ආණ්ඩුව වී වලට සහතික මිල පනවන්නේ මහා මෝල්කරුවන්ගෙන් අහලා - ගොවියා වළපල්ලට.. ආහාර සුරක්ෂිතතාව අනතුරට - ජාතික සංවිධාන චෝදනා කරයි
ආණ්ඩුව මේ වන විට බහුලව වගා කරන සහ බහුලව පරිභෝජනය කරන නාඩු සහල්වලට අදාළව වී කිලෝ ග්‍රෑම් 1ක් සඳහා සහතික මිල රු. 120ක් සහ සහල් සඳහා තොග මිල රු. 225ක් සහ සිල්ලර මිල 230ක් ලෙස පනවා ඇත. මේ පිළිබඳව ගොවීන්ගේ බරපතළ විරෝධය එල්ල වීම සහ රොල්ස් රෝයිස් හෝ ජෙට් යානා මිලදී ගන්නා මහා මෝල්කරුවන්ගේ සතුට ප්‍රකාශ වීමේ පරස්පරය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"ආණ්ඩුව මේ තීරණය ගන්නේ කිසිඳු මනුස්සකමක් හෝ රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අබමල් රේණුවක දැනුමක් හෝ සැලකිල්ලක් නැතිව බව ඉතා පැහැදිලියි. මේක ඡන්දයට සහ ඉන්පසුව ඇමතිවරුන් නඩත්තු කරන්න මුදල් ලබාදෙන මහා මෝල් හිමියන්ගේ උපදෙස් අනුව කළ දෙයක්. ගල්වැලි නැති සහල් දීමේ ගෞරවය නිසා ඔවුන් කියන ආකාරයට වැඩකළ යුතු යැයි ඇමති ලාල් කාන්ත ගොන් කතා කිව්වට දැන් තාක්ෂණය ඉතා දියුණුයි. කුඩා මෝල්වල සහල් පවා ඉහළ ගුණාත්මක තත්ත්වයේ තිබෙනවා.
අපේ රටේ වී ගොවියා කන්න දෙකක් වැඩකළ හොත් දිනකට වැටුපක් ලෙස උපරිම වශයෙන් ලැබෙන්නේ රු. 750 යි. වතු කම්කරුවන්ට දිනකට 1750ක් ගෙවිය යුතු බවට හිත් උණූවී කඳුළු සලන පාලකයින්ට වී ගොවියාගේ දුක පිළිබඳව කිසිඳු සංවේදීතාවයක් නැහැ. ගොවියාට නාඩු සඳහා රු. 130ක් සහ සම්බාවලට 135ක් ගෙවලා ආණ්ඩුව නියමකරන උපරිම සිල්ලර මිලට සහල් දෙන්න පුළුවන්. සහල් කිලෝ ග්‍රෑම් 2ක් සඳහා වී කිලෝ ග්‍රෑම් 3ක් අවශ්‍යයි. ඒ අනුව නාඩු සහල් කිලෝ එකක් සඳහා කෙටුම් කුලිය රු. 10ක් වූ විට සහල් කිලෝ ග්‍රෑම් 1ක පිරිවැය රු. 200යි. ප්‍රවාහන සහ ගබඩා වියදම් ඇතුළුව 225 ක තොග මිලට දෙන්න පුළුවන්.
ගොවියා වී ගොවිතැන අත්හැරීම මගින් රටේ ආහාර සුරක්ෂිතතාවයට වන විපත පිළිබඳව පාරිභෝගිකයා හෙවත් රටේ ජනතාව දැනුවත් කළහොත් නාඩු සහල් සිල්ලර මිල 240කට නියමකර, කුඩා මෝල්හිමියාත් ආරක්ෂාවන ආකාරයට වී වලට 235ක් ගෙවන්නත් පුළුවන් කිිසිඳු ගැටලුවක් නැතිව. ආණ්ඩුව කරන දුෂ්ට, අමනුස්ස, ගොන් තකතීරු වැඩ නිසා ගොවියා දුකට පත්වෙනවා. රටේ ආහාර සුරක්ෂිතතාව අනතුරට පත්වෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..