල සමහර ගුරුවරු ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය තුළ මේ පිළිබඳව අදහස් පළ කරලා තියෙනවා. ඒ කිසිවක් පිළිබඳව කිසිදු විමර්ශනයකින් තොරව ඉබේම මේක ගලාගෙන යන්න දීලා තියෙනවා. 

ඒක නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ මේ රජය පත් වුණයින් පස්සේ මේ සමහර ආයතන වලට වැළඳුනු ලෙඩක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා “අපිට මේ ගැන එහෙම කවුරුත් ඇවිල්ලා පැමිණිල්ලක් කරලා නෑහැ” කියලා. ඒගොල්ලෝ බලන් ඉන්නවා “පැමිණිල්ලක්” කරනකන් මේවා විමර්ශනය කරන්න. අපිට මතකයිනේ එක විටක ඔය දැරිවියක් අතවරයට ලක්වෙලා. එතකොට කාන්තා හා ළමා කටයුතු ඇමතිතුමියගෙන් ඇහුවම එතුමිය කිව්වේ අපිට එහෙම පැමිණිල්ලක් ඇවිල්ලා නැහැ. කියලා විමර්ශනය කරන්න. 

ඉතින් එහෙම ලෙඩක් තියෙනවා මේ ආණ්ඩුවට. ඒක නිසාදෝ දන්නේ නැහැ මේ කවුරු හරි පැමිණිලි කරනකම් බලන් ඉන්නවද දන්නේ නැහැ. අපි ඉතින් දැඩිව කියනවා අපි අද දවසේ ප්‍රසිද්ධිය මාධ්‍යට කියනවා. ජාතික ගුරු ව්‍යාපාරයක් විදිහට මේකේ වගකීම දරමින්. මොකද අපේ ළඟ ඒකට අදාල සාක්ෂි තියෙනවා. ඒ නිසා ඔන්න “අද පැමිණිල කරනවා රටම ඉදිරියේ” මේ පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කරන්න. 

විමර්ශනයක් ආරම්භ කරලා අදාල අයට දඬුවම් දෙනවා වගේම මේ විභාග ප්‍රශ්න පත්‍රය අපි දන්නවා 150ක් පිට වුණා කියලා කියන්නේ. මේකට සාධාරණයක් කරන්න හැකියාවක් තියෙයි කියලා අපි දන්නේ නැහැ. මේ ප්‍රශ්න පත්‍රයට එතකොට විමර්ශනයක් කරලා අපි අපි සැක පහළ කරලා විතරයි ඒක නිසා තමයි අද දවසෙත් “මේ ගුරුවරයාගේ නම” හෙළි කරන්නේ නැත්තේ. අපි ඒ “සදාචාරය” රකිනවා. එතකොට ඒ කාරණයේ අදාල වෙන්නේ අදාල වගකිව යුතු ආයතනවලට. 

ඒක නිසා අපි කියනවා මේ පිළිබඳව විමර්ශනයක් කරන්න. විමර්ශනයක් කරලා මේ දරුවන්ට, මේ දහස් ගණනක් වෙච්ච දරුවන්ට සාධාරණයක් කරන්න කටයුතු කරන්න කියන කාරණය."

සම්බන්ධිත පුවත් | Related News

සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම තවදුරටත් මූල්‍ය අර්බුදයට යනු ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගුවන් සේවා පිළිබඳ මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.