බාල ගල් අගුරු හොඳයි කියා සහතිකයක් දී ඇති නිසා දඩ අය කරගැනීමත් අර්බුදයක.. - පාඨලීගෙන් අනාවරණයක්..
මෙරටට ගෙන්වනු ලබන බාල ගල්අඟුරු හේතුවෙන් රජයට සෑම නැවකින්ම රුපියල් කෝටි 90ක පමණ අතිවිශාල පාඩුවක් සිදුවන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අදාළ ගල්අඟුරු දහනය කිරීමෙන් අපේක්ෂිත මෙගාවොට් 300ක විදුලි ධාරිතාව වෙනුවට ලැබෙන්නේ මෙගාවොට් 238ක් වැනි අඩු ධාරිතාවක් බවත්, මේ හරහා නැව් 25ක් මෙරටට පැමිණීමේදී සිදුවන මුළු පාඩුව ගණනය කළ නොහැකි තරම් විශාල බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මෙම බාල ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් දඩ අය කර ගැනීම පිළිබඳවද මේ වන විට බරපතල ගැටලුවක් මතු වී ඇතැයි හිටපු අමාත්‍යවරයා අනාවරණය කළේය.
දැනට ලැබී ඇති තොරතුරු අනුව දඩ අය කරගෙන ඇත්තේ පළමු නැවෙන් පමණක් වන අතර සෙසු නැව් සඳහා දඩ අය කර ගැනීම නීත්‍යානුකූලව සිදු කළ නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.
එයට හේතුව වී ඇත්තේ, අදාළ ගල්අඟුරු නිසි පිරිවිතරයන්ට අනුකූල බවට ලංකා කෝල් සමාගම විසින් සහතික කර තිබීමයි. මේ හේතුවෙන් රාජ්‍යයට සිදුවන පාඩුව අය කර ගැනීමට ඇති නීතිමය ඉඩකඩ ඇහිරී ඇති බව රණවක මහතා අවධාරණය කරයි.
විදුලිබල මණ්ඩලය විසින් එළඹෙන අප්‍රේල් 01 වැනිදා සිට විදුලි ගාස්තු සියයට 5කින් ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර ඇති බව රණවක මහතා පැවසීය.
ගල්අඟුරු කිලෝවක සැබෑ මිල රුපියල් 30ක් පමණ වුවද, රජය එය රුපියල් 39 ත් 43 ත් අතර මිලකට ගණනය කරමින් පවතින පාඩුව මහජනයා මත පැටවීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කරයි.
මෙම ගනුදෙනුව පිටුපස 'මේටයිඩන්' නමැති, ඉන්දියාවේ පවා දඬුවම් ලැබූ සහ මුදල් විශුද්ධිකරණයට ප්‍රසිද්ධ සමාගමක් සිටින බව රණවක මහතා ප්‍රකාශ කළේය., ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් සිදුකරන මෙම ගනුදෙනු හරහා අදාළ සමාගම අතිවිශාල අයුතු ලාභයක් ලබන බවද ඔහු පෙන්වා දෙයි.,
රාජ්‍ය අරමුදල්වලට සහ ලක්ෂ 75ක් වන විදුලි පාරිභෝගිකයන්ට සිදුකර ඇති මෙම අතිවිශාල හානිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් වහාම ආරම්භ කළ යුතු බව හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..