News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාව චීන නෞකා ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ විශේෂ ආර්ථික කලාපය තුළට විදේශ පරේෂණ යාත්‍රා ඇතුල්වීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් චීන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ කනස්සල්ල පළ කර ඇතැයි වාර්තා වෙයි.

අනුර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳ වැරදි සහගත තොරතුරු සමාජගත කිරීමේ උත්සාහයක් ඇති බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පසුගිය දිනවල අවස්ථා දෙකක දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියේ භාෂාව ඉංග්‍රීසි වියයුතු බවට ඉදිරිපත් කළ මතවාදය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රමුව පිළිබඳව විශ්ව විද්‍යාල අචාර්යවරුන් දැඩි විරෝධයක් දක්වා තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් හඳුනාගෙන ඇති පරිදි රාජ්‍ය බැංකුවල ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.

පිටස්තරයන් පැමිණ සමගි ජනබලවේගය අක්‍රමණය කරමින් සිටින බවත්, එම පක්ෂය අද ශෝචනීය තත්ත්වයකට පත්ව ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් කටුගම්පළ ආසනයේ එජාප සම සංවිධායක හා කටුගම්පළ ආසනයේ සජබ හිටපු ආසන සංවිධායක අසංග පෙරේරා මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන ජනාධිපතිවරණයට අලියා ලකුණින් නොව වෙනත් පොදු ලකුණකින් ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා ඊයේ (09දා) පැවසීය.

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම හා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමේ වගකීම එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පවරා ඇති බව වාර්තා වේ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


දේශීය පුවත්

උපකාර පන්ති ගුරුවරියට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් ඇගයීම සඳහා ඉකුත් අප්‍රේල් 17 සහ 18 යන දිනයන්හීදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමක් අනුව බව වාර්තා වේ.

ආණ්ඩුව ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නැගුවා - ඉන්දික අනුරුද්ධ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්ළි බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඊයේ (21) පැවසීය.

මාලිමා ආණ්ඩුව යටතේ අරඹා ඇති පාස්කු විමර්ශන වලින් සාර්ථක ප්‍රතිඵල

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල ජන රැළියේදී පැවසීය.

තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

දළදා මාලිගාවට ගැසූ අය ඊට සමාව ගැනීමට කටයුතු කිරීම ඉතාම හොඳ ක්‍රියාවක් - රනිල් වික්‍රමසිංහ

ලබන 6 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම ආණ්ඩුව ජයග්‍රහණය නොකරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

මර්වින් මැයි 5 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.